සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැලැන්ඩරයේ වෙසක් පොහොය දිනය වෙනස් කරන්න… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව දන්වති!

by editor
දෙසැම්බර් 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයට අනුව ලබන වසරේ මැයි මස 01 දින වෙසක් පුන් පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන දිනයේදී විසා නැකත නොයෙදෙන බැවින් වෙසක් පොහෝ දිනය මැයි මස 30 වැනිදාට යොදා ගැනීම සුදුසු බවට තීරණය කළ බව ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජනපති අනුර කුමාර දිසානායක  වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ අනුව 2026 මැයි 30 දිනට යෙදෙන පුර පසළොස්වක පොහෝ දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සුදුසු බවත් වෙසක් පුන් පොහෝ දිනය හා සැබැඳි චිරාගත ශාසනික මෙන්ම ආගමික කර්තව්‍යයන් හා රාජ්‍ය උත්සව ද එදිනට යොදා ගැනීමට අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දීමට කටයුතු කරන ලෙසත් අදාළ ලිපිය මගින් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජනපතිවරායට දැනුම් දී ඇත.

මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් ජනපතිවරයා වෙත යොමුකර තිබෙන ලිපියේ මෙසේද සඳහන් වෙයි.

ලබන වසරේ මැයි මස 01 වන දින හා 30 යන දෙදිනම පසළොස්වක පොහොය දෙකක් යෙදෙන අතර දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයන්හි 2026 මැයි 01 දින වෙසක් පුන් පොහෝ දිනය ලෙස ද 2026 මැයි 30 දින අධි පොසොන් පුර පසළොස්වක පොහොය දිනය ලෙස ද යොදා ඇත. එහෙත් 2026 මැයි 01 දිනට විසා නැකත නොයෙදීම හේතුවෙන් එම දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි සංවාදයක් නිර්මාණය වී ඇත.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර කාරක මහා සංඝ සභාවන් නක්ෂත්‍ර ප්‍රවීණයන්ගේ ද අදහස් විමසා චිරාගත ශාසන සම්ප්‍රදායානුකූලව ද විසා නැකත යෙදෙන 2026 මැයි 30 දිනට උදාවන පුර පසළොස්වක පොහෝ දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස යොදා ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

RelatedPosts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාව සම්බුදු තෙමඟුල නිමිති කොටගෙන ධර්මාර්ථ චර්යාවෙන් පෝෂිතව වෙසක් පුන් පොහෝ දිනය ඉමහත් ශ්‍රද්ධාවෙන් අනුස්මරණය කරන අතර ම වෙසක් පුන් පොහෝ දිනය හා සැබැඳි චිරාගත බෞද්ධ ආගමික චාරිත්‍රයෝ ද බොහෝ පවතින හෙයින් වෙසක් පොහෝ දිනය සම්බන්ධ කාලවකවාණු පිළිබඳ අතිශය සාවධානව කටයුතු කිරීමට යුහුසුළු වෙති.

“වෙසඛනක්ඛත්තෙන ජාතො ච අභිසම්බුද්ධො ච පරිනිබ්බුතො ච’ යන බුද්ධ වංස අට්ඨ කථා පාඨයට අනුව සිද්ධාර්ථ කුමාරොත්පත්තියත්, සම්බුද්ධත්වයට පත් වීමත්, සම්බුද්ධ පරිනිර්වාණයත් විසා නැකතෙන් ම සිදු වී බව පැහැදිලි වේ. ඒ අනුව නක්ෂත්‍රානුකූලව ද වෙසක් පුන් පොහෝ දිනය විසා නැකතට යෙදෙන පසළොස්වක දිනක ම යොදා ගැනීම චිරාගත චාරිත්‍රයයි.

ඒ අනුව 2026 මැයි 30 යෙදෙන පුර පසළොස්වක පොහෝ දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සුදුසු බවත් වෙසක් පුන් පොහෝ දිනය හා සැබැඳි චිරාගත ශාසනික මෙන්ම ආගමික කර්තව්‍යයන් හා රාජ්‍ය උත්සව ද 2026 මැයි 30 දිනට යොදා ගැනීමට අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දීමට කටයුතු කරන ලෙස හිතාධ්‍යාශයෙන් යුක්තව සිහිපත් කර සිටිම්හ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නුවර බලගොල්ලේ 87 හැවිරිදි මවක් නිවස තුළම අත් පය ගැට ගසා මරා දමලා…

Next Post

බංගලාදේශ පළමු අගමැතිනිය කලීඩා සියා දිවි සැරිය නිමා කරයි!

Related Posts

පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.