ශ්‍රියානි විජේසිිංහ –
වෛද්‍යවරුන්ගේ නිවාඩු දින දීමනාව සහ රාජකාරී දීමනාව කප්පාදු කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බලධාරින් සමඟ සාකච්ඡා කර ලබා දෙන තීන්දුව මත ඉදිරි ක්‍රියාමාර්ගයන් තීරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
ලබන සතියේදී රැස්වන මධ්‍ය කාරක සභාවේ දී ජනාධිපතිවරයා ලබා දෙන තීන්දුව පිලිබඳව ගැඹුරින් සාකච්ඡා කර ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න ප්‍රකාශයට පත්කරන බව සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයින් ඊයේ (27) සවස පැවැත් වූ විශේෂ සාකච්ඡාවේදී වෛද්‍යවරුන්ගේ දීමනාවන් කප්පාදු කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ බවත් එහිදී යම් ගැටලුවක් සිදුව තිබෙන බව ජනාධිපතිවරයා පිළිගත් බවත් වෛද්‍ය සුගතදාස කීය.
සමස්ථ රාජ්‍ය සේවයේම වැටුප් වැඩිකිරීම මෙවර අයවැය මගින් රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් රජයට සංගමයේ ස්තූතියද පුදකළබව හෙතෙම පැවසුවේය.
වෛද්‍යවරුන්ගේ Dat දීමනාව, සංශෝධනය කර යාවත්කාලීන කිරීම ,සිමා වාසික වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඔවුන්ට ලබා දෙන සීමාවාසික දීමනාව යාවත්කාලීන කිරීම, විශේෂඥ පුහුණුව සඳහා යන වෛද්‍යවරුන්ගේ ජීවන වියදම් දිමනාව සංශෝධනය කිරීම, .පශ්චාත් උපාධි අවස්ථා පුලුල් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා ගැනීම, වෛද්‍යවරුන්ගේ ශ්‍රේණි ක්‍රමවේදයේ ඇති අඩුපාඩු සකස් කිරීම , වෛද්‍යවරුන්ගේ වාහන බලපත්‍රය නැවත වෛද්‍යවරුන්ට ලබා ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කළ අතර වෛද්‍යවරුන් රටතුළ රඳවා ගැනීමට මෙම ඉල්ලීම් ලබා දෙනු ඇති බව සංගමය පූර්ණ විශ්වාසය පළ කරන බවද හෙතෙම පැවසුවේය.
ආර්ථික වශයෙන් රට කඩා වැටී ඇති මොහොතදී ලෝකයේ දියුණු රටවල් මෙන් සෞඛ්‍ය දර්ශකයන් ඉහළින් තබා ගැනීමට වෛද්‍යවරුන් ඇතුලු සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයම කැප වූ බැවින් කප්පාදු කර ඇති ඔවුන්ගේ දීමනාවන් නැවත ලබා දීමට කටයුතු කරන්නැයිද සංගමයේ සාමාජිකත්වය රජයෙන් විශේෂ ඉල්ලිමක්ද කර ඇත.







