බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහා දාගැබ් පිළිම අනාගතයට උරුම කර දුන් විශ්වකර්ම විද්වතා නික්ම යයි

විද්‍යාජෝති ගැමුණු සිල්වා හදිසියේ අභාවප්‍රාප්ත වෙයි...

by editor
ජූලි 2, 2021
in පුවත්
Gemunu-Silva

විද්‍යාජෝති ගැමුණු සිල්වා

Share on FacebookShare on Twitter

ලංකාවේ විශිෂ්ටම විද්වතෙක් වාස්තු විද්‍යාඥයෙක් ඉංජිනේරුවෙක් වූ ආචාර්ය ගැමුණු සිල්වා අද (02)  අලුයම අප අතරින් වෙන් වී ගොස්ය. හදිසි හෘදායාබාධය තත්වයක්  නිසා ඊයේ (01) රෝහල්ගත කළ එතුමා  මිය යන විට 78වන වියේ පසුවිය.

යාන්ත්‍රික ඉංජිනේරුවක් ලෙස වෘත්තීය ජීවිතය තෝරාගන්නා මේ විශිෂ්ට විද්වතාගේ නව දෘෂ්ඨි සංකල්ප පුරාවිද්‍යා කේෂේත්‍රයට ගෙන දුන් ආලෝකය නොදන්නෙක් නොවෙති. මාලිගාවිල බුදු පිළිමය, පුපුරා හැලෙන්නට ගිය තිස්සමහාරාම දාගැබ, මිරිසවැටිය දාගැබ, මෙන්ම ගල් විහාර ප්‍රතිමා වහන්සේ ලා අද මේ අයුරින් සුරක්ෂිත ඇත්තේ එතුමාගේ විද්‍යාත්මක මැදිහත්වීම්හි ප්‍රතිඵලයක් ලෙසය.

ආචාර්ය ගැමුණු සිල්වා සම්බන්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ සංරක්ෂණ අධ්‍යක්ෂ වරලත් වාස්තු විද්‍යාඥ ප්‍රසන්න රත්නායකයන් සිය ෆේස් බුක් පිටුවේ තැබූ සංවේදී සටහන උපුටා පල කරමු. ඒ මේ විශිෂ්ට විද්වතා කවරෙක් ද යන්න පිළිබඳ වූ මනා රූප සංකලනයක් ඒ සටහනේ ගැබ් වී ඇති බැවිනි.

කොතැනින් පටන්⁣ගත යුතු කතාවක්දැයි සිතා ගත නොහැක.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙටියෙන් කිවහොත් අප කවුරුත් දන්නා, ඉංජිනේරු, විද්‍යාජ්‍යෝති ගැමුණු සිල්වා ශූරීන් අප හැර ගොස්ය. සිතට දැනෙන දුක අතර වචන ගැලපීමද අසීරුය.

පුද්ගලිකව මගේ මතකය එතුමා හා සම්බන්ධ වන්නේ වසර විසි අටකට පෙර කලක සිටය. එනම් මා පුහුණුවන වාස්තු විද්‍යඥයෙක් ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය කල, 1994, 95 කාලයයි. ඉංජිනේරු සංස්ථාව ආරම්භයේ සිට සේවය කල පතාක යෝධයන් කීපදෙනා අතර ඔහුද විය. ටර්නර් වික්‍රමසිංහ, ජීවක ද සොයිසා, ආදීන් සමග විවිධ රාජකාරි කටයුතු වලදී සුහුඹුලන් වූ අපට ඔවුනගේ ඇසුර විශ්ව විද්‍යාලයේ සිටි වසර ගණන තුල උගත්දෙයට වැඩි දෙයක් විය. නෑ, බෑ කියන වචන නැති, කොහොම හරි කරමු,මේක පුළුවන් බං, තමුසෙලා කරනවකො, මං බලාගන්නම් කියා පහලම සේවකයා දක්වා වගකීම තම කරට ගත් එවන් චරිතයක්, පොඩි තැනදී එසේ වුවද, කිව යුතු දේ ජනාධිපති ඉදිරියේ පවා කෙලින්ම කියන සෘජුපටිපන්න ගුණය, විස්වාස කල නොහැකි තරම් විය.

Dont be Serious , Be mad කියා සරලව ජීවත් වන අයුරු අපට කියා දුන් ඔහු විසින් මැදිහත්වූ ව්‍යාපෘති ලංකාවට පමණක් සීමානොවීය.

ගුවන් හමුදා නිලධාරියෙක් ලෙස ද පන්නරය ලැබූ ඔහු,තමන් විශේෂඥතාවය ලද කාර්මික ඉංජිනේරු ක්ෂේත්‍රයට පමණක් සීමාවූ ඉංජිනේරුවෙක් නොවීම වැදගත්ම දෙයයි. බොහෝ ඉංජිනේරුවන් ඇහැක් ඇරවත් නොබලන පුරාවිද්‍යා ක්ෂේත්‍රයට ඔහුගේ සේවය නැතිවම බැරි උනේ, අපි කරමු කියන හැඟීමෙන් ලැබෙන හැම අභියෝගයක්ම නොපැකිලව භාරගත් හෙයිනි.

මාලිගාවිල බුදු පිළිමය, මිරිසවැටිය, ජේතවනය , අභයගිරිය සෑ, අපේ ඇසින් අද දකින්නේ ඔහුගේ නුවනැසින් ඒ දෙස බැලූ පිනෙන්ය. පුපුරා හැලෙන්නට ගිය තිස්සමහාරාම දාගැබ, කොතැනකවත් නැති ලෙස කේබල් යොදා බැඳතබා රැක ගන්නට හැකිව ඇත්තේ, අමුතුම ක්‍රමයකට ඔහු හිතූ නිසාය. ගල් විහාරය, මාලිගාවිල, තිවංක පිලිමගෙය, අවුකන ආදී පෞරාණික ස්ථාන, ලංකාවේ වෙන කොතැනකවත් නැති Space Frame තාක්ෂණය සහිත ආවරණ වහලයෙන් ආරක්ෂාවී ඇත්තේ ඔහුගේ නිර්මාණශීලීත්වය නිසාය.

ඉංජිනේරු ශිල්පය පමණක් නොව, ජීවිත තක්සලාවෙන්ද ඉහලම උපාධි ලද ඔහු ඇසුර හැම දෙනාට සැබැවින්ම ප්‍රිය විය.

විවිධ රාජකාරි සදහා රට වටා යන ගමනේදී මා ඔහුගෙන් උගත් දේ බොහෝය. වයස් ගතවී ගත මොනතරම් දුබල වුවද සිතින් ඔහු ප්‍රබල විය.

තම දැනුම තුළ රටට කල හැකි හැම දෙයක්ම ඉටුකරන්නට ඔහු නොපසුබට විය. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කල තමා පියා ඇසුරෙන් දුම්රිය ගැන ඔහු දැනගත් බොහෝ විස්තර මා ඔහුගෙන් දැන ගත්තෙමි. පාසල් වියේදී, පියාගේ දුම්රිය බලපත්‍ර තුනෙන්, පවුලේ සියල්ල උදේ රත්මලානෙන් පිටත්ව, යාපනේ නාගදීපය වැඳ පියාගේ මිතුරෙකුගේ නිවසෙන් කෑම කා, කැෂුරිනා බීච් එකෙන් මුහුදේ නා, ආපසු හවස් වෙද්දී ගෙදර ආ ගුවන් ගමන ගැන ඔහු කියූ රසකතාව තවමත් මා සවන රැව්දේ. මාලිගාවිල බුදු පිළිමය හා බෝම්බ ප්‍රහාරයෙන් පසුව දළදා මාලිගාව සංරක්ෂණය පිලිබද ඔහු සතු සියළු තොරතුරු හා ඡායාරූප අපවෙත දුන්නේ, ඒවා තිබිය යුත්තේ පුරාවිද්‍යා ⁣දෙපාර්තමේන්තුවේ බැවින්ය.

අවසන් වතාවට , පසුගිය සතියේ මා ඔහු ඇමතූ විටත් ඇසුවේ, අපි ආයෙත් දීඝවාපි යන්නේ කවදාද කියාය. වස⁣ර දෙකකට පෙර දීඝවාපි ගිය විටක රාත්‍රියේ පය පැකිලී වැටී, අතක් ආබාධ වූ විටද, ඔහුට ⁣යායුතු වූයේ රෝහලට නොව දාගැබටයි. අසනීප ඔහුට වැදගත් නොවීය. “මේ වයසට තියෙන්න ඕන ලෙඩ සේරම මට තියෙනවා දැන් ” කියා ඔහු ගිය සතියේ කීවේ ඔහුට ඒවා වැදගත් නොවන නිසාය.

වරෙක රටේ ජනාධිපතිනිය මා ඉදිරිපිටම ඔහුගෙන් ඇසූ යේ, ” පැරිසියෙත් ඉගෙන ගෙන ගැමුනු, ඉංජිනේරු සංස්ථාවෙ මොනව කරනවද? ” කියාය. රජයේ සංස්ථාවක සේවය නොකර ඔහුට කෝටි ගණන් හම්බකරන්නට, ආයතන රැසක් විය, පිට රටවල් වලට යාමට හැකිව තිබුනි.

එහෙත් මේ රටෙන් ඉගෙනගත් මිනිසෙක් හැටියට, ඔහු මේ රටට ණය නැති මිනිසෙක් ලෙස සේවය කල තරම උවමනාවටත් වඩා වැඩිය.1943 දී උපත ලද ගැමුණු සිල්වා මහතා, වයස 78 ක් වන තුරුම මේ රටට ⁣කල සේවය වෙනුවෙන් අප ඔහුට ණය ගැතිය.


නිවන් සුව ලැබේවා, විද්‍යාජ්‍යෝති ඉංජිනේරු ගැමුණු සිල්වා මැතිඳුනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර වධක සිද්ධියේ කපුවා දවස් හතක් රක්ෂිතයට

Next Post

වී කුරුණියට අලි මරණ තිරිසනුන් මැද වගාවෙන් අඩක් වන අලින්ට වෙන් කළ බෝසත් මිනිසා..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.