බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සපුගස්කන්ද බිඳ දැමීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන්න… වෘත්තීය සමිති ඉල්ලයි!

by editor
නොවැම්බර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

රටක පැවැත්මට අත්‍යවශ්‍ය වූ ඛණිජතෙල් පිරිපහදු කර සැපයීමේ ක්‍රියාවලිය වෘත්තීය අරගලවල දී පවා අඛණ්ඩව පවත්වාගෙන ගිය අතිශය වගකීම් සහිත ක්‍රියාවලියක් බවත්, ඒ ජාතික වගකීම මේ තරම් හිරිකිත සහ නින්දා සහගත අයුරුන් බිඳහෙළීම පිළිබඳව විධිමත් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස බලශක්ති  ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඛණිජතෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල  පැවසීය.

ඔහු මේ බව පැවසුවේ දැන් ඛණිජතෙල් වෘත්තීය සමිති ලෙස ඔවුන් ගන්නා ක්‍රියාමාර්ගයන් පිළිබඳව ලංකාසර කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

එහිදී සභාපතිවරයා මෙසේ ද පැවසීය.

පිරිපහදුව පවත්වා ගැනීම සදහා අත්‍යවශ්‍ය සාධකයක් තමයි බොරතෙල්. 1969 දී පිරිපහදුව ආරම්භ කළ අවධියේ සිට මේ දක්වා මේ සම්බන්ධව ඉතාම පුලුල් සහ ස්ථාවර ක්‍රමවේදයක් අනුගමනය කළා. කල්වේලා ඇතුව ඇනවුම් කරලා දිනපතා පිරිපහදු කිරීමට අවශ්‍ය බොරතෙල් ගබඩා කරගෙන අඛණ්ඩව සැපයීමට සංස්ථා පාලන අධිකාරියත්, ඛණිජතෙල් අයත්වන අමාත්‍යාංශයත්,  කැබිනට් එකත් පූර්ණ වගකීමකට බැඳී ඉන්නවා.

ඒ නිසා තමයි ඛණිජතෙල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කරලා තියෙන්නෙ.  පිරිපහදු ක්‍රියාවලිය බිඳ වැටීමට නොදී ආරක්ෂා කරගැනීම ඔවුන් සතු නිශ්චිත ජාතික වගකීමක්.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙන්න මේ ක්‍රියාවලිය ඉතාම දුෂ්කර තත්වයන් තුළ ක්‍රියාත්මක වුනා. මැද පෙරදිග යුද ගිනිදැල් ඇවිලෙද්දී ක්‍රියාත්මක වුනා. කුවේට් යුද්ධය ඉරාක යුද්ධය මෑත කාලීන යුද තත්වයන් තුළ නැව් ගමනාගමනය මුලුමනින් බිඳ වැටිලා තිබෙද්දි රටේ හිටිය පාලකයො ජාත්‍යාන්තරව රාජ්‍යාතාන්ත්‍රිකව කතා කරලා අඛණ්ඩව බොරතෙල් ගෙනන්න ඕන වැඩපිළිවෙළක් සකස් කළා.

ඒ වෙලාවෙදියි ඛණිජතෙල් සේවකයන් තුළ සැකයක් ඇතිවුණේ බොරතෙල් සැපයීම නැවැත්වුවහොත්  පිරිපහදුව වහන්න වෙයි   කියලා. නමුත් ඒ තත්වයන් ඇතිවෙන්න දෙන්නෙ නැතිව වගකිවයුතු සියලුම පාර්ශව විශාල මැදිහත්වීමක් කරලා පරිපහදුව පවත්වාගෙන ගියා.

සමහර අවස්ථාවල  නැව්  පමාවන් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මෝසම් සුළං නිසා මුහුද රළු වීම, ගොඩබාන්න තියන දුෂ්කරතාවයන් බෝයාවේ තියන තත්වයන්, නලය පිපිරීම නිසා තෙල් සැපයීමේ පමා  වීම් වුණා.   ඒ අවස්ථාවෙදි පිරිපහදුවෙ සිටින ශිල්පීන්, ඉංජිනේරුවරයන් ඇතුළු සියලු දෙනා එකතු වෙලා ඉතාම අමාරුවෙන් දින කීපයක් සේවාවන් පවත්වාගෙන ගිහින් බොරතෙල් ටික ගත්තා.  එහෙම වුණේ ඉතාම දුෂ්කර තත්වයන් යටතේ.

විශේෂයෙන්ම ඛණිජතෙල්  සංස්ථාව බිඳ වැටෙද්දි අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනිද්දි පිරිපහදු ක්‍රියාවලිය බිඳවැටෙන්න දෙන්නෙ නැතිව ආරක්ෂා කරගෙනයි අපි වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තේ. මේ සියලු විදිහට සංස්ථා සේවකයින් සහ සංස්ථා නිලධාරීන්ගේ පරම යුතුකම වුනේ පිරිපහදුව පවත්වා ගැනීම. ඒ විනාශය ඒ අපරාධය අද පාලකයින් විසින්ම කරලා තියනවා. අඛණ්ඩව බොරතෙල් සපයලා පිරිපහදුව පවත්වාගෙන යෑමේ අත්‍යාවශ්‍ය සේවාව මේ වනවිට කිසිම හිරිකිතන් තොරව සම්පූර්ණයෙන් බිඳ හෙළලා තියනවා.  ඒ පිලිබඳව පුලුල් පරීක්ෂණයක් කරන්න කියලා අපි වෘත්තීය සමිති ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

අපි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නකොට විතරයි ද මේවා අත්‍යාවශ්‍ය සේවා වෙන්නේ.   අපි කරන ප්‍රකාශ  සම්බන්ධව සී.අයී.ඩී. පරීක්ෂණ කරන්න නෙමෙයි තියෙන්නෙ. රහස් පොලිසිය මගින් හෝ බොරතෙල් සපයන්න නොහැකිවීම පිළිබඳව පුලුල් පරීක්ෂණයක් පවත්වන්න.

මේ මොහොතේ දී ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දැවැන්ත ණය බරක් ඇති කරලා තියනවා. එක පැත්තකින් ඩොලර් මිලියන තුන්දාස් තුන්සිය ගණනක ලංකා බැංකුවට, මහජන බැංකුවට ණය වෙලා තියනවා. ඒ නිසා ස්වාධීනව ණයවර විවෘත කිරීමේ හැකියාව නැති කරගෙන තියනවා.

අනික් පැත්තෙන් අපි රුපියල්වලින් සල්ලි එකතු කරන් ඩොලර් වලට පරිවරතනය කරගන්න බැරි තත්වයක් ඇතිවෙලා තියනවා. මහා භාණ්ඩාගාරය මගින් ඩොලර් වලින් සල්ලි දෙන්න බැරි තත්වයක් ඇතිවෙලා තියනවා.

සංස්ථාව වර්ෂ 2002 සිට මේ තත්වයට ඇද දමපු පාලන අධිකාරීන්, දේශපාන බල අධිකාරීන්  ඇතුළු සියලු පාලකයින් අපි වෘත්තීය සමිති විදිහට දැඩි අප්‍රසාදය විරෝධය    ප්‍රකාශ කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටට  නුසුදුසුනම් කුමන පරීක්ෂණ කළත්  එය නුසුදුසුමයි…මේ බලපෑම් සදාචාරාත්මක නෑ… මහාචාර්ය බුද්ධි මාරඹේ…

Next Post

දෙමළ ජාතික ජනතා පෙරමුණ උතුරු නැගෙනහිර මහවිරු සතියක් ප්‍රකාශ කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.