අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ක්‍රියාත්මක නොකරන ලෙස ශ්‍රී ලංකාව ඇමෙරිකාවෙන් ඉල්ලයි

by Lanka Sara Editor
ජූනි 6, 2021
in පුවත්
US SL
Share on FacebookShare on Twitter

ඇමෙරිකානු කොන්ග්‍රස් සභික ඩෙබෝරා රොස් විසින් මැයි 18 වැනි දින ගෙන එන ලද ශ්‍රි ලංකාව සම්බන්ධ යෝජනාව සමඟ කටයුතු නොකරන ලෙස වොෂිංටන් හි සිටින සිය තානාපති රවිනාථ ආර්යසිංහ හරහා ශ්‍රී ලංකාව, එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටුවෙන් (FAC) නිල වශයෙන් ඉල්ලා සිටි බව විදේශ අමාත්‍යංශය නිවේදනය කරයි.

විදේශ කටයුතු කමිටුවේ සභාපති නියෝජිත මන්ත්‍රී ග්‍රෙගරි මීක්ස් (නිව්යෝර්ක් හි ඩිමොක්‍රටික් පාක්ෂික) සහ සම්මානනීය සාමාජික නියෝජිත මන්ත්‍රී මයිකල් මැක්කෝල් (ටෙක්සාස් හි රිපබ්ලිකන් පාක්ෂික) යන මහත්වරුන් වෙත යොමු කළ සන්නිවේදනයක් මඟින් ශ්‍රී ලංකා රජය,දමිළ ඩයස්පෝරාවේ මෙහෙයවීම මත ඉදිරිපත් කරන ලද බව පැවසෙන මෙම යෝජනාවේ අභිප්‍රාය පිළිබඳව බරපතල සැකයක් මතු කරන, ශ්‍රී ලංකාව සම්බන්ධ සාවද්‍ය, පක්ෂග්‍රාහී සහ සනාථ නොකළ චෝදනා අඩංගු වන මෙම යෝජනාවේ අන්තර්ගතයට තදින්ම විරුද්ධ වන බව ප්‍රකාශ කළේය.

මෙම සන්නිවේදනය සමඟ එකී යෝජනාව පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් සිදු කර ඇති අතර, එමඟින් ඡේදයෙන් ඡේදයට එහි අගතිගාමී ස්වභාවය පිළිබඳව විස්තර කොට ඇත.

1997 සිට එක්සත් ජනපදය විසින් තහනම් කරන ලද සහ 2008 දී එෆ්බීඅයි ආයතනය විසින් “ලෝකයේ වඩාත්ම භයානක හා මාරාන්තික අන්තවාදීන් අතරට” නම් කරන ලද එල්ටීටීඊය, මෙම යෝජිත යෝජනාව මඟින් “සන්නද්ධ විමුක්ති සංවිධානයකට” සමාන කිරීම තුළින් එහි මූලාරම්භය සහ අරමුණ හෙළිදරව් වන බව මෙහි දී සඳහන් විය. බෙදුම්වාදය දිරිගන්වන මෙම යෝජනාව ‘සාම්ප්‍රදායික දෙමළ නිජබිම්’ පිළිබඳව සඳහන් කරමින්, ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වභාවය පිළිබඳව පවා ප්‍රශ්න කරයි. මෙය ස්ථාපිත ඓතිහාසික කරුණු සහ වර්තමාන යථාර්ථයන් වැරදි ලෙස නිරූපණය කරනවා පමණක් නොව, එල්ටීටීඊයේ සහ එහි ආධාරකරුවන්ගේ අවසාන ඉලක්කය වන ශ්‍රී ලංකාව කොටස්වලට කැඩීමට සහාය වීම සඳහා ද දායක වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එල්ටීටීඊය සහ එහි පෙරමුණු සංවිධාන සහ ත‍්‍රස්තවාදය උත්කර්ෂයට නැංවීමේ ප්‍රයත්න සම්බන්ධයෙන්, ඇමරිකා එක්සත් ජනපදයෙහිම ආරක්‍ෂාව පිළිබඳව මෙම යෝජනාව මඟින් හිතාමතාම නොසලකා හැරීම, එල්ටීටීඊයේ සහ එක්සත් ජනපදය තුළ සහ ලොව පුරා සිටින බොහෝ පෙරටුගාමී සංවිධානවල කොටස්වලට මෙන්ම, වෙනත් ත්‍රස්ත සංවිධානවලට ද ආශ්වාදයක් ලබා දෙනු ඇත.

ඇමරිකා එක්සත් ජනපදය “ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ඇතුළුව ශ්‍රී ලංකාවේ ස්ථාවර ආරක්ෂක හවුල්කරුවෙකු” බව සඳහන් කළ ශ්‍රී ලංකා රජය, “ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන පාලනතන්ත්‍ර දෙකම හරහා ප්‍රකාශිත එක්සත් ජනපද ප්‍රතිපත්තියට සැලකිය යුතු ලෙස වෙනස් වන මෙම යෝජනාව මඟින්, එම සභාව දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සන්නද්ධ ක්‍රියාවන්ට සහාය දෙන බවට වැරදි නිගමනයකට තුඩු දිය හැකිය. මෙය එක්සත් ජනපද පරිපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්මවල මුල් බැස ගත් විදේශ ප්‍රතිපත්ති පදනම අනතුරේ හෙළන අතර, ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින උණුසුම් ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි ඍණාත්මක ලෙස බලපානු ඇත.” යයි ද පැවසීය.

ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය නොසලකා සිය පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා වන ව්‍යවස්ථාමය යුතුකම්වලට අනුකූලව එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ අරගල කර ඇති ශ්‍රී ලංකා රජය, සියලුම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීම සහ නිදහස් කිරීම සඳහා වූ මෙහෙයුමක් දියත් කළ බව තරයේ ප්‍රකාශ කරන ලදී. 2009 මැයි මාසයේ දී ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග, පසුබැස යන එල්ටීටීඊය විසින් මිනිස් පලිහක් ලෙස භාවිතා කරන ලද, අභ්‍යන්තරව අවතැන් වූ 300,000 ක ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම, පුනරුත්ථාපනය කර සමාජයට නැවත ඒකාබද්ධ කරන ලද ළමා සොල්දාදුවන් 596 දෙනෙකුගෙන් සමන්විත හිටපු එල්ටීටීඊ සටන්කාමීන් 12,000 කට වැඩි පිරිසකට ඇතුළු බොහෝ දෙනෙකුට ජීවනෝපාය අවස්ථා යථා තත්ත්වයට පත් කිරීම ඇතුළුව, ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවල යටිතල පහසුකම් නැවත ගොඩනැංවීම සහ සංවර්ධනය කිරීම සඳහා ගන්නා ලද පියවර ද මෙම සන්නිවේදනයෙහි සංක්ෂිප ලෙස දැක්විණ.

ගැටුම අවසන් වීමෙන් පසුව, එවකට පැවති රජය උතුරේ ජනතාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ අයිතිවාසිකම් සහතික කරමින් 2013 දී උතුරු පළාත් සභා මැතිවරණයක් පැවැත්වූ අතර, 2017 වසරේ සිට මැතිවරණ කල්දැමීම සඳහා ටීඑන්ඒ සංවිධානය සහ එහි අනුගාමිකයන් ඇතුළු පාර්ලිමේන්තුවේ සියලුම සුළුතර පක්ෂ සහාය දුන් බව මෙහි දී සිහිපත් කෙරිණ. මෙම කරුණ සම්බන්ධයෙන් නව නීති සම්පාදනය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. වසර 3 කට ආසන්න කාලයක් තිස්සේ, උතුරු පළාත ඇතුළු පළාත් සභා සඳහා මැතිවරණ ප්‍රමාද වීම පිළිබඳව මානව හිමිකම් කවුන්සිලය හෝ බටහිර රටවලට කිසිදු ගැටළුවක් නොතිබුණද, කෙසේ වෙතත් වර්තමානයේ දී, හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්වීම සඳහා වර්තමාන රජය විසින් පියවර ගෙන ඇති අවස්ථාවක දී, එය ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස ප්‍රක්ෂේපනය කොට තිබේ.

2015 දී ඉදිරිපත් කළ OISL වාර්තාව ඇතුළුව, යෝජනාවේ දක්වා ඇති ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා “මේසය මත සමාලෝචනය කරන ලද” තොරතුරු ඇතුළු සිදුවීම් පිළිබඳ හුදු විෂයාත්මක ආඛ්‍යානයක් වන අතර, එහි තොරතුරු ප්‍රභවයන් පිළිබඳව හෙළි කිරීමට මෙම ලියකියවිලි අපොහොසත් වී ඇති අතර, ඒවා සත්‍යාපනය කළ නොහැකි වී ඇත. ඊට පටහැනිව, අනෙකුත් කරුණු අතර,අතිශයෝක්තියට නැංවූ සිවිල් වැසියන්ගේ හානි පිළිබඳ සංඛ්‍යා ලේඛනවලට අභියෝග කරන උගත් පාඩම් ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC), ‘පරණගම කොමිසම’, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, යුනිසෙෆ් සහ අන්තර්ජාතික රතුකුරුස කමිටුව ඇතුළු ජාත්‍යන්තර නියෝජිතායතනවලින් ලද වාර්තා මෙන්ම නේස්බි සාමිවරයා විසින් එක්සත් රාජධානියේ සාමි මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද තොරතුරු ද ඇතුළු සත්‍යාපනය කළ හැකි සාක්ෂි රාශියක් නොසලකා හැර තිබේ. අන්තර්ජාතික නෛතික ප්‍රවීණයන් ඇතුළු විශේෂඥයින්ගේ අදහස් මෙන්ම කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ හමුදා සහායක කර්නල් ඇන්ටන් ගාෂ් මහතා සහ ගැටුමේ අවසාන අදියරේ දී එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක සහායක ලෙස සේවය කළ ලුතිනන් කර්නල් ලෝරන්ස් ස්මිත් මහතාගේ ප්‍රකාශ ද මෙම ආඛ්‍යානයේ දක්වා ඇති වාර්තා අභියෝගයට ලක් කරයි.

2015 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ 30/1 යෝජනාව සඳහා සම අනුග්‍රාහක ලබාගෙන තිබීම සහ ව්‍යවස්ථා විරෝධී ලෙස විදේශීය විනිසුරුවන් සහ නීතීඥයින් ඇතුළත් වගවීමේ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව විසින් ආරම්භ කරනු ඇති බවට වූ කැපවීම උපුටා දක්වමින්, වසර 5 ක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධාන හෝ එක්සත් ජනපදය සහ මෙම යෝජනාවේ අනෙකුත් යෝජකයින් විසින් එම පොරොන්දු ඉටු කරන ලෙස පසුගිය රජයට බල කළේ නැත.

2021 ජනවාරි වන විට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් (PCOI) පිහිටුවීම මෙන්ම, 2021 මාර්තු 4 වන දින “කොමිෂන් සභාව විසින් විමර්ශනය කරනු ලැබීම සඳහා ලිඛිත නිරූපණයන් හෝ තොරතුරු හෝ ඉහත සඳහන් වෙනත් කරුණු ඉදිරිපත් කරන ලෙස ඕනෑම පුද්ගලයෙකුට, පුද්ගලයන්ට හෝ සංවිධානයකට” ආරාධනා කිරීම මඟින්, මතු කරන ලද ගැටළු විසඳීම සඳහා වර්තමාන රජය විසින් විශ්වසනීය විනිවිද පෙනෙන දේශීය ක්‍රියාවලියක් ලබා දී ඇති මේ අවස්ථාවේ දී, “ජාත්‍යන්තර යාන්ත්‍රණයක්” ඉල්ලා සිටීම අප්‍රසන්න ක්‍රියාවකි. මෙම කොමිෂන් සභාව අපේ‍්‍රල් මාසයේ සිට නඩු විභාග පවත්වා ඇති අතර, සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවුස් ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් “ගේම“ ඉල්ලයි..

Next Post

නව කෘෂිකර්ම ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ.ජයසිංහ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.