ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල්ස් ආයතන දෙකෙහි රජය සතුව තිබුණු කොටස් අයිතිය විකුණා දමන්නට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී ආයතනයේ රජය සතු කොටස් අයිතිය 49.5% වූ අතර ලංකා හොස්පිට්ල්ස් පී.එල්.සී ආයතනයේ රජය සතුව තිබූ කොටස් අයිතිය 51.34%ක් විය.
ලංකා හොස්පිටල්ස් ආයතනයේ රජය සතු කොටස් අයිතිය පැවතියේ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම සතුවය.
කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය විසින් මෙම ආයතන දෙකේ රජය සතු පූර්ණ කොටස් අයිතිය විකුණා දැමීමට තිරණය කිරිමත් සමගම භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන අදාල ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවලට මේ බව දැනුම් දී තිබේ.
අනතුරුව ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී කොළඹ කොටස් වෙළෙඳපලට දැනුම් දී ඇත්තේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි අදාළ කොටස් විකණීම ඉදිරියේ දී සිදුවනු ඇති බවය.