බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විවාහ වී සති  තුනයි… තරුණ සැමියා බිරිය මරා වළ දමා පලාගොස් සිටිය දී පොලිස් අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

විවාහ වී මාසයක් ඉක්ම යාමටත් පෙර සිය බිරිද මරා නිවස අසලම වළ දමන ලද මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේ ස්වාමි පුරුෂයෙකු පොලීසිය විසින් ඊයේ (24) දා කොළඹදී අත් අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් මුල්ලියාවලෙයි වාප්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ටී.ගීතා නැමති කාන්තාව මරා නිවස අසලම වළදමා තිබියදී මුල්ලියාවලෙයි පොලීසියේ නිලධාරීන් පිරිසක් එහි ගොස් මියගිය කාන්තාවගේ මළ සිරුර ගොඩ ගෙන තිබේ.

මේ කාන්තාව මීට සති තුනකට පමණ ඉහතදී මුලතිව් කුමරපුරම් ප්‍රදේශයේ තරුණයෙකු සමග විවාහ වී දින කීපයකට පසුව කුළී පදනම මත ලබා ගත් නිවසක පදිංචියට පැමිණ ඇත.

එදා සිට ඇය සිය මවට දුරකතනයෙන් දිනපතාම කතා කිරීම පුරුද්දක් වශයෙන් කරගෙන ගොස් ඇතත් ඔක්තෝබර් මස 21 වෙනිදායින් පසුව මවට ඇගෙන් කිසිදු ඇමතුමක් ලැබී නොමැත.

මව විසින් දුරකතන අමතුම් ලබා ගන්නා සෑම අවස්ථාවකදීම ඇගේ දුරකතනය  විසන්ධි වී තිබීම නිසා මව  ඇයව බැලීමට කුලී  නිවස වෙත ගොස් තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ අවස්ථාවේදී නිවසේ කීසිවෙකු සිට නොමැති අතර මව  ඒ අවට සෝදීසි කිරීමේදී අලුතින් කපන ලද වළක් පස් වලින් වසා දමා තිබෙනු දැක ඇත.

මේ සිද්ධිය ගැන සැක සිතු මව  මුල්ලියාවලෙයි පොලිසියට මේ බව පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය පැමිණ වළ පරීක්ෂා කිරීමේදී මරා වළ දමන ලද කාන්තාවගේ මළ සිරුර හමු වී තිබේ.

මේ සම්බන්ධයෙන් පොලීසිය මුලතිව් මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කිරීමෙන් පසුව ස්වාමියා අත් අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කොට තිබේ.

ඒ වන විට කොළඹ වැල්ලම්පිටියට ගොස් සිටි ඇයගේ ස්වාමිපුරුෂාය මුල්ලියාවලෙයි පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුව රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා ලබා ගත් රැදවුම් නියෝගයක් මත මුල්ලියාවලෙයි පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හරි දේ වැරදි විදිහට කරන්න ගිහින් රට තිගැස්සූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කොළඹ මෙහෙයුම…

Next Post

බූස්සේ අධි ආරක්ෂිත බනධනාගාරයේ සිට බිලියන 09කට වැඩි කුඩු රටට ගේන්න හැදූ දෙවුන්දර තමිල් සහ පැපොල් කලූ ගේ තවත් කුඩු බෝට්ටුවක් ගැන නාවික හමුදාව සෙවිල්ලෙන්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.