හැටන් රංජිත් රාජපක්ෂ –
පශු වෛද්‍යවරයෙකු වශයෙන් පෙනි සිටිමින් මුදල් අයකර රෝගාතුර වි සිටි ගවයෙකුට ප්‍රතිකාර කරමින් සිටි පුද්ගලයෙකු දිඹුල පතන පොලිසියේ නිලධාරින් විසින් ඊයේ (18) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කොටගල ප්‍රදේශයේ සත්ව ගොවිපොලක රෝගාතුර වි සිටි එළදෙනෙකුට ප්‍රතිකාර කරමින් සිටින බවට තලවකැලේ ප්‍රදේශය භාර රජයේ පශු වෛද්‍ය ඒ.ඒ.සුරේෂ් කුමාර් වෙත ලද තොරතුරක් මත දිඹුල පතන පොලිසිය සමග එම සත්ත්ව ගොවිපොල වෙත ගොස් සැකකරු සහ සැකකරු සන්තකයේ තිබු ඖෂධ සහ එන්නත් කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත.
අවු 58 පමණ වයසැති සැකකාර ව්‍යාජ පශු වෛද්‍යවරයා හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, සැකකරු පශු වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් හැටන් සහ නුවරඑලිය පොලිස් කොට්ඨාසය තුළ වතු ආශ්රිත ප්‍රදේශවල සත්ත්ව ගොවිපොල පවත්වාගෙන යන අය වෙත ගොස් රෝගාතුර වි සිටින සතුන්ට මුදල් අය කර ප්‍රතිකාර ලබාදි ඇති බවත්, සැකකරු විසින් ප්‍රතිකාර ලබාදුන් ගවයන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බවත් තලවකැලේ ප්‍රදේශයේ භාර රජයේ පශු වෛද්‍ය ඒ.ඒ.සුරේෂ් කුමාර් කියා සිටියේ.
සැකකරු අත්අඩංගුවට ගැනිමට ගිය අවස්තාවේ සැකකරු පලාගිය බවත්, පසුව පොලිස් නිලධාරින් සැකකරු ලුහු බැද අල්ලාගත් අවස්තාවේ සැකකරු පලා යනවිට වැටි තුවාල කිහිපයක් සිදු වි ඇති නිසා කොටගල ප්‍රදේශිය රෝහල වෙත ඇතුළත් කල බවත් දිඹුල පතන පොලිසියේ ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආනන්දසිරි පැවසිය.
සැකකරු රෝහලෙන් බැහැර කිරිමෙන් පසු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.







