බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි පාද අඩවියේ අබිරහස් මරණවවලට හේතුව බැක්ටීරියාවක් ද?

by editor
මාර්තු 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි පාද වන්දනාවේ ගිය බැතිමතුන් තිදෙනතු ඇතුළු සිව් දෙනකු ගේ අබිරහස් හදිසි මරණ පසුපස ලිස්ටීරියා නැමැති බැක්ටීරියා අසාදනය පවතින බවට මූලික සෞඛ්‍ය අංශ මේ වනවිට අනුමාන කරයි.

දරුණු ආකාරයේ ආහාර විෂ වීමක්වන මෙය ලිස්ටීරියා සොනෝසයිටෝ නම් Listeria monocytogenes  බැක්ටීරියාව ආහාර මාර්ගයෙන් ශරීර ගත වීම හේතුවෙන් මෙම ආසාදනය ඇතිවිය හැකි අතර එය ආහාර මඟින් පතිරෙන දරුණු  ගනයේ ආසාදනයක් බව වෛද්‍යවරු පවසයි.

මේ පිළිබඳව මුලින්ම වාර්තා වන්නේ සිය දියණියකට කුඩා කඩයක් පවත්වාගෙන යාමේදී ඊට උපකාර කළ මවක් හදිසියේ රෝගාතුර වී මිය යාමය.

වමනය දැඩි හිසරදය, සිහි නැතිවීම වැනි රෝග ලක්ෂණ සමඟ ඇය රෝහල වෙත පැමිණ ඇති අතර රත්නපුර රෝහලේදී සිදු කෙරුණු රෝගී සාම්පල පරීක්ෂාවේදී අයට වැළදී ඇත්තේ ලිස්ටීරියා බැක්ටීරියා ආසාදනය බවට හඳුනාගෙන ඇත. ඒ අනුව ඇයට අදාළ ප්‍රතිකාර ලබා දෙද්දී ඇය මිය ගිය අතර ඊට පසුව තවත් සමාන රෝග ලක්ෂණ සහිත රෝගීන් වාර්තා වී ඇත.

කෙසේ වුවද මෙම පළමු රෝගියා වාර්තා වීමෙන් පසු රත්නපුර රෝහලේ දී   ශ්‍රි පාදය වන්දනා කළ තවත් රෝගීන් දෙදෙනකු මිය ගොස් ඇති අතර එයින් එක් 16 හැවිරිදි රෝගියකු රෝහල් ගත කොට පැය 24ක් ගත වන්නට මත්තෙන් මිය ගොස් ඇත. අනාවරණය වන අන්දමට මොවුන්ටද පළමු රෝගියාට සමාන රෝග ලක්ෂණ පැවැති තිබේ. එහෙත් තවමත් ඔවුන් ලිස්ටීරියා බැක්ටීරියා අසාදනය වීම ඊට බලපෑවේද යන්න පිළිබඳව අනාවරණය කරගෙන නැත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මේ වනවිට මහජන සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය අංශ ශ්‍රි පාද අඩවියේ ඇති තාවකාලික වෙළෙඳ සැල්වල පවතින ආහාර සාම්පල පරීක්ෂා කරමින් පවතින අතර මෙතෙක් මේ පිළිබඳව අවසන් තීරණයකට පැමිණ නැති බව සඳහන් වෙයි.

කෙසේ වුවද මෙම රෝගය සම්බන්ධයෙන් අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස මේ වනවිට සෞඛ්‍ය අංශ වෙත අභ්‍යන්තරිකව උපදෙස් ලබා දීම හා දැනුවත් කිරිම් සිදුව ඇති බව සඳහන් වෙයි.

ලිස්ටීරියා බැක්ටීරියාව මඟින් ශරීරය තුළ ඇතිකරන රෝග තත්ත්වය ලිස්ටෙරොසිස් ලෙසින් හඳුන්වන අතර මෙම බැක්ටීරියාව ශරීරයේ රුධිර සංසරණ පද්ධතිය හරහා මෙන්ම මධ්‍ය ස්නායු පද්ධතියටද හානි කරවිය හැකි තරමේ බරපතල එකක් බව සඳහන් වෙයි.  සැකෙවින් කිවහොත් ආහාර මඟින් පැතිරිය හැකි බරපතලම රෝග ආසාදනයක් ලෙස මෙය වෛද්‍ය විද්‍යාඥයෝ  හඳුන්වති.

ඇමෙරිකාවේ සුප්‍රකට මායෝ සායනය විසින් ලිස්ටීරියා බැක්ටීරියා ආසාදනය හඳුන්වන්නේ ආහාර මගින් ශරීරය ට සිදුවන බරපතල ගනයේ ආසාදනයක් ලෙසින්ය. එය බරපතල මට්ටමට යන්නේ ආහාර මාර්ගය ඉක්මවා එය පැතිරුණහොත්ය. එහෙත් බොහෝ විට ලිස්ටීරොසිස් අහාර මාර්ගය තුළ ආසාදනය වී ප්‍රතිකාර සමඟ එයින්ම සමනය වෙයි.

එහෙත් එය ආහාර මාර්ගය ඉක්මවා රුධිර සංසරණ පද්ධතිය සහ ස්නායු පද්ධතියට ආසාදනය වුවහොත් තත්ත්වය දරුණු වන අතර ලෝකයේ සෞඛ්‍ය දත්තවලට අනුව එවැනි රෝගීන්ගෙන් සියයට 5ක් පමණ මිය යාමේ අනතුරක් පවතී.

ලිස්ටීරියා ආසාදනය වඩා දරුණු විය හැක්කේ ගැබිණි මව්වරුන්ට සහ වයස වුරුදු 65 ඉක්මවූ වැඩිහිටියන්ට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ පුද්ගලයන්ටය.

ආහාර මාර්ගය ඉක්මවමින් රෝගය ආසාදනය වීම හඳුන්වන්නේ ආක්‍රමණික ලිස්ටීරියා ආසාදනය ලෙසින්ය. එහිදී ගැබිණි මව්වරුන් සුළු උණ තත්ත්වයක් සහ මස්පිඩු වේදනාවක් හැරෙන්නට සෙසු  සැලකිය යුතු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. එහෙත් ඔවුන්ගේ දරු ගැබ විනාශ වීම බොහෝ විට සිදුවිය හැකි තත්ත්වයකි. ඊට අමතරව සෙසු පුද්ගලයන්ට වමනය පාචනය වැනි තත්ත්වයක් දැකිය හැකිය.

ගැබිණි නොවන පුද්ගලයන්ට ආක්‍රමණික තත්ත්වයට පැමිණි විට උණ, හිසරදය, ඔක්කාරය, ගෙල ප්‍රදේශයේ පේශී තද වීම, සිහිය වෙනස් වීම වැනි තත්ත්ව හටගත හැකිය.

කෙසේ වුවද මෙම රෝග තත්ත්වය සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා දීමෙන් සුව කර ගත හැකිවන අතර රෝග ලක්ෂණ මතුවූ වහා ප්‍රතිකාරවලට යොමු වීම වැදගත්ය.

ලිස්ටීරියා බැක්ටීරියාව බොහෝ විට කිරි සහ කිරි ආශ්‍රිත ආහාරවල දැකිය හැකිවන අතර පැස්චරීකරණය නොකළ කිරි පරිභෝජනයෙන් මෙය ආසාදනය වීමේ හැකියාවක් ඇත.

ඊට අමතර ව සෙසු ආහාර වර්ගවලද මෙම බැක්ටීරියාව පැවතිය හැකි අතර නිසි ලෙස ශීතනය නොකිරීම මෙන්ම  භාවිත කළ ආහාර සාපේක්ෂව දින තුනක් හතරකට වැඩි කාලයක් යළි ශීතකරණ ගතව වැඩි කාලයක් තබා ගැනීම හරහාද මෙම බැක්ටීරියාවට වර්ධනය වීමේ ඉඩක් නිර්මාණය වන බව වෛද්‍ය පර්යේෂකයන්ගේ අදහසයි.

මේ වනවිට පවතින තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අංශ විමර්ශනය කරමින් පවතින අතර එයින් පසුව මහජනතාව වෙත සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිළිවෙත් පිළිබඳව නිවේදනය කරනු ඇත.

කෙසේ වුවද බාහිරින් ආහාර ගැනීමේදී ඒවායේ සෞඛ්‍ය සම්පන්න භාවය පිළිබඳව නිතරම අවධානයෙන් යුතුව සොයා බලා එම ආහාර ගැනීම පිළිබඳව කල්පනාකාරී වීම වැදගත්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

36 වැනි පොලිස්පති ධූරයට දේශබන්ධු පත් කරන්න ජනපතිගේ නිර්දේශ  ලැබෙයි!

Next Post

පාස්කු ප්‍රහාරය ගැන තමන්ට එරෙහි පැමිණිල්ලක් බල රහිත කරන්නැයි මෛත්‍රී ගොනු කළ පෙත්සමක් විභාගයට!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.