නතාෂා නෙත්මිණි
-
ජාන අනුක්‍රමික විශ්ලේෂණ යන්ත්‍රයක් ගුවන්තොටුපලේ ස්ථාපිත කරන්නෙ නෑ… පුද්ගලික අංශයේ නියැදි යන්නෙත් ජපුර සරසවියට…
මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට පෞද්ගලික අංශය වෙත පැවරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කිරිම තුන්වෙනි කොරෝනා රැල්ලකට අතවැනීමක් යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පෙන්වාදේ.
සංචාරකයින්ගේ පීසීආර් පරික්ෂණ පෞද්ගලික රෝහල් මගින් සිදු කළද ජාන පරික්ෂාවන් සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙත අදාල නියැදිය යොමු කිරීමට සිදුවන බවද සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කරයි.
ජාන අනුක්‍රමික විශ්ලේෂණ යන්ත්‍රයක් ගුවන්තොටුපලේ ස්ථාපිත කරන ලෙස දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීම් කළ නමුත් ඒ සඳහා අවදානය යොමු නොකළ බවද හෙතෙම පෙන්වා දෙයි.
රජයේ රෝහල්වල රසායනාගාර පැවතියදී පීසීආර් පරික්ෂණයන් සිදුකිරීම පෞද්ගලික රෝහල් වෙත පැවරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කිරීම බරපතල තත්ත්වයක් යැයි සංගමයේ සභාපති රවීකුමුදේශ් කීවේය.
සෞඛ්‍ය අමාත්‍යංශය තුළ තීරණ ගන්නා ඇතැම් නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සෘජුවම පෞද්ගලික අංශයේ තාවකාලික සේවකයින් ලෙස කටයුතුකරන බවට තොරුතු අනාවරණය වී ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.