එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාව අද සාකච්ඡාවට ගැනීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ රුසියා තානාපති යුරි මතෙරිව් ප්‍රකාශ කරන්නේ ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී රුසියාව ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවයි. තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රුසියා සබඳතාවන්ට වසර 65ක් පිරීම නිමිත්තෙන ඊයේ කොළඹ පැවති උත්සවයකදීයී.
ජගත් මහා මණ්ඩලයට ඊයේ ඉදිරිපත් වූ යුක්රේනයෙන් රුසියා හමුදා ඉවත් කරගත යුතුය යන්න අවධාරණය කරමින් රුසියා ආක්‍රමණය හෙළාදැකීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ඉදිරිපත් කිරීම වෙනුවෙන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් ඇතුලු ශ්‍රී ලංකා දූත පිරිස මේ වන විට ජිනීවා නුවරට ගොස් සිටී.
ශ්‍රී ලංකාවට එරෙහි පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් ඔවුන් ඊයේ දිනයේදීද විදේශ රටවල නියෝජිතයන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා පවත්වා තිබුණි.







