දිනසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය අරිවියල් නගරයේ පිහිටි කෘෂිකර්ම මණ්ඩපයේ සේවය කළ ආරක්ෂක නිලධාරියෙකු විශ්ව විද්‍යාලයේ මහල් ගොඩනැගිල්ලකින් බිමට වැටී 28 දා මිය ගොස් තිබේ.
ධර්මසීලන් රඝුරාජ් නැමති 34 හැවිරිදි මෙම ආරක්ෂක නිලධාරියාගේ මළ සිරුර විශ්ව විද්‍යාලීය කාර්ය මණ්ඩලයට හමු වි ඇත්තේ සිද්ධිය සිදු වී පැය කීපයකට පසුවය.

ඔහු මහල් ගොඩනැගිල්ලෙන් බිමට වැටෙන අන්දම කවරෙකුවත් දැක නොමැති අතර සී.සී.ටීවී කැමරා පද්ධතිය පරීක්ෂා කොට ඒ පිළිබදව දර්ශන සොයා ගැනීමට කිළිනොච්චිය පොලීසිය පියවර ගෙන තිබේ.
සිද්ධිය පිළිබදව විශ්ව විද්‍යාල බලධාරීන් කිළිනොච්චිය පොලීසියට දැණුම් දීමෙන් පසුව පොලීසිය අධිකරණ නියෝගයක් මත මියගිය අයගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කිළිනොච්චිය දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
කිළිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







