අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තවදුරටත් අර්බුදයට?

ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියාගෙන් ඉඟියක්

by Lanka Sara Editor
මැයි 18, 2021
in පුවත්
coronavirus covid sri lanka
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතයේ උච්ඡ අවස්ථාවකට මුහුණ දී සිටින ශ්‍රි ලංකාවට මෙම වසංගත තත්ත්වය මෙල්ල කිරීමේ කටයුතු හමුවේ ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දෙන්නට සිදුව තිබේ. එයින් එකක් වන්නේ එන්නත්කරණය සාර්ථක කර ගැනීමට පවතින බාධාව වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට පසුගිය වසරේ මෙන් මෙම වසරේ මෙම වසංගත පාලනය හමුවේ ප්‍රතිචාර දැක්වීමේ බාධා මතුව තිබිම අනෙක් හේතුවයි.

පසුගිය සිකුරාදා පැවැති මාධ්‍ය හමුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් ඇද්හම් ග්‍රේබියේසස් අවධාරණය කළේ ශ්‍රි ලංකාව ඇතුළු රටවල් ගණනාවක් මේ වනවිට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රටවල් අතරට සිටින බවයි.

මෙම රටවලට ඉක්මනින් වෛද්‍ය සැපයුම් ආධාර ලබා දිය යුතු බව පෙන්වා දුන් ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ සඳහන් කළේ මෙම හදිසි වෛද්‍ය ආධාර අව්‍යය රටවල් කෙරෙහි ඉක්මන් ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම අභියෝගයක් බවය.

2020 වසරේ කොවිඩ් පාලනය සඳහා බොහෝ රටවල් ඉදිරිපත් වී ලෝක සෞඛ්‍ය සංවිධානයට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා දුන්නද 2021 වසරේ යළිත් ඉස්මතු වන රටවලට අවශ්‍ය ප්‍රතිචාර දැක්වීම් සඳහා තවමත් ප්‍රමාණවත් මුදල් ලැබී නොමැති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේම ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන් තවත් කරුණක් වූයේ මේ වනවිට ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් එන්නත් සම්බන්ධයෙන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවය.

ඔවුන්ට එන්නත් ලබා දීම සඳහා යුනිසෙෆ් ආයකනය සමඟ එක්ව නිර්මාණය කළ කොවැක්ස් පහසුකම ට එන්නත් මාත්‍රා මිලියන 190ක් ලබන ජූනි මාසය වනවිට ලැබිය යුතු නමුත් එන්නත් නිෂ්පාදකයන් විසින් මේ වනවිට දෙනු ලැබඇත්තේ මාත්‍රා මිලියන 65ක් පමණ වව ඔහු පෙන්වා දුන්නේය.

රටවල් අතර පවතින අධික ඉල්ලුම, ඉන්දියාවේ සීරම් ආයතනය කොවිඩ් වසංතය හේකුවෙන් අපේකෂිත සැපයුමක් ලබා දීමට නෙහැකි වීම ඇතුළු හේතු ගණනාවක් මීට බලපා ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

එන්නත් නිෂ්පාදකයන් අතුරින් මේ වනවිට අපේක්ෂිත ඉල්ක්කවලට එන්නත් නිපදවන්නේ ඇස්ට්‍රාසෙනෙකා සමාගම පමණක් යයිද ඔහු එහිදි සඳහන් කළේය.
ශ්‍රි ලංකාවේ ඇස්ට්‍රා සෙනෙකා ඉන්දියානු එන්නත වන කොවිෂීල්ඩ් එන්නත මෙරට ජනගහණයෙන් ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයකට ලබා දුන්නද එහි දෙවන මාත්‍රාව සම්පූර්ණ කිරීම සඳහා තවමත් ප්‍රමාණවත් එන්නත් මෙරටට ලැබී නැත. දැනට පවතින මාත්‍රා ලක්ෂ 6ක හිගය සොයා ගැනීම සඳහා රජය මේ වනවිට බොහෝ විමසීම් සිදු කෙරුණද එය සාර්ථක වී නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පෝට්සිටි පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට සහ අනිද්දා…

Next Post

දවස් 100ක් තුළ කොවිඩ් ආසාදිතයින් මිලියනය ඉක්මවිය හැකියි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.