සමගි ජන බලවේගයෙන් ආණ්ඩුව වෙත එක්ව වරප්‍රසාද ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරුන් 08 දෙනෙක් සූදානමින් සිටින බව ආණ්ඩුවේ ඉහළ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, රාජිත සේනාරත්න, චම්පික රණවක, ලක්ෂ්මන් කිරිඇල්ල, රෝහිණී කවිරත්න, ප්රමුඛ කණ්ඩායමක් මෙසේ ආණ්ඩුව හා එක්වීමේ සූදානමින් සිටින බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් හෙළි කළේය.
එක්වන මන්ත්‍රීවරුන් 04 දෙනෙකුට මුදල් ඇමති ධූරය, සෞඛ්‍ය ඇමති ධූරය, ආයෝජන ප්‍රවර්ධන ඇමති ධූරය ඇතුළු ඇමති ධූර හතරක් යෝජනා වී ඇති බවත් මේ සතිය තුළ සියලුම ගැටලු විසඳාගෙන ලබන සතිය මැද වනවිට කැබිනට් මණ්ඩලය පත්කිරීමේ සැලසුමක් ඇති බවත් එම ආරංචි මාර්ග සනාථ කළේය.
මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න ගෙන් ලංකාසර කළ විමසීමක දී මන්ත්‍රීවරිය කීවේ එවැනි කිසිම සංවාදයක් මේ වනතුරු ඇති වී නැති බවය. එවැනි ඇරයුම් සඳහා යමෙක් ඉදිරිපත් වන්නේ නම් කළ යුත්තේ පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම මිස ඇමති ධූර පෙන්වා මන්ත්‍රීවරුන් බිලී බාගැනීමට උත්සාහ කරන ලාභ උපක්රමවලට යෑම නොවන බවද ඇය කීවාය.
“රට පත්වී ඇති මේ දැවැන්ත අර්බුදයකින් බේරෙන්න අවශ්‍ය එකඟ විය හැකි පොදු වැඩපිළවෙළක්…. ඇමතිකම් නොවෙයි…” ඇය වැඩිදුරටත් කීවාය.
සමගි ජනබලවේගයේ ආරංචි මාර්ග තහවුරු කරන්නේ ඉදිරි මැතිවරණය සඳහා දැවැන්ත සූදානමක සිටින තම පක්ෂයෙන් මේ අවස්ථාවේ දී කිසිවෙක් ඉවත්වී ආණ්ඩුවට එක්වන බව සිතීමත් අදේශපාලනික බවය.







