ශ්‍රියානි විජේසිංහ –
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩු වූ සභාපති තනතුර සහ අනෙකුත් සාමාජික තනතුරු සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා සිදු කළ නව පත්කිරීම් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය අප්‍රසාදය පළකරමින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුතු කර තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු වෛද්‍ය සේවය සහ අධ්‍යාපනය නියාමනය කරන, වෘත්තීය සම්මතය ආරක්ෂා කරන, රෝගී ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ඉතා වැදගත් ආයතනයක් බව සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රභාත් සුගතදාසගේ අත්සනින් යුතු නිවේදනයේ සඳහන් කර ඇත.
නමුත් නව පත්කිරීම් පිළිබඳ සලකා බැලූ විට, ඔවුන්ගෙන් බහුතරයක් දූෂණ චෝදනා සහ ගැටලුකාරි පසුබිමක් ඇති පුද්ගලයන් බව පැහැදිලිවෙන බවත් නව සභාපතිවරයා “ඉමියුනොග්ලොබියුලින් වංචාව” සම්බන්ධයෙන් චූදිත වූ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ගේ කාලයේ ඔහුගේ ඇනුමැතියෙන් වෛද්‍ය සභාවට පත් කරන ලද පුද්ගලයෙකි. එමෙන්ම මේ පත්කිරීම්වලින් සමහරු පෙර සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික සම්බන්ධිකරණ භූමිකාවන් දැරූ අය වන බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත..
එසේම, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට සම්බන්ධව කටයුතු කළ වෛද්‍යවරයෙකුද සභාවට පත් කර ඇති අතර, පෙර වැරදි චෝදනා ලැබූ ; වෛද්‍යවරයෙක් ද නැවත පත් කර තිබීම සංගමයේ දැඩි කනස්සල්ලට හේතු වී ඇතැයිද නිවේදනයේ සඳහන්ය.
සංගමය මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාට 2025 සැප්තැම්බර් 24 දින ලිඛිතව දැනුම් දී ඇති අතර, අද (26) රැස්වූ සංගමයේ හදිසි විධායක සභාව මගින් නිල විරෝධය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ.
එම නිවේදනය පහත දැක්වේ.








