සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමන්ත ප්‍රීතිකුමාර ඝාතනය කළ පොලිස් වධකයින්ට මානව හිමිකම් කොමිසමෙන් ලැබුණු ඉතිහාසගත තීන්දුව!

by editor
අගෝස්තු 1, 2025
in පුවත්
Exif_JPEG_420

Exif_JPEG_420

Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

  • වගඋත්තරකාර පොලිස් ඝාතකයින්ට    එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසටද පොලිස්පතිවරයාට මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශයක්…

  • පුද්ගලයන් අත් අත් අඩංගුවේදී සිටියදී මිය යාම සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව කටයුතු කරන්නේද යන්න අධීක්ෂණය කිරීමට සුදුසු නිළධාරියකු පත් කිරීමට පොලිස්පතිවරයාට මානව හිමිකම් කොමිසමෙන්  නියෝගයක්…

ඔබට  පොලිස් මිනීමරුවන් විසින් සිදුකළ මේ  ඝාතනය මතක ඇතැයි සිතමු.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ මානව සම්පත් හා පරිපාලන අංශයේ කළමනාකාර සහකාරවරයෙක් ලෙස සේවය කළ සමන්ත ප්‍රීතිකුමාර  ඔහු  සිද්ධිය වූ දින   කොළඔ, නාරාහේන්පිට පිහිටි ‘නිපුණතා පියස’ ගොඩනැගිල්ල ඉදිරිපස වෙළෙඳ සැලකට ගිය අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයෙකු ප්‍රමුඛ 05 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත් අඩංගුවට ‍ගෙන පැහැරගෙන ගොස් තිබිණ. ඒ 2023 ජනවාරි  10 වැනිදාය.

අනතුරුව   ගොස් නෙළුම් කුළුණ පිහිටි ස්ථානයකට නුදුරු බැරක්කයක රඳවාගෙන පහර දී මරා දමා තිබුණේය. ජනවාරි 10 වැනිදා එම ඝාතනය සිදුකර තිබුණ ආකාරය මාධ්‍ය හෙළි කළේය.

සමන්ත ප්‍රීතිකුමාරගේ අවසන් කටයුතු පසුගිය 2023/01/14 දින පසුවරුවේ තෙල්වත්තේදී සිදු කෙරුණි. එහිදී අනුශාසනාවක් කරමින් හික්කඩුව දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මීවනපානේ ධම්මරතන හිමියෝ මෙසේ ප්‍රකාශ කළහ.

“මරණය හා මැරීම යන්න කරුණු දෙකක්. මෙය සංවේදී මරණයක්. රටේ නීතියක් නැහැ. සමහර පොලිස් කාරයන් විතරක් නෙවෙයි, පොලිස් ලොක්කන්ගෙ ගෙවල් වලත් කූඩු තියෙනවා කියල මාධ්‍ය වාර්තා කරනවා. පොලිස් අධිකාරීවරුන්ගේ නිල නිවාස වල වහලේ ගංජා මිටි හංගගෙන විකුණනවා. ඒත් අහිංසක මිනිසුන් අල්ලගෙන ගිහින් ගහලා වද දීලා මරනවා. මෙය බරපතළ තත්ත්වයක්. ගහලා මරන්න පොලිසියට නීතියක් නැහැ. දඬුවම් දෙන්න උසාවි තියෙනවා. පොලීසියට ඕන ඕන විදියට ගහල ඔලු පලන්න මරන්න රටේ නීතියක් තියෙනවා ද කියලා අපි අහනවා.“

මේ අයගෙ බිරිඳ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැදගත් රැකියාවක් කරන කෙනෙක්. අනෙක් අයත් එහෙමයි. දරුවො දහම් පාසලට යන්නේ කොහොමද?. එක රැයින් තමන්ගේ තාත්තා කුඩුකාරයෙක් කරලා. මේවා සහගහන අපරාධ. අද දරු පවුලක් අනාථ කරල, විතරක් නෙවෙයි, ඒ අයට පාරේ තොටේ යන්නත් අවස්ථාවක් නැති කරලයි තියෙන්නෙ. මේවාට නීතිය සාධාරණව ක්‍රියාත්මක විය යුතුයි. “

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

“මේ මරණයෙ ගැන පොලිසිය සඳහන් කරන්නේ ප්‍රීති කුමාර තරුණයා කුඩුකාරයෙක් පාතාලයෙක් විදිහටයි. එනිසා දරුවන්ට පියා නැති වේදනාවට වඩා වේදනාවක් ඇති වෙනවා. පාසල් යන්න දහම් පාසලට යන්න බැරිවෙලා තියනවා.  පසුගිය දවස් වල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගෙ වහලෙ සිවිලිමේ තිබිලා තමයි, ගංජා මිටි පිටින් එළියට ආවේ. ඒක තමයි ඇත්ත. රටේ ඇතැම් ජනමාධ්‍ය හරි හැටි තොරතුරු නොදැන පොලිසිය කියන කියන දේ ලියලා ජීවත් වෙනවා. මිනිස්සු නොමරා මරනවා. සත්‍යය පිළිබඳ සොයල වාර්තා කරන්න කියල ඒ අයට අපි කියනවා. මරණය පොළොවට යනවා. ඉන්න මිනිසුන් ජීවත් විය යුතුයි. අද ඒ අයටත් ජීවිතය අහිමි කරලා“

නිතියක් නැති රටක මරණය මෙන්ම ජීවිතය ද මරණයක් බව උන් වහන්සේ කීහ.

තුප්පහි ඝාතනයේ නිරුවත අද මානව හිමිකම් සභාව අභියස හෙළිදරවු වුනේය. සමන්ත ප්‍රීතිකුමාරගේ බිරිය වූ  ටී.බී.දිල්රුක්ෂි ප්‍රියදර්ශනී   විසින් මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 25 ක මුදලක් අගතියට පත් පාර්ශවයට ගෙවීමට මානව හිමිකම් කොමිසම නිර්දේශ කළේය. මරා දැමූ මනුෂ්‍යයෙකුගේ ජීවිත වටිනාකම ලක්ෂ විසි පහක් නොවේ.  එහෙත් විශේෂත්වය වන්නේ  එය මානව හිමිකම් ඉතිහාසයේ මෙතෙක් ගෙවීමට සිදුවූ වැඩිම වන්දි මුදල මෙය වීමය.

පැමිණිලිකාර පාර්ශවය වන ටී.බී.දිල්රුක්ෂි ප්‍රියදර්ශනී   විසින් මානව හිමිකම් කොමිසම වෙත කරන ලද පැමිණිල්ලේ පළමු වග උත්තරකරු ලෙස කොළඹ 01 පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශයේ උප පොලිස් පරීක්ෂක තිලංක නම් කර තිබිණි. ,අනෙකුත් වග උත්තරකරුවන් වශයෙන් පොලිස් සැරයන් 8824 බාලසූරිය, පොකො 9000 කලුආරච්චි, පොකො 93682 අභිෂේක, පොකො 83808 විකුම් ආරියසිංහ, පොකො 31996 හේරත්, පොකො 92447 තිලිණ මදුෂාන්, පොකො  61323 සංජීව සම්පත්, උප පොලිස් පරීක්ෂක තිලෝක නුවන් නම් කර  නම් කර තිබුණේය.

මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වුන පැමිණිල්ල

මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ ටී.බී දිල්රුක්ෂි ප්‍රියදර්ශනී  සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේ කළමණාකරණ සහායක ලෙස සේවය කළ තම ස්වාමිපුරුෂයා වූ සමන්ත ප්‍රීති කුමාර 2023 ජනවාරි 10 දින ඉහත වග උත්රකරුවන් විසින් අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් අත් අඩංගුවට ගෙන නීති විරෝධීව රඳවාගෙන කෲර වද හිංසාවට ලක් කර ඝාතනය කර ඇති බවය.

එම පැමිණිල්ල විභාග.කරන ලද මානව හිමිකම් කොමිසම 1978 ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11,12,13(1) සහ 13(4) ව්‍යවස්ථාවන් මගින් සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරමින් එම වන්දි මුදල අගතියට පත් පාර්ශවයට වග උත්තරකාර පාර්ශවය විසින් ගෙවිය යුතු බවට නිර්දේශ කරන ලදී. එහිදී වැඩිදුරටත් කොමිසම මෙම වග උත්තරකරුවන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසටද පොලිස්පතිවරයා වෙත දන්වා ඇත.

මෙම පැමිණිල්ල විභාගයේදී වග උත්තරකාර පාර්ශවය සමන්ත ප්‍රීති කුමාර අත්අඩංගුවට ගැනීම හා ඔහු මරණයට  පත් වීම සම්බන්ධයෙන් කොමිසම වෙත ඉදිරිපත් කරන ලද ප්‍රකාශයන් තුළ සදහන් වූයේ  සමන්ත ප්‍රීති කුමාර නැමැති අය පොඩි ලැසී නම් මත් ද්‍රව්‍ය ජාවාරම්කරු ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට පෞද්ගලික තොරතුරු කරුවෙකුගෙන් ලැබුණ රහස්‍ය තොරතුරක් ලැබුණ බවත් එම තොරතුරට අනුව සමන්ත ප්‍රීති කුමාර අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී හොරොයින් මත් ද්‍රව්‍ය හා ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් තුළින් උපයා ගන්නා ලද බවට සැක කළ හැකි රුපියල් එක් ලක්ෂ පනස් දාහක මුදලක් සොයා ගත් බවත්ය.

ඉන් අනතුරුව සැකකරු නෙළුම් කුළුණ අසල මත් ද්‍රව්‍ය කාර්යංශයේ බැරැක්කයට ගෙන ගිය බවත් එහිදී සැකකරු නිළධාරීන්ට පහරදී පලා යාමට උත්සාහ කිරීමේදී පොර බැදීමේදී සිහිසුන් වූ විට ජාතික රෝහළ වෙත ගෙන යන අතරමගදී මිය ගිය බවත් වග උත්තරකාර පාර්ශවය වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

එහෙත් කොමිසන් සභාව සිදු කළ විමර්ශන වලදී හෙළි වී තිබුණේ වග උත්තරකාර පාර්ශවය වෙත ලැබුණ තොරතුර ලද පසුව අනුගමනය කළ යුතු නියමිත ක්‍රමවේදයන් අනුගමනය කර නැති බවය.

කොමිසමේ තීන්දුව

එහිදී මියගිය තැනැත්තාට වද හිංසා පමුණවා ඇති බවට ප්‍රබලම විද්‍යාත්මක සාක්ෂිය වන අධිකරණ වෛද්‍ය වාර්තාවේ මිය ගිය අය ගේ ශරීරයේ තුවාල 49 ක් තිබූ බවටත් මොට ආයුදයකින් සිදු වූ  බහු මෘදු පටක තුවාල හේතුවෙන් ඇති රක්ත පාත කම්පනය හේතුවෙන් මෙම මරණය සිදු වී ඇති බවටත් සඳහන් වී ඇති බව මානව හිමිකම් කොමිසම් තීන්දුවේ දක්වා තිබේ.

වග උත්තරකාර පාර්ශවය විසින්ම පිළිගනු ලැබ ඇති අයුරින් අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයකු ප්‍රශ්න කිරීම සඳහා පොලිස් ස්ථානයකට ගෙන යාමෙන් තොරව හා එම අත් අඩංගුවට ගැනීම පිළිබඳව වැටලීම් භාර නිළධාරී දැනුවත් නොකිරීම හරහා 2747 /2023 පොලිස්පති චක්‍රලේඛයේ 5.1,5.6 5.7 වගන්ති වල විධි විධානයන් අනුව වග උත්තරකාර කාර පර්ශවය ක්‍රියා කර නැති බවද  මෙහිදී කොමිසම නිරීක්ෂණය කර තිබූණි.

කෙසේ වෙතත් මේ සියලු කාරණා සළකා බලන ලද මානව හිමිකම් කොමිෂන් සභාව පැමිණිකාර පර්ශවයේ මානව අයිතිවාසිකම් කඩවී ඇතැයි  තීන්දු කළ අතර එම තීන්දුවට අනුව පළමු වග උත්තරකරු රුපියල් ලක්ෂ දහයක් නව වන වග උත්තරකරු විසින් රුපියල් ලක්ෂයක් හා අනෙක් වග උත්තරකරුවන්

විසින් රුපියල්  ලක්ෂ දෙකක් වන ලෙස ලක්ෂ විසි පහක සම්පූර්ණ වන්දි මුදල පැමිණිලි කාර පාර්ශවයට ගෙවිය යුතු යැයිද නියම කෙරිණි.

මානව හිමිකම් කොමිසම ලබා දී ඇති මෙි තීන්දුවේ සඳහන්ව ඇති ඉතා වැදගත් කාරණය වන්නේ පුද්ගලයන් අත් අත් අඩංගුවේදී සිටියදී මිය යාම සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව කටයුතු කරන්නේද යන්න අධීක්ෂණය කිරීමට සුදුසු නිළධාරියකු පත් කිරීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කළ යුතු බවට වූ සඳහනයි.

එසේම මානව හිමිකම් කොමිසම විසින් මෙම තීන්දුව මගින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කර ඒ සම්බන්ධ වාර්තාවක් මෙම වසරේ අගෝස්තු 28 වන දිනට පෙර වාර්තාවක් ඉදිරිපත් කළ යුතු යැයිද පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හොර වාහන සිද්ධිය – රෝහිතගේ බෑනාට ඇප…

Next Post

දොස්තරලාට  කුණු පනුවන් ගැසූ ජරා ආහාර   විකිණූ කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන්ගේ ආපන ශාලාවට අධිකරණ නියෝගයක් මත සීල් තියයි….

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.