අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංචාරක ජනාධිපතිට සැපේ ඉන්න ජීවිතය සීමා කළ මිනිස්සු ඉන්න රටක්…

by editor
ජනවාරි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අපි මහා බදු බරක් දරාගෙනය. අපට  එදා වේල කා ජීවත්වීම පමණක් සීමා කළ  රටේ පාලකයන් අප හූරා ලබා ගන්නා අපේ බදු මුදල් හසුරුවන ආකාරය සම්බන්ධව ඊයේ (12) ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී හෙළි දරවු කළේය.    මේ වනවිට රටේ රාජ්‍ය නායකයා, රනිල් වික්‍රමසිංහ ස්වකීය ප්‍රියතමයන් වූ සාගල රත්නායක සහ රුවන් විජේවර්ධන සමග ස්විස්ටර්ලන්තයේ ය. රට වෙනුවෙන් සමුළුවකට සහභාගී වන ගමන්ය. ඒ වියදම් දරන්නේ අපය. අනුර ඊයේ පාර්ලිමේන්තුවේ දී කී කතාව අද රාත්‍රියේ පමා වී පල කරන්නට හිතුනේ එය මේ මොහොතට වැදගත් වනු ඇතැයි සිතුණු බැවිනි.

ඊයේ (්‍12)  ජතික ජන බලවේගයේ නායක අනුර කුමා දිසානායක  පාර්ලිමේන්තුවේ දී කළ කතාවේ කොටසක්  උපුටා දක්වමු. ඒ කොටස මෙසේය. 

විශේෂයෙන් අද(12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පරිපූරක ඇස්තමේන්තුවක්. මූල්‍ය විනය පිළිබඳව, ආර්ථික අර්බුදයන් පිළිබඳ රීති ප්‍රශ්නයක් අහනවා.

මේ සතියේ ඉදිරිපත් කර තිබෙන පරිපූරක ඇස්තමේන්තුවේ   ජනාධිපතිවරයාගේ අතිරේක වියදම් සඳහා ලක්ෂ 2000ක් (මිලියන 200ක්) වෙන්කොට තිබෙනවා. විදේශ සංචාර, ඉන්ධන හා වාහන නඩත්තුවට අදාළ ප්‍රතිපාදන හිඟය පියවීම සඳහා.

මෙම වියදම් සඳහා අය වැයෙන් සෑම වසරකම විශාල මුදලක් වෙන්කරනවා. ජනාධිපතිවරයාගේ මෙම වැය ශීර්ෂය රටට බරක් බව එදා අපි පෙන්වා දුන්නා. නමුත් සිදුවී තිබෙන්නේ තවත් මිලියන 200ක්. (ලක්ෂ 2000ක්). මෙතන මූල්‍ය විනයක් තිබෙනවාද?.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මූල්‍ය විනය පළමුවෙන්ම රැකිය යුත්තේ ජනාධිපතිවරයා. එංගලන්තෙට හතර පාරක්, ජපානයට දෙපාරක්, දැන් ලංකාවෙ දීර්ඝම දවස් 12ක 13ක සංචාරයක්. මාස 14යි. සංචාර 14යි. මේ වගේ සංචාර ජනාධිපතිවරු ගිහින් තිබෙනවාද? මළ ගෙදරකට,මඟුල් උත්සවයකට, ලෝක නායකයන් නොඑන පරිසර සමුළුවකට ගිහින් කතා කරනවා.

නැවතත් ගුවන් සංචාර සඳහා මිලියන 200ක් ඉල්ලනවා. මූල්‍ය විනය ගැන මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා. තවමත් පාසල් දරුවන්ට ආහාර වේලට අවශ්‍ය ඉතිරි මුදල් ටික තවම ලැබී නැහැ. පාසල් නිල ඇඳුම්වලට මුදල් තවමත් ලැබී නැහැ. ගුරුවරුන් ගමන් වියදම් තමන් දරාගෙන පේපර් මාකින් සඳහා යනවා. ඔවුන්ට දෙන සොච්චම් මුදල තවමත් ලබාදී නැහැ. දීමනාවෙත් කප්පාදුවක් සඳහා යෝජනාවක් කර තිබෙනවා.

නමුත් ජනාධිපතිවරයාට අයවැය ලේඛනයෙන් වෙන්කර තිබෙන විශාල මුදලට අමතරව, විදෙස් සංචාර, ඉන්ධන හා වාහන නඩත්තුවලට දසලක්ෂ 200ක් ඉල්ලනවා. මේ මහජනතාවගේ ධනය. එතුමාත් මේ පාර්ලිමේන්තුවත් මේ ගැන සිතිය යුතුයි. රට තිබෙන්නේ අගාධයක. ආර්ථිකය කඩා වැටිලා. හාල්, කිරි වීදුරුවට, ඩීසල් ටිකට, පාසල් උපකරණවලට, පොත්වලට, සෞඛ්‍ය උපකරණවලට වැට් ගහනවා. එහෙම එකතු කරගන්න ධනය ජනාධිපතිවරයා රට සවාරි යනවා.

පිරිසිදු ව්‍යාපාරිකයන් බදු ගෙවන්න සූදානම්. ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට පාර්ලිමේන්තුවට කිලෝ මීටර් 15ක දුරකට එනවා නම්, පිටුපසින් ඇම්බියුලන්ස් එකක් එනවා. මේ ලෙඩ්ඩුද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාමේ සිට පාර්ලිමේන්තුවට එනවිට ඇම්බියුලන්ස් එකක් පස්සෙන් එනවා.

සෞඛ්‍ය ඇමතිතුමා දන්නවා සමහර ඉස්පිරිතාලවලට ඇම්බියුලන්ස් එකක් නැහැ. මේව දකිනවා පාරේ යන ව්‍යාපාරිකයන්.  ජනතාවට බදු පිළිබඳව විශාල බරක් දානවා. එහෙම ගන්න බදුවලට මොකක්ද වෙන්නේ කියල පාරේ යන අය දකිනවා. ඒනිසා මේ මූල්‍ය විනය ගැන කියන කතා, ආර්ථිකය කඩා වැටිලා කියල ජනතාවට කියන කතා සියල්ලම බොරු. තමුන්නාන්සේලාගේ සුඛ විහරණය වෙනුවෙන් මහජනතාවගේ ධනය වියදම් කරන්නේ.

මම දැන ගන්න කැමතියි. නාමල් රාජපක්ෂ ආණ්ඩුවේ ගෙදරක ඉන්නේ කොහොමද? පුතත්, තාත්තත්, බාප්පත්, පොඩි බාප්පත්, මහප්පත් ආණ්ඩුවේ ගෙදරක. මැදමුලනේ වලව් තිබෙනවාලු. හැබැයි ජීවත් වෙන්නේ ආණ්ඩුවේ ගෙවල්වල. කොහොමද නාමල් රාජපක්ෂට ආණ්ඩුවේ ගෙදරක් දෙන්නේ? මහජනතාව මේ විරෝධය තිබෙන්නේ මේ බදු ගහලා ගන්න මුදල්වලට කරන නාස්තියට එරෙහිව.

නිරීක්ෂණ චාරිකා යනවා රෑට. මීටර් 20කට වඩා ඈත පේන්නේ නැහැ. රෑට නිරීක්ෂණ චාරිකා යනවා. මොන බොරුද මේ?

විශාල අර්බුදයකට රට පත්වී ඇති මොහොතක, විශාල බදු බරක් පටවලා, මහජනයාගේ ධනය නාස්ති කරනවා. මේ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කරන්න කියා මම ඉල්ලීමක් කරනවා. ජනාධිපතිවරයාගේ සංචාරකවලට, වාහන නඩත්තුවලට අයවැය ලේඛනයෙන් කොපමණ මුදලක් වෙන්කළාද?

අතිරේක මිලියන 200ක් ඉල්ලන්නේ ඇයි? ඒ වියදම් මොනවාද? කියා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.  රටේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට..”

මේ කතාව අසන්න…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කන්දක් විලිලා කාංචන මී පැටියෙක් වදයි… යෝජිත විදුලි ගාස්තු අඩු කිරීම 3.34% යි  අවම කාණ්ඩයට සහනය රුපියලයි..

Next Post

ශ්‍රි ලංකා ටෙලිකොම් ගන්න ස්වර්ණවාහිනිය හිමි අල්ලිරාජ්, ඉන්දියාවේ අම්බානි සහ තව සමාගමක් තුන් කොන් සටනක!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.