ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස ඉෂාන් සංඛ මාපිටිගම තේරී පත්ව තිබේ.
ඒ අද (20) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්. එම්. ජී. සේනාරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවති ඡන්ද විමසීමට අපේක්ෂකයින් 20 දෙනෙකු පමණ තරග වැදිනි.
වැඩිම තරගය පැවැත්වුනේ ඉෂාන් සංඛ මාපිටිගම සහ ජයසිංහ බණ්ඩාර අතරය. එහිදී ඡන්ද 6ක් හිමිකර ගනිමින් ඉෂාන් සංඛ සමරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ලෙස තේරී පත්වුණි.
සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ තනතුරට තරුණයෙකු පත්වූ පළමු අවස්ථාව මෙය වේ.







