බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රත්නපුර නියෝජ්‍ය පොලිස්පතිට මන්ත්‍රී මුදිතාගෙන් චෝදනා පත්‍රයක්… ජනපතිටත් ලියලා…

by editor
අප්‍රේල් 3, 2023
in පුවත්
dc
Share on FacebookShare on Twitter

වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරියෙක් ලෙස පෙනි සිටිමින් සම්බාහන  මධ්‍යස්ථානයකට පැන එහි සේවිකාවන් බියවද්දා රුපියල් තුන් දහසක කප්පමක්  ලබා ගැනීම මත   අධිකරණයටත් ඉදිරිපත් කළ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ස්ථාන මාරුව අවලංගු කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ප්‍රියශාන්ති ද සොයිසා කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ සබරගමු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ සම්බන්ධව විමර්ශනයක් කර සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඇය  ජනාධිපතිවරයාට, අගමැතිවරයාට,  මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයාට සහ පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා තිබේ.

ඇය  පවසා ඇත්තේ මහජන නියෝජිතයෙක් වූ තමන් මහජනතාව ඉදිරියේ මෙම නිලධාරියා විසින් අපහසුතාවයකට පත් කළ බවය.

වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.

සති කීපයකට පෙර වලාන දූෂණ මර්ධන ඒකකයෙන්  බව කියමින්  සම්බාහන  මධ්‍යස්ථානයකට පැන මුදල් ලබා ගත් පොලිස් කොස්තාපල්වරයෙකුට සිද්ධිය  සම්බන්ධව විමර්ශන ආරම්භ කළ වහාම   ස්ථාන මාරුවීමක්  ලබා දී ඇත.

පොලිස් කොස්තාපල්වරයා එම ස්ථාන මාරුව අවලංගු කර ගැනීමට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී මුදිතා ක්‍රිෂාන්ති ද සොයිසා හමුවට ගොස් තිබේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එම අවස්ථාවේ මන්ත්‍රීවරිය නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ  ව දුරකථන ඇමතුමකින් සම්බන්ධ කරගෙන පවසා ඇත්තේ මෙම ස්ථාන මාරු අවලංගු කරන ලෙසය.

එයට පිලිතුරු ලබාදී ඇති නියොජ්‍ය පොලිස්පතිවරයා එම පොලිස් කොස්තාපල්වරයා ට ඇති චෝදනා සහ පවතින තත්වය තේරුම් කර දී දුරකථනය විසන්ධි කර තිබේ .

දුරකථනය විසන්ධි කිරීම ගැන කිපුණු මන්ත්‍රීවරිය  නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ජනතාව ඉදිරියේ තමන් අපහසුතාවයට පත් කළ බව කියමින් ඔහුට එරෙහි විමර්ශන කටයුත්තක් ආරම්භ කරන ලෙසට ජනාධිපතිවරයා, අගමැතිවරයා, පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා වෙත මෙසේ ලිඛිතව දන්වා ඇත.

ඇය වැඩිදුරටත් එම ලිපියෙන් පවසා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ මෙතෙක් සිටි කිසිදු උසස් පොලිස් නිලධාරියකු මෙලෙස කටයුතු කර නැති බවත් ඔහු සමග රාජකාරි කිරීමට නොහැකි බව  රත්නපුර දිස්ත්‍රික්කයේ  පොලිස් ප්‍රධානීන් තමන්ට දන්වා ඇති බවත්ය.

රත්නපුර  කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහකාර පොලිස් අධිකාරිවරුන් තිදෙනෙකු ,පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකු පසුගිය දා සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මුණගැසීමට පැමිණ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ සමග රාජකාරි කිරීමට අපහසු බවට පැමිණිලි කර ඇති බව  ජ්‍යෙෂ්ඨ පොලිස්පති කාර්යාලයේ නිලධාරියකු පැවසීය .

කෙසේ වෙතත්  එලෙස ගිය සියලුම නිලධාරීන් චෝදනා වලට ලක් වූ විමර්ශන ආරම්භ වීමට නියමිත අය බව අනාවරණය වී ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ළමා නිවාසයක දරුවන් 13කට මත්ද්‍රව්‍ය දී ලිංගික අතවරයට ලක් කරලා… පුද්ගලයින් 03ක් අත්අඩංගුවට ගෙන දරුවන් වෙනත් ළමා නිවාසයකට… 

Next Post

මරණීය අනතුරක් සිදුවූ බදුල්ල බිග් මැච් රෝඩ් ෂෝ එකේ දී අතක් බිඳී රෝහල්ගත දරුවෙක් ප්‍රතිකාර කරන වෛද්‍ය කණ්ඩායමට  තිත්ත කතාවෙන් බැනලා….  

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.