බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විමලවීර දිසානායකගෙන් වර්ජනය කරන වනජීවී නිලධාරීන්ට අභියෝගයක් !

by Lanka Sara Editor
දෙසැම්බර් 6, 2020 - Updated on දෙසැම්බර් 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

වනජීවී නිලධාරීන් කුමන වර්ජනයක් දියත් කළත් යක්කුරේ සහ ඒ අවට ගම්මානවල ජීවත් වන අහිංසක ජනතාව වෙනුවෙන් තමා ගෙන යන වැඩපිළිවෙළ නතර නොකරන බව වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානායක  ලංකාසරට පැවසීය.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතය මැදින් ඉදිකොට ඇති මාර්ගය විවෘත කිරීම හා රක්ෂිතවල ගවයින් ගාල් කිරීම වැනි වැඩකටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට ඇමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරන බැවින් ඊට විරෝධය සමස්ත ලංකා වනජීවී නිලධාරීන්ගේ සංගමය අද දියත් කරන සංකේත වර්ජනය සම්බන්ධව ලංකාසර කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව අනාවරණය කළ විමලවීර දිසානායක   වනජීවි නිලධාරින්ගෙන් 80%ක් වැඩ වර්ජනයට එක් නොවන බව පැවසීය.

වනජීවී නිලධාරීන් සුළු පිරිසක් ඇතැම් අයගේ උසි ගැන්වීමට වර්ජනය කලත් වසා දමා ඇති මාර්ගය තවමත් තම පන්තිය නියෝජනය කරන ජනතාව වෙනුවෙන් විවෘත කර දෙන බවත් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාව ලබාගැනීමට මේ වන විට පියවර ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

ඇමතිකමට හා තනතුරු තාන්නමාන්නවලට වඩා තම පංතිය නියෝජනය කරන අහිංසක ජනතාව තමන්ට වටිනා බව කී ඇමැතිවරයා ඒ ජනතාව ඉල්ලා සිටින්නෙ පා ගමනින් යෑම සඳහා ජලගැලුම් නිම්නය හරහා වැටී ඇති කෙටි මාර්ගය විවෘත කර දෙන ලෙස බව පැවසීය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම මාර්ගය තාර දැමීම කාපට් කිරීම කෝ කොන්ක්‍රීට් කිරීම වැනි කටයුතු සිදුනොකර වැලිපාර ලෙස තබාගෙන ජනතාවට පා ගමනින් යෑමට අවශ්‍ය අවකාශය සලසා දිය යුතු බවත් එවැනි දෙයක් හෝ ඉටුකර දීමට නොහැකි නම් තම ඇමැතිකමින් ඵලක් නැති බවත් විමලවීර දිසානායක මහතා අවධාරණය කරයි.

මෙරට රක්ෂිත වනාන්තර බැගින් මාර්ග විශාල ප්‍රමාණයක් ඉදිකර තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා උඩවලව රක්ෂිතය මැදින් ප්‍රධාන මාර්ග හැරුණු කොට රක්ෂිතය ඇතුලේ කුඩා මාර්ග රැසක් තිබෙන බවත් ඒ මාර්ගවල දිනකට ජීප් රථ 600ක් 700ක් ධාවනය කරන බවත් සඳහන් කළේය.

යක්කුරේ සහ අවට ජනතාව වෙනුවෙන් වැලිපාර නැවත විවෘත කර දිය නොහැකි නම් රක්ෂිත මැදින් ඉදිකර ඇති අනෙකුත් සියලු මාර්ග වසා දැමිය යුතු බව තම ස්ථාවරය බවද ඒ මහතා සඳහන් කරයි.

රක්ෂිතවලට ගවයින් ගාල් කරනවා නම් එය නැවත්වීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වනජීවී නිලධාරීන් සිදු කළ යුතු වුවත් ඔවුන් එවැන්නක් සිදු නොකොට එය තමන් පිට පැටවීම අසාධාරණ ක්‍රියාවක් බවද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

මීට ඉහත දී වනජීවී ඇමතිකම් දැරූ ඇමතිවරු කිහිප දෙනෙක් සමගම වර්ජනයට එක්වන අතලොස්සක් වැනි වනජීවී නිලධාරීන් පිරිස විවිධ ගැටුම් ඇති කරගත් බවත් ඔවුන්ගේ අයුතු අවශ්‍යතා වෙනුවෙන් තමා කිසි විටෙකත් පෙනී නොසිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද තවත් කොවිඩ් මරණ තුනක්… මුළු මරණ සංඛ්‍යාව 140යි…

Next Post

කිසිවෙකුට වනජීවී පනත උල්ලංඝනය කරන්න දෙන්නෙ නෑ.. සී.බී කියයි..  

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.