අද දිනයේ තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටීමට නොහැකි බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් දන්වා ඇත. ඔහු ඉල්ලා ඇත්තේ මේ පෙනී සිටීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසය.
එම ඉල්ලීම මත විමල් වීරංශට ලබන ඉරිදා තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිනෙන්නැයි දන්වා තිබේ.
සීනිමෝදර දී හසුවුන ලංකාවේ ගොඩබිමෙන් සොයා ගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය වූ කිලෝ 705ක අයිස් සහ හෙරොයින් ප්‍රමාණය ගැඹුරු මුහුදේ සිට ගොබිම වෙරළතීරයට රැගෙන පැමිණි බෝට්ටු හිමි බෙලිඅත්තේ සනා හෙවත් පුවක්දණ්ඩාවේ සනා නැමැත්තා ජනාධිපතිවරයාගේ මිත්‍රයෙක් බවත් පසුගිය පලාත් පාලන මැතිවරණයේ දී ප්‍රධාන රැළිය අවසන් වීමෙන් පසු රාත්‍රී භෝජනය සඳහා ජනාධිපතිවරයා ගියේ පුවක්දණ්ඩාවේ සනාගේ නිවසට බවත් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා විමල් වීරවංශ ප්‍රකාශ කළේය.
එහෙත් එම ප්‍රකාශ ජාතික ජන බලවේගය විසින් ප්‍රතික්ෂේප කළ අතර ඒ ප්‍රකාශය සම්බන්ධව පූර්ණ විමර්ශනයක් දියත් කළ යුතු බව ඉල්ලා සිටියේය. ඒ අනුව විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා විමල් වීවරංශට මෙම කැඳවීම සිදුකර තිබිණි.
මේ වනවිට පුවක්දණ්ඩාවේ සනා නැමැති මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තැනැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටී.







