අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලාංකික සූපවේදියෙකුට කැන්බරා ජාතික සත්වෝද්‍යානය තුළ තරුණියක් ඝාතනය කළ බවට මිනී මරුම් චෝදනා

by editor
දෙසැම්බර් 19, 2023
in පුවත්
ජූඩ් විජේසිංහ

ජූඩ් විජේසිංහ

Share on FacebookShare on Twitter

කැන්බරා  ජාතික සත්වෝද්‍යානය සහ මින් මැදුර භූමියේ  ජමාලා වනජීවී ලැගුම්හලේ මුළුතැන් ගෙය පිටුපස ගබඩා කාමරයක් තුළ   29 හැවිරිදි කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකුට මිනීමැරුම් චෝදනා එල්ල වී තිබේ.

මෙසේ මිනීමැරුම් චෝදනා එල්ල වී ඇත්තේ 29 හැවිරිදි ජූඩ් විජේසිංහ නැමති සූපවේදියෙක්  වෙතය. ඔහු විසින් ඝාතනය කර ඇත්තේ ඔහු සමග සේවයක කරමින් සිටි භූතාන ජාතික ෂෙවාන්ග් චෝඩන් නැමැති   කාන්තාවකි.  භූතාන තානාපති කාර්යාලය ඇයගේ මරණය තහවුරු කර තිබිණි.

ජූඩ් විජේසිංහ ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ දා සිට සූපවේදියෙකු ලෙස ඕස්ට්‍රේලියාව පුරා සේවය කර ඇති බවත්  ඔහු  කැන්බරා ඔහු ජාතික සත්වෝද්‍යානය  සහ මින්මැදුර හි  කොටසක් වන ජමාලා වනජීවී ලැගුම්හලේ සුපවේදීයෙක් ලෙස කටයුතු කළ බවත් හෙළි වී ඇත.

මිනීමරුම් සිද්ධිය

සඳුදා දහවල් 12:50 ට පමණ හදිසි සේවා අංශයෙන් ”  විශාල ශබ්දයකින් කරන කෑගැසීමක් නිරීක්ෂණය කර ඇති අතර  ඒ වෙත ගොස් බලද්දී  සත්වෝද්‍යානයේ වාණිජ මුළුතැන්ගෙය අසල ගබඩා කාමරයක් තුළ චෝඩන් මරා දමා ඇති ආකාරය   දැක ඇත. හදිසි සේවා අංශය වහාම සත්වෝද්‍යානය වෙත පොලිසිය කැඳවා ඇත.

29 හැවිරිදි ජූඩ් විජේසිංහට තමන් විසින් ඇති කරගත් තුවාල දක්නට ලැබුණු බවත්  ඔහු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන කැන්බරා රෝහල වෙත ගෙන යන ලද බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔස්ට්‍රේලියානු අගනුවර පොලිස් සේවය පැවසුවේ ජුඩ් විජේසිංහ සහ ඔහු අතින්  ඝාතනයට ලක් වූ භූතාන ජාතික ෂෙවාන්ග් චෝඩන් යන දෙදෙනාම කැන්බරා ජාතික සත්වෝද්‍යානයේ සේවකයින් බවය.

රැකියාවෙන් පිට ඔවුන් දෙදෙනාගේ  වෙනත් සබඳතාවක් තිබුණේ දැයි නොදන්නා බවද පොලිසිය පවසයි.

ඔස්ට්‍රේලියානු අගනුවර පොලිස් සේවයේ  අපරාධ විමර්ශන අංශ රහස් පරීක්ෂක ඒකකය පවසා තිබුණේ ඉදිරි දිනවලදී පශ්චාත් මරණ පරීක්ෂණයෙන් කාන්තාවගේ මරණයට හේතුව තහවුරු වනු ඇති නමුත් “මෙම මේ වනවිට කිව හැක්කේ  ඇය පිහියකින් ඇන ඝාතනය කර ඇති” බවය.  සිද්ධිය වූ ස්ථානයේ තිබී කාන්තාව ඝාතනය කළ පිහිය හමුවී ඇත.

ජූඩ් මිනී මැරුම් චෝදනා ප්‍රතික්ෂේප කරයි..

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කැන්බරා රෝහලේ රෝහල් ඇඳ අසල සිදුකළ නඩු විභාගයේ දි ජූඩ් විජේසිංහට මිනී මැරුම් චෝදනා එල්ල කර ඇති අතර ඔහු එම චෝදනාවට නිවැරදි කරු බව ප්‍රකාශ කර ඇත.

ACT පොලිස් ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කැන්බරා රෝහලේ ඇඳ අසල පැවති නඩු විභාගයකදී විජේසිංහ මහතාට මිනීමැරුම් චෝදනාවක් එල්ල වූ බවයි.

විජේසිංහ මහතා එම ඝාතන චෝදනාවට නිවැරදිකරු බව ප්‍රකාශ කර ඇත.

වින්දිත කාන්තාව සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරන ඔස්ට්‍රේලියාවේ භූතාන කොන්සියුලර් අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බෙහෙවින් ශෝක ජනක මෙහොතේ භූතාන ප්‍රජාවේ සහ වින්දිත තරුණියගේ පවුලේ අය වෙනුවෙන් ඔවුන්ගේ පුද්ගලිකත්වයට ගරු කරන ලෙස ඉල්ලා සිටින බවය.

මේ වනවිට කැන්බරා ජාතික සත්වෝද්‍යානය  වසා දමා ඇති අතර හෙට උදෑසන යළි ආරම්භ වනු ඇත. සිද්ධිය වූ ජමාලා   වනජීවී ලැගුම්හල දෙසැම්බර් 30 දා තෙක් වසා තැබීමට පරිපාලනය තිරණය කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 කතරගම  චූටි කපුවා ඇප පිට නිදහස්

Next Post

රාගම වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් 03ක් සැක පිට අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.