බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදෙස් කෝටිපතියන්ගේ ක්‍රෙඩිට් කාර්ඩ් හැක් කර මිලියන ගණන් පිල්ලි ගැසූ O/L ෆේල් දුම්මලසූරිය කොල්ලා…

by editor
ජනවාරි 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගයාන් කුමාර වීරසිංහ –

  • සාමාන්‍ය පෙළ වැඩ දෙකයි… කුලී වැඩ කර උපයාගත් මුදලින් ස්මාර්ට් ෆෝන් එකක් අරන්… හැක් කිරීමේ තාක්ෂණය ඉගෙන ගෙන තියෙන්නෙ ෆෝන් එකෙන් අන්තර්ජාලයට ගිහින්…

  • අමෙරිකාව, එක්සත් රාජධානිය, මෙක්සිකෝව, ආජන්ටිනාව වැනි රටවල ධනවතුන්ගේ ක්‍රෙඩිට් කාඩ් හැක් කරලා… අන්තර්ජාලයෙන් භාණ්ඩ ඇනවුම් කරගෙන…

බලවත් රටවල් කිහිපයක ධනවතුන්ගේ ක්‍රෙඩිට් කාඩ් පත් දත්ත අන්තර්ජාලය ඔස්සේ සොයාගෙන, ඒ දත්ත මඟින් මාර්ගගත ක්‍රමයට ලක්ෂ 50කට අධික භාණ්ඩ මිල දී ගෙන විනෝදකාමි ජීවිතයක් ගත කරමින් සිටි 18 හැවිරිදි තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙරේදා (05) අත්අඩංගුවට ගෙන තිබේ.

අමෙරිකාව, එක්සත් රාජධානිය, මෙක්සිකෝව, ආජන්ටිනාව වැනි රටවල ධනවතුන්ගේ ක්‍රෙඩිට් කාඩ් පත් දත්ත අන්තර්ජාලය ඔස්සේ කළ මෙහෙයුමකින් සොයාගෙන, 2021 වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ තරුණයා මාර්ගගත ක්‍රමයට භාණ්ඩ මිල දී ගෙන ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් දෙකක් පමණක් සමත්ව සෙසු විෂයයන් සියල්ල අසමත්ව ඇති මේ තරුණයා දුම්මලසූරියේ පදිංචිකරුවෙකි.

දුප්පත් පවුලක සාමාජිකයකු වන ඔහු අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු කුලී වැඩ කර ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කුලී වැඩ කරමින් එකතු කරගත් පොඩි මුදලක් යොදා ඔහු ජංගම දුරකතනයක් මිල දී ගෙන ඇති බව සඳහන්ය. කොරෝනා වසංගත සමයේ වඩාත් ජනප්‍රියව පැවති අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩා කරන වීඩියෝ ක්‍රීඩාවකට ඇබ්බැහි වී සිට ඇති මේ තරුණයා ඒ ඔස්සේ අන්තර් ජාල භාවිතය ගැන දැනුම ස්වයංව ලබාගෙන ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

ඒ අන්තර්ජාල ක්‍රීඩාව සිදු කරනුයේ කණ්ඩායම් වශයෙනි. එහිදී එක් එක් ක්‍රීඩකයන්ගේ ගිණුම් හැක් කිරීම් ගැන ඔහු සමඟ ක්‍රීඩාවේ යෙදී සිටින අය කරන කතාබහෙන් දැනගත් ඔහු ‘හැක් කිරීම්‘ යනු කුමක්දැයි අන්තර්ජාලයෙන් කරුණු සොයා ඇත.

එහිදී ඔහු හැක් කිරීම් සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරන වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල වෙත සම්බන්ධ වෙමින් ඒ සම්බන්ධයෙන් දැනුම රැස් කරගෙන ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

ඒ දැනුම යොදාගෙන ඔහු ඉදිරියට ගමන් කරමින් සිටියදී ක්‍රෙඩිට් කාඩ් පත්වල දත්ත සොරාගෙන, ඒවා හුවමාරු කරගන්නා සමාජ මාධ්‍ය ජාලයක් සමඟ සම්බන්ධ වී තිබේ. එහිදී ඔහුටද විවිධ ක්‍රෙඩිට් කාඩ් පත් දත්ත ලැබී ඇති අතර, ඒවා භාවිත කිරීම ගැන දැනුමක් තිබී නැත.

ඒ නිසා ඔහු ක්‍රෙඩිට් කාඩ් පත් ගැන තොරතුරු අන්තර්ජාලයෙන් සොයා බලා සිය දැනුම වර්ධන කරගනිමින් තමාට ලැබී තිබුණු ක්‍රෙඩිට් කාඩ් පත් අංකයක් මඟින් සිය ජංගම දුරකතනයට මුලින්ම රුපියල් 50ක රීලෝඩ්එකක් දමාගෙන තිබේ. ඒ වන විට ඔහු සම්බන්ධ වී සිටි ක්‍රෙඩිට් කාඩ් පත් සම්බන්ධ සමාජ මාධ්‍ය ජාල සමූහය විසින් ඒ දත්ත මුලින් නොමිලයේ දුන්නද පසුව ඒවා මුදලට නිකුත් කරන්නට වූ බැවින් ක්‍රෙඩිට් කාඩ් පත් දත්ත හැක් කර ලබාගැනීම සම්බන්ධයෙන් ඔහු ස්වයං අධ්‍යනයක නිරත වී ඇත. ඔහු මේ සියල්ල කර ඇත්තේ ජංගම දුරකතනය ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමෙනි.

අවසානයේ ඔහු ලෝකයේ විවිධ බැංකු පද්ධති විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ් පත් දත්ත ලබාගනිමින්, ඒවා උපයෝගි කරගෙන රූපලාවණ්‍ය භාණ්ඩ, ලෝකයේ මිල අධික මත්පැන් වර්ග, ඇදුම් පැලඳුම්, මිල අධික ආනයනික ආහාර ද්‍රව්‍ය ආදි දේවල් මාර්ගගත ක්‍රමයට මිල දී ගැනීමට පෙලඹී තිබේ.

රුපියල් තිස් හතළිස් දහසේ වටිනාකම් ඇති මත්පැන් බෝතල් මිල දී ගෙන ඒවා ඔහු සිය මිතුරන්ට බෙදා දී ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙසේ ඔහු ක්‍රෙඩිට් කාඩ් පත් මඟින් වසරකට වැඩි කාලයක් තිස්සේ මාර්ගගත ක්‍රමයට භාණ්ඩ මිල දී ගනිමින් සිටියදී ඒ සම්බන්ධයෙන් මෙරට යම් මූල්‍ය සමාගමකට ඇති වුණු සැකයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පසුගිය 04දා පැමිණිල්ලක් කර තිබේ.

ඒ පැමිණිල්ලට අනුව විමර්ශනයක් පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය ජාල විමර්ශන ඒකකය පෙරේදා (05) සවස දුම්මලසූරියට ගොස් මේ තරුණයා සිය නිවසේදීම අත්අඩංගුවට ඇත තිබේ.

එහි ගිය නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ කන්න බොන්න අඳින්න පලඳින්න විශාල වශයෙන් ඔහු ක්‍රෙඩිට් කාඩ් පත් යොදාගත්තද ඔහු ජීවත්වෙමින් සිටි පැල්පත නිවහනක් කරගැනීමට කිසිදු උනන්දුවක් දක්වා නැති බවයි.
මේ තරුණයා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය ගේ මෙහෙයවීමෙන් සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉෂාර ගයාශ්‍රී ඇතුළු විමර්ශන නිලධාරීන් වන මහේෂ් කළුගල්ල, විරංග බණ්ඩාර, චාරික පැතුම් ජයවර්ධන, තරිඳු දිව්‍යාජන සහ අශෝක යන මහත්වරුන් විසින් මේ වැටලීමට සම්බන්ධව සිට ඇත.

දිනමිණ –

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බිත්තර ආනයනය ලබන සතියේ දි ආරම්භ වෙයි!

Next Post

ළමා රෝහලට අද දිනයේ අවශ්‍ය බිත්තර බිත්තර නිශ්පාදකයින්ගෙන් නොමිලේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.