සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පොදු සේවා ඩිජිටල්කරණය කිරීමත් සමග පළමු වසරේදී පුද්ගලයන් 8027ක් ප්‍රතිලාභ ලබති!

by editor
පෙබරවාරි 14, 2026
in පුවත්
e-BMD

උපත්, විවාහ සහ මරණ සහතික ලබා ගැනීම සඳහා e-BMD පද්ධතිය වසරකට පෙර දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා නිල වශයෙන් දියත් කළ අවස්ථාව...

Share on FacebookShare on Twitter

රජය විසින් ක්‍රියාවට නංවා ඇති පොදු සේවා ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ, විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලබා ගැනීම සඳහා හඳුන්වා දුන් e-BMD පද්ධතිය මේ වන විට තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල 62ක සාර්ථකව ක්‍රියාත්මක වන අතර එය ආරම්භ කළ පළමු වසරේදීම පුද්ගලයන් 8027ක් සෘජු ප්‍රතිලාභ ලබා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රාජ්‍ය සේවය ජනතාවට වඩාත් සමීප කරවීමේ රජයේ වැඩපිළිවෙළට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් 2025 ජනවාරි 06 වනදා රටවල් 07ක නියමු ව්‍යාපෘතියක් ලෙස e-BMD ව්‍යාපෘතිය හඳුන්වා දෙනු ලැබිණි. පසුව 2025 පෙබරවාරි 07 වනදා සිට විදෙස් තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල 62ක් දක්වා එම සේවාව ව්‍යාප්ත කෙරිණි.

මෙමගින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල සහතික කළ පිටපත් තම රටට අදාළ තානාපති කාර්යාලය හෝ මහකොමසාරිස් කාර්යාලය මගින් සෘජුවම ලබා ගත හැකිය.

නෛතික පිළිගැනීමකින් යුතුව මෙම සහතික පත් නිකුත් කිරීම සිදු වන අතර, මේ සඳහා නැවත ලංකාවට පැමිණීම හෝ දීර්ඝ කාලීන ක්‍රියාවලියක නිරතවීම තවදුරටත් අවශ්‍ය නොවේ.

එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජපානය, මැලේසියාව, ඉන්දියාව ඇතුළු යුරෝපය, මැදපෙරදිග සහ ආසියානු කලාප රැසක වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා මෙම සේවාව ක්‍රියාත්මක වේ.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

උප්පැන්න, විවාහ සහ මරණ සහතික නිකුත් කිරීමේ සේවාවන් ඩිජිටල්කරණය කර තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල සෘජුවම රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ කිරීම මගින් ලේඛනවල විශ්වසනීයත්වය සහ ආරක්ෂාව තහවුරු කරමින් ලේඛන සැකසීමේ කාලය විශාල වශයෙන් අඩු කර තිබේ.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය මගින් ලබාදෙන තත්‍ය කාලීන (Real-time) තාක්ෂණික සහාය හේතුවෙන්, තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාලවල මෙහෙයුම් ගැටලු විසඳමින් බාධාවකින් තොරව මෙම සේවාව පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇත.

රැකියා, අධ්‍යාපන සහ ආගමන විගමන කටයුතු සඳහා අවශ්‍ය වන සහතික පත්‍ ලබා ගැනීමේදී විදේශගත
ශ්‍රී ලාංකිකයන්ට මෙම වැඩපිළිවෙළ විශාල සහනයක් වී තිබේ.

Share69Tweet43
Previous Post

මැතිවරණ කාලේ දේශපාලකයො දෙන පොරොන්දු හැම එකම ඉටු කරන්නෙ නෑ… මේ ආණ්ඩුවත් එහෙමයි… මල්වතු අනු නා හිමියෝ කියති…

Next Post

මන්නාරම මුහුදේ දී මත් ද්‍රව්‍ය සමග ඩිංගි බෝට්ටුවක් අත් අඩංගුවට…

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.