මනම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල මගුල්දමන පෙර පාසලක වැසිකිළිවළට වැටී මියගිය වන අලියෙකුගේ සිරුරක් අද ( 16 ) ප්‍රදේශවාසීන්ට හමුවී ඇති බව වෙහෙරගල වනජීවී නිලධාරීහු සඳහන් කළහ,

මියගොස් සිටින මෙම අලියාගේ වයස අවුරුදු 30ක් පමණ වන බවත්, මෙම අලියා මීට දින හතරකට පෙර වැසිකිළිවළට වැටී මියගොස් ඇති බවට සැකකරන බවත් වෙහෙරගල අඩවි ආරක්ෂක ඩබ්ලිව්. ජී. වීරසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
මෙම අලියා වැසිකිළිවළට වැටී මියගොස් ඇති අයුරු දුටු ප්‍රදේශවාසීන් මේ පිළිබඳ වෙහෙරගල වනජීවී නිලධාරීන් සහ මනම්පිටිය පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමෙන් අනතුරුවව අවසන් කටයුතු අද (16) සවස සිදුකරන බවද වෙහෙරගල වනජීවී නිලධාරීහු සඳහන් කළහ,







