බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ට්‍රම්ප්ගෙන් ලෝකයටම පැනවෙන 15%ක ආනයන බද්දේ කතාව…

by editor
පෙබරවාරි 22, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

රොයිටර් පුවත් සේවය ඇසුරෙනි –

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පනවා තිබූ බදු වැඩසටහන  අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමෙන් අනතුරුව, සියලුම රටවලින් සිදුකරන අමෙරිකානු ආනයන සඳහා වන තාවකාලික බද්ද සියයට 10 සිට සියයට 15 දක්වා ඉහළ නංවන බව ජනාධිපතිවරයා ඊයේ (21) ප්‍රකාශ කළේය. ට්‍රම්ප් විසින් ඊයේ දිනයේ පනවනු ලැබූ සියයට 15ක බදු ප්‍රමාණය  නීතිය යටතේ ජනාධිපතිවරයෙකුට පැනවිය හැකි උපරිම බදු මට්ටමය.

ආර්ථික හදිසි නීතියක් යටතේ ඉහළ බදු අනුපාත පැනවීමේදී ජනාධිපතිවරයා තම බලතල ඉක්මවා කටයුතු කර ඇති බව අධිකරණ තීන්දුවේ සඳහන් විය.

අධිකරණ තීන්දුවෙන් පසුව, පසුගිය සිකුරාදා ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද සියයට 10ක සමස්ත ආනයන බද්දෙන් පැය 24ක් ගතවීමටත් පෙර ඔහු එම බද්ද සියයට 15 දක්වා වැඩි කළේය.

මෙම නව බදු පැනවීම් පදනම් වී ඇත්තේ මෙතෙක් භාවිතයට නොගත් ‘122 වගන්තිය’ (Section 122) ලෙස හැඳින්වෙන වෙනම නීතියක් මතය. 1974 වෙළඳ පනතේ එන ‘122 වගන්තිය’ යනු අමෙරිකානු ගෙවුම් ශේෂයේ පවතින අසමතුලිතතාවයන්  පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාට තාවකාලිකව බදු පැනවීමට ඉඩ සලසන නීතිමය ප්‍රතිපාදනයකි. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ, එමඟින් උපරිම සියයට 15ක් දක්වා ආනයන බදු පැනවීමට ජනාධිපතිවරයාට බලය ලැබුණද, එම බදු අනුපාතය දින 150කට වඩා වැඩි කාලයක් පවත්වාගෙන යාමට නම් අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය වීමය. මීට පෙර කිසිදු ජනාධිපතිවරයෙකු මෙම බලතල භාවිතා කර නොමැති බැවින්, මෙය නීතිමය වශයෙන් තවමත් අත්හදා නොබැලූ (Untested) සංකීර්ණ ක්‍රියාවලියකි.

කෙසේ වෙතත්, ඉහළ යන භාණ්ඩ මිල සඳහා මෙම බදු වගකිව යුතු බවට අමෙරිකානුවන් චෝදනා කරන බව මත විමසුම්වලින් පෙනී යන බැවින්, රිපබ්ලිකන් බහුතරයක් සහිත කොංග්‍රස් මණ්ඩලය මෙම බදු දීර්ඝ කරනු ඇතැයි   වෙළඳ විශේෂඥයෝ සැක පළ කරති.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

බදු පැනවීමට ට්‍රම්ප්ගෙන් වෙනත් මංපෙත්

සෙනසුරාදා සමාජ මාධ්‍ය සටහනක් තබමින් ට්‍රම්ප් කියා සිටියේ, වෙනත් “නීත්‍යානුකූලව අවසර ලත්” බදු පැනවීම් සඳහා මෙම දින 150ක කාලය උපයෝගී කර ගන්නා බවයි. ජාතික ආරක්ෂාව හෝ අසාධාරණ වෙළඳ පිළිවෙත් පිළිබඳ විමර්ශන මත පදනම්ව, නිශ්චිත නිෂ්පාදන හෝ රටවල් මත ආනයන බදු පැනවීමට ඉඩ සලසන තවත් ප්‍රඥප්ති දෙකක් මත යැපීමට රජය අදහස් කරයි.

“දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපදය සූරාකමින් සිටින රටවල් සඳහා පනවා තිබූ සියයට 10ක ලෝක ව්‍යාප්ත බද්ද, වහාම ක්‍රියාත්මක වන පරිදි නීත්‍යානුකූලව අවසර දී ඇති සියයට 15 දක්වා මා විසින් ඉහළ නංවනු ලබනවා,” යැයි ඔහු සිය Truth Social ගිණුමේ සටහන් කර තිබුණි.

ධවල මන්දිරයට අනුව, මෙම 122 වගන්තිය යටතේ පනවන බදුවලින් තීරණාත්මක ඛනිජ, ලෝහ සහ බලශක්ති නිෂ්පාදන ඇතුළු ඇතැම් භාණ්ඩ නිදහස් කර ඇත.

ආසියානු සංගමයේ (Asia Society) ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හිටපු ජ්‍යෙෂ්ඨ වෙළඳ නිලධාරිනියක වන වෙන්ඩි කට්ලර් පැවසුවේ, ට්‍රම්ප් සිකුරාදා දිනම මෙම උපරිම බදු මට්ටමට නොගොස් පසුව මෙලෙස වෙනස් කිරීම පුදුමයට කරුණක් බවය. ඔහුගේ මෙම වේගවත් තීරණ වෙනස් කිරීම් හරහා වෙළඳ හවුල්කරුවන්ට මුහුණ දීමට සිදුවන අවිනිශ්චිතභාවය මැනවින් පෙන්නුම් කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

අධිකරණ තීන්දුව ගැන ට්‍රම්ප්ගේ කෝපය

අගවිනිසුරු ජෝන් රොබට්ස් විසින් ලියන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිගමනය කළේ, ට්‍රම්ප් සිය බොහෝ බදු පැනවීම් සඳහා භාවිතා කළ ‘ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත’ (International Emergency Economic Powers Act) මඟින් ජනාධිපතිවරයාට ඔහු ප්‍රකාශ කරන ආකාරයේ බලතල හිමි නොවන බවය.

අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් දැඩි කෝපයෙන් ප්‍රතිචාර දැක්වූ ට්‍රම්ප්, බහුතර තීන්දුව ලබාදුන් විනිසුරුවරුන් “මෝඩයන්” ලෙස හැඳින්වූ අතර, විශේෂයෙන්ම ගෝසච් (Gorsuch) සහ බැරට් (Barrett) යන විනිසුරුවරුන්ව “ලැජ්ජා සහගත පිරිසක්” ලෙස විග්‍රහ කළේය. එමෙන්ම තම ගෝලීය වෙළඳ යුද්ධය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවටද ඔහු සපථ කළේය.

සමහර විදේශීය නායකයෝ මෙම අධිකරණ තීන්දුව අගය කළහ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සෙනසුරාදා ප්‍රකාශ කළේ, බලය සමතුලිත කිරීමට ප්‍රතිවිරුද්ධ බලවේග පවත්වා ගැනීම සහ නීතියේ ආධිපත්‍යය ප්‍රජාතන්ත්‍රවාදී රටවලට යහපත් බව මෙම තීන්දුවෙන් තහවුරු වන බවය.

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් (Friedrich Merz) සඳහන් කළේ මෙම තීන්දුව ජර්මානු සමාගම් මත පැටවී ඇති බර ලිහිල් කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය. ඉදිරියේදී සිදු කිරීමට නියමිත තම අමෙරිකානු සංචාරයේදී “බදු පැනවීම් සැමටම හානිකර” බව යළිත් අවධාරණය කරන බවද ඔහු පැවසීය.

“වෙළඳ ගිවිසුම්වලට ගරු කළ යුතුයි” … කලින් අත්සන් කළ වෙළෙඳ ගිවිසුම් ගැන තීන්දුව…

ට්‍රම්ප් විසින් මෙම බදු පැනවීම් හෝ බදු පනවන බවට කරන තර්ජන භාවිතා කරනු ලැබුවේ විදේශ රටවලින් වෙළඳ ගිවිසුම් ලබා ගැනීම සඳහාය.

අධිකරණ තීන්දුවෙන් පසුව, ට්‍රම්ප්ගේ වෙළඳ නියෝජිත ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) සිකුරාදා ෆොක්ස් නිවුස් නාලිකාවට පැවසුවේ, ‘122 වගන්තිය’ යටතේ පනවන බදුවලට වඩා වැඩි බදු අනුපාත එම ගිවිසුම්වල තිබුණද, අදාළ රටවල් එම එකඟතාවලට ගරු කළ යුතු බවය.

ගෝලීය පොදු බදු අනුපාතය අඩු වුවද, මැලේසියාව සහ කාම්බෝජය වැනි රටවලින් අමෙරිකාවට සිදුකරන අපනයන සඳහා ඔවුන් එකඟ වූ සියයට 19ක බදු අනුපාතයම දිගටම ක්‍රියාත්මක වන බව ග්‍රියර් පැවසීය. අමෙරිකානු බදු සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ ප්‍රධාන සාකච්ඡාකරු වන අයිර්ලන්ගා හර්තාර්ටෝ පැවසුවේ, සියයට 19ක බදු අනුපාතයක් නියම කරමින් දෙරට අතර සිකුරාදා අත්සන් කරන ලද වෙළඳ ගිවිසුම අධිකරණ තීන්දුව නොතකා තවදුරටත් බලාත්මක වන බවයි.

මෙම තීන්දුව බ්‍රසීලය වැනි රටවලට සුබ ආරංචියක් විය හැකිය. බ්‍රසීලය සිය සියයට 40ක බදු අනුපාතය අඩු කර ගැනීම සඳහා වොෂින්ටනය සමඟ මෙතෙක් ගිවිසුමකට එළඹ නොසිටි අතර, දැන් ඔවුන්ගේ බදු අනුපාතය අවම වශයෙන් තාවකාලිකව හෝ සියයට 15 දක්වා පහත වැටෙනු ඇත.

මැතිවරණය හමුවේ ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව පල්ලම් බසී

නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මධ්‍යකාලීන මැතිවරණය (Midterm Elections) ආසන්න වෙත්ම, ට්‍රම්ප් ආර්ථිකය හසුරුවන ආකාරය පිළිබඳ මහජන ප්‍රසාදය ඔහුගේ පාලන කාලය තුළ ක්‍රමයෙන් පහත වැටී ඇත. රොයිටර්/ඉප්සොස් (Reuters/Ipsos) මගින් පසුගිය සඳුදා අවසන් කරන ලද මත විමසුමකට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 34ක් පමණක් ඔහුගේ ක්‍රියාකලාපය අනුමත කරන අතර සියයට 57ක් එය අනුමත නොකරන බව ප්‍රකාශ කර ඇත.

ජීවන වියදම දරාගත හැකි මට්ටමක පවත්වා ගැනීම ඡන්දදායකයන්ගේ ප්‍රධානතම අවධානය යොමු වූ කරුණක්ව පවතී. නොවැම්බර් මාසයේදී අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ලබා ගැනීම සඳහා රිපබ්ලිකන් පක්ෂය සතු ආසන තුනක් පමණක් දිනා ගැනීමට අවශ්‍යව සිටින ඩිමොක්‍රටික් පාක්ෂිකයන් චෝදනා කරන්නේ, ජීවන වියදම ඉහළ යාමට ට්‍රම්ප්ගේ බදු පැනවීම් සෘජුවම බලපා ඇති බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වන අලින්ගේ ජීවිත කුණුවලට යට කර මිනිස් ජීවීතත් මරණයට අත්හල වාකරේ කුණු කෙළිය….

Next Post

ගල් අඟුරු හුටපටය… ආණ්ඩුව නීතිපතිගෙන් උපදෙස් පතයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.