අද (27) රාත්‍රීයේ දී වෙඩි වැදුන 09 හැවිරිදි දැරියක් මිය ගොස් තිබේ. ඇයගේ මිත්තනිය බරපතල තුවාල සහිතව රෝහල්ගත කර ඇත.
මියගොස් ඇත්තේ හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේ දැරියකි. තුවාල ලැබූ දැරිය සහ මිත්තනිය කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී දැරිය මියගොස් ඇති ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි. ඇයගේ මිත්තනිය මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.
හෙට්ටිපොල පොලීසියට ලද තොරතුරක් අනුව සිද්ධිය ගැන විමර්ශන ක්‍රියාත්මකය.
මියගිය දැරිය සිය මිත්තණිය සමඟ නිවසේ රැඳී සිටියදී, අසල පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්ද ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී ඇයටත් ඇයගේ මිත්තනියටත් වෙඩි වැදී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
දැරියගේ මෘතශරීරය කුලියාපිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.
අපරාධයට සම්බන්ධ බෝර 12 වර්ගයේ ගිනිඅවිය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.







