ශ්‍රියානි විජේසිංහ –
මාළිගාවත්ත වකුගඩු රෝහලේ සියලුම පරිපාලන කටයුතු නිත්‍යානුකූලව සත්භාවයෙන් තමන් ඉටුකරද්දී ඇතැම් කණ්ඩායම් වැඩ වැරීම අසාධාරණ බව රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චාල්ස් නුගවෙල සඳහන් කරයි.
වකුගඩු රෝහලේ සේවය කරන විකිරණ ශිල්පීන් 2024.12.09 දින සිට පොරොත්තු රාජකාරිවලින් ඉවත්ව ඇති අතර ඒ අනුව සතියේ දිනවල පස්වරු හතරෙන් පසුව සහ සෙනසුරාදා සහ ඉරිදා දිනවල දහවල් දොලහෙන් පසුව සේවයේ නොයෙදෙන බව දන්වා ඇතැයි අධ්‍යක්ෂවයා පෙන්වාදේ.
2024.01.20 වන දින රාත්‍රි හදිසි එක්ස් කිරණ පරික්ෂණයක් සඳහා අදාල නිලධාරීන් කැඳවුවද පසුදින උදෑසන වන තුරුත් ඔවුන් නොපැමිණි බව අදාළ විශේෂඥ වෛද්‍ය නිලධාරී විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබු බවද අධ්යක්ෂවරයා පවසා සිටියි.
විශේෂඥ වෛද්‍ය නිලධාරීයාගේ පැමිණිල්ලට අනුව අදාල මූලික විමර්ෂණ පවත්වන ලෙස තමා විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැන් වූ බවද වෛද්‍ය චාල්ස් පෙන්වාදේ.
රෝගී සත්කාර සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජයේ විකිරණ තාක්ෂණවේදීන් රාජකාරියේ නොයෙදෙන කාල සීමාවන්වලදි රෝහල ආසන්නයේ ඇති පෞද්ගලික රෝහලක් වෙත රෝගීන් යොමුකර එක්ස් කිරණ පරික්ෂණයන් සිදුකර ගැනීමක් සිදුකළ බව අධ්යක්ෂවරයා පවසයි.
එමෙන්ම අසාධ්‍ය රෝගීන් සදහා සුදුසුකම් ලත් විකිරණ ශිල්පීන් ගෙන්වා එක්ස්කිරණ පරික්ෂණයන් සිදුකිරීමක් සිදුකළ අතර එම නිලධාරීන් ස්වෙච්ඡා සේවාවක් ලබා දීම විශේෂත්වයක් යැයිද හෙතෙම පවසා සිටියි.
මෙම ස්වෙච්ඡා සේවය සැපයු නිලධාරින් ජාත්‍යන්තර JCI ආයතනයේ පිළිගැනීමක් සහිත රෝහලක් මගින් යොමුකළ ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය සුදුසුකම් ලත් නිලධාරින් බව වෛද්‍ය චාල්ස් නුගවෙල අවධාරණය කරයි.
විකිරණ තාක්ෂනවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන අවස්ථාවක රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම රෝහල් අධ්යක්ෂවරයා ලෙස තමාට පැවරී ඇති බැවින් තමා ගත් ක්‍රියාමාර්ගයන් හී වරදක් ඇත්නම් ඒ වෙනුවෙන් පරික්ෂණයක් කරන ලෙස තම ට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ හැකි බවද අධ්යක්ෂවරයා ප්‍රකාශ කරයි.







