සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශකිබ් අල් හසන්ට මනුෂ්‍ය ඝාතන චෝදනාවක්!

by editor
අගෝස්තු 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අගෝස්තු මස මුලදී බංග්ලාදේශයේ පැවති විරෝධතා අතරතුර සිදු වූ බව කියන මිනීමැරුමක් සම්බන්ධයෙන් බංගලාදේශයේ ජ්‍යෙෂ්ඨ තුන් ඉරියවු ක්‍රීඩක ශකීබ් අල් හසන් චෝදනා ලැබ ඇති බව ලෝ ප්‍රකට ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම අපරාධය සම්බන්ධව පුද්ගලයින් 147ක් වෙත චෝදනා ගොනු කර ඇති අතර එම 147 දෙනා අතර ෂකීබ් අල් හසන් ද සිටින බව, නඩුව පවරා ඇති ඩකා හි ඇඩබෝර් පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ESPNcricinfo වෙත තහවුරු කර ඇත. පළමු තොරතුරු වාර්තාව අනුව මෙම නඩුවේ ෂකීබ් 27 වැනි හෝ 28 වැනි විත්තිකරු ය.

බංගලාදේශයේ ඇඟලුම් කර්මාන්තයේ සේවකයෙක් වූ ඝාතනය කරන ලද මොහොමඩ් රුබෙල් වෙනුවෙන් ඔහුගේ පියා වන රෆිකුල් ඉස්ලාම් උක්ත ඝාතන නඩුව බ්‍රහස්පතින්දා ගොනු කර තිබුණේය.

බංග්ලාදේශයේ වඩාත්ම ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයා වීමට අමතරව, ෂකීබ් මේ මස මුල දක්වා බංග්ලාදේශයේ බලයේ සිටි පක්ෂය වන අවාමි ලීගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. උද්ඝෝෂණ පැවති අවස්ථාවේ බංග්ලාදේශයේ අගමැතිනිය වූ ෂීක් හසීනා සහ එම පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද මෙම ඝාතනයේ විත්තිකරුවෝ අතර වෙති.

කෙසේ වෙතත්, ෂකීබ් අගෝස්තු 5 වැනිදා හෝ හසීනාගේ ඉල්ලා අස්වීමට තුඩු දුන් විරෝධතා අතරතුර කිසිදු අවස්ථාවක බංග්ලාදේශයේ සිටියේ නැත. කෙසේ වෙතත් පසුව ශික් හසීනා රටින් පලා ගියේය. ෂකීබ් ඒ වන විට සිටියේ කැනඩාවේය.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූලි 26 සිට අගෝස්තු 9 දක්වා ඔහු කැනඩාවේ බ්‍රැම්ප්ටන් හි පැවති ග්ලෝබල් ටී 20 කැනඩා ලීගයේ ක්‍රිඩා කළේය. කැනඩාවට පැමිණීමට පෙර ජූලි මැද දක්වා ප්‍රධාන ලීග් ක්‍රිකට් වලට සහභාගී වීමට ඔහු ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටියේය

ඩේලි ස්ටාර් වාර්තා කළේ, “අගෝස්තු 5 වන දින ඇඩබෝර් ප්‍රදේශයේ රින්ග් පාරේ රුබෙල් ඇතුළු සිසුන් සිය ගණනක් විරෝධතාවයේ යෙදී සිටියදී ඉහළ උපදෙස් පරිදි විත්තිකරුවන්ගෙන් සමහරක් සෘජුව හෝ වක්‍රව වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වුන බව පැමිණිලිකරු චෝදනා කර තිබිණි”. වෙඩි තැබීමෙන් රුබෙල් තුවාල ලැබූ අතර දි රෝහලට ඇතුළත් කර දින දෙකකට පසු මිය ගිය බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් ජූලි 16 සිට අගෝස්තු 4 දක්වා කාලය තුළ නොසන්සුන්තාවයෙන් මිය ගිය සංඛ්‍යාව 400 ඉක්මවන බව දක්වා තිබේ. සමහර වාර්තා මගින් එම සංඛ්‍යාව 650 ඉක්මවන බව සඳහන් කර ඇත. බොහෝ පුද්ගලයින් අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ. අවාමි ලීගයේ බිඳවැටීමෙන් පසු, බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් පිහිටුවා තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාජ්‍ය සේවක පඩි වැඩිකරන කැබිනට් පත්‍රිකාවේ හංගපු කෑල්ල… 2030  වන විට  රාජ්‍ය සේවකයින් ලක්ෂ 10 තෙක් අඩු කරයි! 

Next Post

ක්ලබ් වසන්ත ඝාතනයේ එක් කුලී ඝාතකයෙක් දෙහිවලදී කොටු වෙයි… ඝාතනය සිදුකර ඇත්තේ කංජිපානි ගේ සහ ලොකු පැටී ගේ කොන්ත්‍රාත් එකකට…. කුලී ඝාතකයා කියයි!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.