සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කර රටට දෑස් දෙන්න පාර්ලිමේන්තු යන දෑස් නොපෙනෙන සහෝදරයා… සුගත් වසන්ත ද සිල්වාගේ කතාව….

by editor
නොවැම්බර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට දෘශ්‍යාබාධිත පුද්ගලයෙක් ලක්ෂ 17ක් වූ මේ රටේ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව නියෝජනය පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබේ.

ඒ, 2024 මහ මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ලේඛනයට ඇතුළත්ව ජාතික ලයිස්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් නව පාර්ලිමේන්තුවට තේරී පත්වන ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී කවුන්සිලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා ය.

ඔහු සම්බන්ධව බීබීසි ය ඉතා කදිම වාර්තාවක් පසුගිය මස 15 වැනිදා පල කර තිබිණි. ඒ ලිපිය මෙසේ උපුට දක්වමු.

සුගත් වසන්ත ද සිල්වා 1967 ජූලි 26 වන දා, එනම් මීට වසර 57කට පෙර දකුණු පළාතේ බලපිටිය, ගොඩගෙදර ප්‍රදේශයේදී උපත ලැබුවේ, දෑස් පෙනෙන සාමාන්‍ය බිළිඳෙකු ලෙස ය.

ජාතික ලයිස්තුවට අත්සන් කළ අවස්ථාව…

“මම ඇස් පෙනෙන කෙනෙක් විදිහට තමයි, මේ ලෝකෙට ආවේ. මම මුලින් ම බාලාංශයේ සිට තුනේ පන්තිය දක්වා ගියේ, කන්දෙගොඩ කනිෂ්ඨ විද්‍යාලයට. එතන ඉඳන් පහ ශ්‍රේණිය දක්වා මම වතුගෙදර සිරි අබේතිස්ස කනිෂ්ඨ විද්‍යාලයට ගියා,” සුගත් වසන්ත ද සිල්වා සිය අතීතය ආවර්ජණය ආරම්භ කළේ, එසේ ය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ක්‍රිකට් නිසා ජීවිතය උඩුයටිකුරු වූ හැටි

ඔහුගේ ජීවිතය උඩුයටිකුරු කළ දෛවෝපගත සිද්ධිය සිදුවූයේ, පාසලේ 5 ශ්‍රේණියේ එනම්, 11 හැවිරිදි වියේ පසුවද්දී ය.

“පහේ පන්තියේදී ක්‍රිකට් සෙල්ලම් කරන්න ගිහිල්ලා බෝලයක් ඇහේ වැදිච්ච අනතුරකින් තමයි මම දෘශ්‍යාබාධිත තත්ත්වයට පත්වුණේ. ඒ අනතුරේදී මගේ ස්නායුවලට හානි වෙලා ඇස් දෙක ම පේන්නෙ නැතුව ගියා,” ඔහු පැවසීය.

ඉන්පසු ඔහුට අධ්‍යාපනය ලැබීමට සිදු වූයේ, බ්‍රේල් ක්‍රමයට ය. ඔහු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දක්වා රත්මලාන අන්ධ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබී ය. ඒ, අක්ෂිදාන සංගමයේ නිර්මාතෘ වෛද්‍ය හඩ්සන් සිල්වාගේ මග පෙන්වීම යටතේ ය.

උසස් පෙළ විභාගය සඳහා ඔහු යළිත් අම්බලන්ගොඩ, ධර්මාශෝක මහා විද්‍යාලයට ඇතුළත් විය. උසස් පෙළ සමත්වූ සුගත්, කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබී ය.

“මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ, 1990 වසරේ. මුල් අවුරුද්දේ සිංහල, දේශපාලන විද්‍යාව සහ ඉතිහාසය ඉගෙන ගත්තා. ඊට පස්සෙ මට පුළුවන් වුණා ඉතිහාසය විශේෂවේදී විෂය හදාරන්න. ඊට පස්සෙ මම ප්‍රථම පන්ති උපාධි සාමාර්ථයක් එක්ක 1994 වසරේදී උපාධිය සම්පූර්ණ කළා.”

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ එවකට කථිකාචාර්යවරයෙකු වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන පරිදි, සුගත් වසන්ත ද සිල්වා ඔහුගේ මුල් ම ශිෂ්‍ය කණ්ඩායමේ සිටි අයෙකි.

ඔක්තොම්බර් 10 දා නිර්මාල් මෙසේ සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තැබීය.

“මේ පේලියේ ඉස්සරහින්ම සුදු සැරයටියත් අරන් ඉන්නෙ මං හිතන්නෙ මෙවර ජාතික ලැයිස්තුවෙන් පත් කළොත් ලංකා ඉතිහාසයේ බිහිවුනු හොදම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වෙන්න පුළුවන් කෙනෙක්. සුගත් වසන්ත ද සිල්වා තමයි මට මගේ වෘත්තීය ජීවිතයේ මුණ ගැසුනු අභියෝගාත්මකම ශිෂ්‍යයා. විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් ලෙස මගේ මුල්ම ශිෂ්‍ය කණ්ඩායමේ සිටි කෙනෙක්. ඔහු පංතියේ සිටින විට පිට කරන සෑම වචනයක්ම පරිස්සමින් පිට කළ යුතුයි. වරක් මා වැරදීමකින් කලින් ඉදිරිපත් කළ ඉතා සුළු කරුණකට පරස්පර දෙයක් පසු දවසක පංතියේ ප්‍රකාශ කළ විට මගෙන් ප්‍රශ්න අසා මා බරපතල අමාරුවක දැමූ ආකාරය මට මතකයි. ප්‍රථම පංතියේ සමාර්ථයක් ලැබුණත් ඔහු ආචාර්ය මණ්ඩලයට බදවා නොගැනීම ඔහුට සිදු වූ විශාල අසාධාරණයක් බව මගේ අදහසයි. මා බලාපොරොත්තු වෙනව ඔහු පාර්ලිමේන්තුවට පත් කරවිය කියා. ” නිර්මාල් ලීවේය. අද නිර්මාල්ගේ ප්‍රාර්ථනාව සඵල වී ඇත.

වෘත්තීය ජීවිතය

ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අනුශාසක කාර්යාලයේ සේවය කළේ ය.

වසර ගණනක් එහි සේවය කළ ඔහු, 1999 වසරේ සිට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරියෙකු ලෙස වසර 25ක කාලයක් සේවය කළේ ය.

“ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම නිසා මම මගේ රැකියාවෙන් ඉවත් වුණා. මම කරපු රැකියාවේ හැටියට දේශපාලනය කරනවා නම් රැකියාව තවදුරටත් කරන්න බැහැ. ඒ නිසා මම විශ්‍රාම ගත්තා,” සුගත් වසන්ත ද සිල්වා පැවසීය.

දේශපාලන ක්‍රියාකාරකම්

“මගේ දේශපාලන ක්‍රියාකාරකම් පටන් ගත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයට ඇතුළත් වීමත් එක්ක. එහෙදි, හම්බ වුණ පාසල් ශිෂ්‍ය සහෝදරයොත් එක්ක පාසල් ශිෂ්‍ය ව්‍යාපාරවල වැඩ කරලා තියෙනවා,” සිය දේශපාලන ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් සුගත් පැවසීය.

ඉන්පසු, ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමග ක්‍රියාකාරීව කටයුතු කිරීම ආරම්භ කර ඇත්තේ, කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමෙන් පසුව ය. 90 දශකයේදී ජනතා විමුක්ති පෙරමුණට එල්ල වූ අභියෝග හමුවේ පක්ෂය සමග තමන් ද නිහඬ කාලපරිච්ඡේදයක් පසු කළ බව ඔහු ප්‍රකාශ කළේ ය.

“ජාතික ජන බලවේගය පටන් ගන්නකොට අපි ආයෙත් ඒකට සම්බන්ධ වුණා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ විදිහට නෙවෙයි. අපි සම්බන්ධ වුණේ, කොළඹ විශ්වවිද්‍යාලයේ එක්සත් ශිෂ්‍ය සංවිධානය කියන සංගමය යටතේ යි. ඊට පස්සෙ අපි ජාතික විද්වත් සංසදයට සම්බන්ධ වෙලා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියට ආබාධ සහිත වූවන් වෙනුවෙන් පරිච්ඡේදයක් ඇතුළත් කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ ජනාධිපතිවරණයේදීත් අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ආබාධ සහිත තැනැත්තන් වෙත ගෙනියන්න විවිධ මාධ්‍ය ඔස්සේ අපි කටයුතු කළා. ඒ ආපු ගමන තමයි ජාතික ලැයිස්තු ලේඛනය දක්වා ආවේ.”

පාර්ලිමේන්තුවට ගිහින් කරන්න යන දේ

2012 වසරේදී කරන ලද සමීක්ෂණයක් අනුව ශ්‍රී ලංකාව තුළ විවිධ ආබාධ සහිත පුද්ගලයින් ලක්ෂ 17ක් සිටිති. සුගත් වසන්ත ද සිල්වා පවසන්නේ, ආබාධ සහිත පුද්ගලයින්ගෙන් 57%ක් කාන්තාවන් බව ය.

ඊට අමතරව, ආබාධ සහිත වූවන්ගෙන් 71%ක් කිසිදු ආර්ථික කටයුත්තක නිරත නොවී යැපෙන්නන් ලෙස ජීවත් වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

“මම පාර්ලිමේන්තුවට ගියොත් නියෝජනය කරන්නේ, දෘශ්‍යාබාධිත ප්‍රජාව විතරක් නෙවෙයි. සියලු ආකාරයේ ආබාධ සහිත පුද්ගලයින්ට සාධාරණය සහ සමානාත්මතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් තමයි මම කැපවෙන්නේ. ආබාධ නැති පුද්ගලයින්ට ලැබෙන සමාන සහ සාධාරණ අවස්ථා ආබාධ සහිත වූවන්ටත් ලැබිය යුතු යි. ඒ සමානාත්මතාව සහ සාධාරණය සෑම අංශයකින් ම හිමි විය යුතු යි.”

“දැනට ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් තියෙන ප්‍රශස්ත ම ලියවිල්ල තමයි, එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ප්‍රඥප්තිය. ඒක අංග සම්පූර්ණ නෑ. ඒකෙත් අඩුපාඩු තියෙනවා. හැබැයි අපි ඒකවත් අනුගමනය කරන්න ඕන. අපි ඒ ප්‍රඥප්තියට අත්සන් කරලා තිබුණාට ඒක ක්‍රියාත්මක කරලා නෑ. ඒ ගැනත් අපි ක්‍රියා කරනවා.”

ඊට අමතරව, ආබාධිත ප්‍රජාවේ ශුභසාධනය වෙනුවෙන් ඔවුන්ගේ ජන අනුපාතයට අනුව අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ගැනීම ද සිය අරමුණු අතර වන බව සුගත් වසන්ත ද සිල්වා බීබීසි යට ප්‍රකාශ කළේ ය.

මම පාර්ලිමේන්තුවට ගියොත්… එදා සුගත් වසන්ත ද සිල්වා කීවේ එසේය. අද ඔහු ජාති ලයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස නම් කර තිබේ. මාලිමාව ඉතිහාසය වෙනස් කර තිබේ. ඒ සුබවාදී ගමනක ප්‍රවේශය පිළිබඳව අප අවබෝධයෙන් යුතුව බලාගෙන සිටිමු.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී කණ්ඩායම නම් කරයි… ලංකා ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් පාර්ලිමේන්තු නියෝජනයක්…

Next Post

ආණ්ඩුවට පහසු නෑ… අයි.එම්.එෆ් අභියෝගයේ මහපොළොවේ යථාර්ථය ගැන හර්ෂ පැහැදිලි කරයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.