වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සම්බන්ධ සැකකාර ඝාතකයා අද ( 26) කැකිරාව පොතානගම දී අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි විය.
පොලිස් මූලස්ථානය වාර්තා කරන්නේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැලසුම් සහගත මෙහෙයුමකින් පසු කැකිරාව පොලිස් වසමේ නිවාස 50 ප්‍රදේශයේ, මෙම අපරාධයට අදාල සැකකරුවන් සැඟවී සිටින බවට ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බවය.
වැටලීම සඳහා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්, යුධ හමුදා නිලධාරීන්ගේ ද සහාය සහිතව අද අළුයම අදාල මෙහෙයුම දියත් කළ බවය.
කමතක් සඳහා භාවිතා කරන ලද අත් හැර දමනලද නිවසක් සහිත ඉඩමක් වටලා පරීක්ෂා කිරීමේ දී සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම සැකකරුවන් සමඟ සිටි තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු පොලිසිය සමඟ පොර බැදීමක් සිදුකර ඇති අතර එහිදී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබා ගැනීමට යොමුකර ඇත.
සැකකරුවන් විසින් අපරාධයට භාවිතා කරන ලද යතුරු පැදිවලින් එක් යතුරු පැදියක්, රුපියල් ලක්ෂ දොලහකට අධික මුදල් ප්‍රමාණයක්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය භාවිතයට යොදා ගන්නා උපකරණ මෙම වටලීමේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන්ට පහසුකම් සලසන ලද එම ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇත.,
වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධව මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මගපෙන්වීමෙන් පොලිස්පතිතුවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කරන්නේ පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඒකාබද්ධ මෙහෙයුමක් ලෙසින් බව පොලිස් මූලස්ථානය පවසයි.








