තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂය සහ සමග ජන බලවේගය එක කුඩයක් යටතට ගෙන ඒමේ උත්සාහයක් ආරම්භ කළ නමුත් සමගි ජන බලවේගයේ නායකත්වය ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා එම අදහස අත්හැරීමට සිදුවූ බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා ඩේලි මිරර් වෙත ප්‍රකාශ කර තිබේ.
“රවුෆ් හකීම් සහ මම එජාපය සහ සමගි ජන බලවේගය එක කුඩයක් යටට ගෙන ඒමේ මාවතක් ආරම්භ කළ බව ඇත්ත. පසුව සමගි ජන බලවේගය ඊට ප්‍රතිචාර නොදැක්වූ නිසා එම මුලපිරීම ආරම්භයේ දීම අත්හැරීමට අපට සිදුවුණා” මනෝ ගනේෂන් පවසා තිබිණි.
“කෙසේ වෙතත් “අගමැතිකම” යන මාතෘකාව අපගේ සාකච්ඡාවට කිසිදා මතු වුනේ නෑ. . ජනාධිපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය ධූරය පිරිනමන බවට පණිවිඩ එවා ඇති බවට පළවන සියලුම මාධ්‍ය වාර්තා අසත්‍යයයි සහ පදනම් විරහිතයි.”
ඔහු වැඩිදුරටත් කියා තිබිණි.







