බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලිය මිලදී ගැනීමේ දී “ටෙන්ඩර් කෑල්ල“ පනතින් ඉවත් කිරීමේ හේතුව ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි…

අඩු මිල ටෙන්ඩර්වලට පටන් ගත් විදුලි ව්‍යාපෘති සියයට අනූවක් නැවතිලා... මිල සංශෝධන ඉල්ලනවා...

by editor
ජූනි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විදුලිය මිලදී ගැනීමේ දී විවෘත වෙළෙඳපල ටෙන්ඩර් කැඳවීමකින් පසු අවම මිලට විදුලිය මිලදී ගැනීමේ ක්‍රියාවලිය විදුලිබල පනතින් ඉවත් කිරීම සිදුකරනු ලැබුවේ එය ප්‍රායෝගික නොවන නිසා බවත්, එසේ අවම මිල ගණන්වලට ටෙන්ඩර් කැඳවා 2019 දී දියත් කළ සුනෙක්ති බලශක්ති ව්‍යාපෘති සියයට අනූවක් අසාර්ථක බවත් විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහා පරිමාණ විදුලි ව්‍යාපෘතිවල දී විදුලිය මිලදී ගැනීමේ  ක්‍රියාවලියට විවෘත වෙළෙඳපලේ ටෙන්ඩර් කැඳවීමෙන් ඇතිවන බාධාව කුමක් දැයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා විමසා සිටි අවස්ථාවේ දී ය.

ඊට පිළිතුරු දෙමින් විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මෙසේ පැවසීය.

“මෙතනදි අපි    තිබුණු  නෛතික බාධාවක් ඉවත් කිරීම විතරයි කළේ. යම් පුද්ගලයෙක් බලපත්‍රයක් අරගෙන ඒ බලපත්‍රයට ඔහුට අවශ්‍ය විදුලි මිල දී ගැනීමට ගියාම විදුලිබල මණ්ඩලය කියනවා ටෙන්ඩර් ක්‍රමයෙන් ආවෙ නැතිනම් මේ විදුලි මිල දී ගැනීම කරන් බෑ කියලා.  සුනෙක්ති බලශක්ති අධිකාරියෙ පනතක් තියනවා වෙනම එකක්. විදුලිබල මණ්ඩලයට පුලුවන් කමක් නෑ ටෙන්ඩර් කරන්න වෙන පුද්ගලයෙකුට අයිති ඉඩමක්.

සුනෙක්ති බලශක්ති අධිකාරියෙ බලපත්‍රය දෙන ආකාරයෙ නිර්නායක  එහෙමනම් වෙනස් කරන්න  ඔබ යෝජනාවක් ගේනන් ඕන.  අනෙක මේ විදුලි මිල තීරණය කරන්නෙ ආයෝජකයා නොවෙයි. නිලධාරී කමිටුවක් මගින්.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

සමගි ජන බලවේග මන්ත්‍රී හර්ෂ ද සිල්වා  –   . ඔබ කියනවා ආයෝජනයේ මිල තිරණය කරන්නෙ නිලධාරී කමිටුවක් මගින් කියලා. .

ඒත් යම් නිශ්පාදනයක  හොඳම මිල   තීරණය වන්නෙ ලන්සුවලින්.  තරගකාරීත්වයක් තියනකොට තමයි  හොඳම මිල ලැබෙන්නෙ. ඒක තමයි අවම මිල කියල පනතෙ තිබෙන්නෙ. අවම මිලක් තීරණය කරන්නෙ ලන්සුවෙන්. එයයි ඔබ වෙස් කරන්න යන්නෙ. අපි කියන්නෙත් ඒකයි.

පුංචි ව්‍යාපෘති සඳහා මේ තත්ත්වය එලෙම තියන්න.     විශාල ව්‍යාපෘතිවලට මිල සඳහා තරගකාරිත්වයක් දෙන්න.    අපි හැමෝම කියන්නෙ ඒකයි. ඒ සඳහා සුනෙක්ති අධිකාරියෙ පනත බාධාවක් නම් අපි පනත වෙනස් කරමු.

සුනෙත්ති බලශක්ති පනත ගෙනැවිත් තියෙන්නෙත් අපි. විදුලිබල  පනතෙ ලන්සු ඉවත් කරන්නෙත් අපි. ඇයි අපට බැරි හදිස්සි වෙන්නෙ නැතිව සාකච්ඡා කරලා සුනෙක්ති බලශක්ති පනතයි විදුලිබල පනතයි දෙකම අවශ්‍ය සංශෝධනය කරලා තරගකාරිත්වය තියෙන විදිහට ඉස්සරහට අරන් යන්න.

ඇමති කාංචන විජේසේකර  –  ඔබ කියන එක හොඳයි. වර්ෂ 2019 පසුගිය අත්දැකීම කියන්නම්. 2019 අපි  ටෙන්ඩර් කරලා. ටෙන්ඩර් වලට අඩු මිලගණන් යටතේ පුද්ගලයො එනවා. නැතිව නෙමෙයි. ඒක  අරන් ඒ  මුදලට කරන්න බැරිව ව්‍යාපෘතිවලින් සියයට 90ක් අද නැවතිලා තියෙන්නෙ.  මිල ගණන් සංශෝධනය කරලා දෙන්න කියලා සියලු දෙනාම ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී  ගෙවිඳු කුමාරතුංග

උපදේශක කාරකසභාවෙදි අපි යෝජනා කළා මෙගාවොට් 10ට අඩු ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරවත්  මෙගාවොට් 10ට වැඩි ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීමකට යටත්වත් මිලදී ගැනීම්  කරන්න කියලා. ඒක එතැනදිත් එතුමා පිළිගත්තා. සාධනීය යෝජනාවලට කන් දෙන්න ලෑස්තියි කිව්වා. කාරක සභා අවස්ථාවේ දි එතුමා ඒක පිළිගත්තා නම් දැන් හරි එතුමා රජය වෙනුවෙන්  මුල් ස්ථාවරයට යනවා  නම් දැන් උනත් මේ ගැටලුව ඉක්මවා යන්න පුලුවන්.

පනත වෙනස් කිරීමේ පවට නම් කරගහන්නෙ නෑ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි වර්ජනයට කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්…

Next Post

අස්වුණු බැසිල් අස්වෙන්නත් කලින් ගේම අලුතින් පටන් අරන්…  පක්ෂ විපක්ෂ දේශපාලකයින් එකතු කරන් අලුත් සන්ධානයක්!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.