-
කැන්ටින් කාරයෙක් තමන්ගේ රෝහලේ වෛද්‍යවරුන්ට ජරාව කැවීම ගැන විමසනවිට රෝහල් අධ්‍යක්ෂිකා සාගරී කිරිවන්දෙණියගෙන් උද්දච්ඡ උත්තරයක්…
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ හිමි ආපනශාලාව සෞඛ්‍ය ආරක්ෂිත නොවන බව කරන ලද පරික්ෂා කිරිම්වලදී තහවුරු වූයෙන් අද දිනයේදී එය මුද්‍රාතැබීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.
මෙහි මුළුතැන්ගෙය ඉතා අපිරිසිදු තත්තවයක තිබු බවත්, කැළි කසළ ඉවත්කරන බදුන් ක්‍රමවත්ව නොතිබු බවත් , ආහාරවල පිරිසිදුතාවය ඉතා පහත් මට්ටමක තිබු බවත් කරන ලද පරික්ෂා කිරීම් වලදී තහවුරු වූ බැවින් මෙය මුද්‍රා තැබීමට කටයුතු කළ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ලංකාසර වෙත පැවසුවේය.
මුල් අවස්ථාවේ දී මේ සම්බන්ධව අධිකරණයට කරුණු දන්වා ආපනශාලා හිමිකරුට අධිකරණයෙන් කැඳවීමක් කර තිබිය දී එය මගහැර සිටිම නිසා අද ඔහු අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති බව ද වාර්තා වේ.
කෙසේ නමුත් මේ බව අප රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරි කිරිවන්දෙනිගෙන් ඇසු විට ඇය සඳහන් කළේ මෙය රෝහලේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බැවින් එය මාධ්‍යයට එය දැනගැනීම අවශ්‍ය නැති බවත්ය.
ආපනශාලාවට මුද්‍රා තැබීම වෛද්‍යවරුන්ට බලපාන ප්‍රශ්නයක් මිස මාධ්‍යයට බලපාන ප්‍රශ්නයක් නොවන බවත් ඇය පැවසුවාය. එය වෛද්‍යවරුන් විසින් විසඳා ගනු ඇතැයි ද ඇය කීවාය.







