බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය හෙට (ජුනි 11) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක අද නියෝග කළේය.
ඇතැම් රැඳවියන් නිදහස් කිරීම සඳහා ජනාධිපති සමාව නීති විරෝධී ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශන සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරු හෙට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.





