බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාහනය සමග පැහැරගත් තරුණිය පොලිසියට කී කතාව

සල්ලි හා රන් භාණ්ඩ විතරයි ඉල්ලුවෙ.. කාර් එකේ ඇඟිලි සලකුණු ඉවත් කර මග දාලා යනම් කියා යතුර දුන්නා...

by editor
ජූනි 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

“මා කාර් රථයේ දොර ඇරගෙන කෑගැසුවා මාව බේරාගන්න කියලා. පස්සේ ඔහු මගේ කොණ්ඩයෙන් අල්ලාගෙන ගෙල නමා කකුලට තියා තදකරගෙන එක් අතකින් කාර් රථය පදවාගෙන ගියා“ යැයි ගාල්ල කරාපිටිය නගරයේ දි කාර්රථය සමග පැහැරගෙන ගොස් පසුව රත්ගම ප්‍රදේශයේ දි දමාගිය රුසියාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවියක් වන විල්හාරි චාරුකා 25 සිය අත්දැකිම් විස්තර කරමින් එසේ කිවාය.

කොල්ලකරුවිසින් තරුණිය රත්ගම ප්‍රදේශයේ දි කාර් රථයෙන් බස්සවා ඇයගේ අත්පළදනාව හා රුපියල් 62000ක මුදලක් සමග කාර් රථය පැහැර ගෙනගොස් තිබුණි. අද (24) අළුයම බුස්ස දැව සංස්ථාව ඉදිරිපිට දමාගොස් තිබියදි කාර්රථයද පොලිසිය මගින් සොයාගෙන ඇත.

විසිපස් හැවිරිදිවියේ පසුවන මෙකි තරුණිය රුසියාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක පස්වන වසරේ ඉගෙනුම ලබන අතර කොරෝනා වසංගතයත් සමග මෙරටට පැමිණ ඇත. ඇය අක්මිමන හියාරේ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඇය අප සමග මෙසේද කිවාය.

“නංගි තමයා කාර් රථය පැදවුයේ. කරාපිටිය නගරයේ පිහිටි රජයේ බැංකුවකට ටිකක් දුරින් කාර් රථය නතර කළා. මා කාර් රථයේ හිටියා. යතුර දොරේ ඇති රැඳවුමට දමා චෙක්පත් වගයක් බැංකුවට දෙන්න නංගි කාර් රථයෙන් බැහැලා ගියා. මුදල් හුවමාරු යන්ත්‍රය අසල දිගු පොලිමක් තිබු නිසා නංගි සල්ලි මට දිලා ගියා. මම කාර් රථයේ වාඩිවෙලා ජංගම දුරකථනය ඔබ ඔබ හිටියේ. මා දැක්කේ නැහැ ඔහු කාර් රථයට ගොඩවෙලා වාඩිවෙනකම්. ඉස්සරහ තියෙන වෑන් එක් පිටුපසට ගන්න කාර් රථය පිටු පසට ගන්නවා කියලා කිවා. මා කිවා කමක් නැහැ කියලා.

ඔහු කාර් රථය පිටුපසට අරගෙන නැවතී ඉදිරියට ධාවනය කළා. මගෙන් ඇසුවා කාර් රථයේ කල්බදු වාරික ගෙවලාද තියෙන්නේ කියලා. පස්සේ තමයි මට වැටහුණේ මේ පුද්ගලයා හොරොක් කියලා. මා කාර් රථයේ දොර ඇරගෙන කෑගැසුවා මාව බේරාගන්න කියලා. පස්සේ ඔහු මගේ කොණ්ඩයෙන් අල්ලාගෙන ගෙල නමා කකුලට තියා තදකරගෙන එක් අතකින් කාර් රථය පදවාගෙන ගියා. එක අතකින් තමයි කාර් රථය පැදවුයේ. මට මුකුත් කරගන්න බැරිවුනා. මා කිවා ඉලන්න ඕන දෙයක් දෙන්නම් කාර් එක තියලා යන්න කියලා.“

“මට සල්ලි විතරයි ඕන. මට කාර් එකෙන් ඇති වැඩක් නැහැ.“ කියලා ඔහු කිවා. කාර් රථයේ යතුරත් මට දුන්නා. මගේ අත්පළඳනාව ගලවන්න කිවා. මට බහින්න කිවුවා. මා කිවුවා අත් පළදනාව හා මුදල් ආරගෙන කාර් එක තියලා යන්න කියලා. කාර් රථයේ ඇඟිලි සලකුණු වැදිලා තියෙනවා. එවා ක්ලීන් කරලා කාර්එක මග දමලා යන්නම් කියලා ඔහු කිවා. කොමියුනිකේෂන් එක ළඟ ඔයා බස්සවන්නම්. ඔයා අම්මාට කථා කරලා මේ ගැන කියන්න. මම කොතනක හරි වාහනේ දමලා යන්නම්, පස්සේ ඇවිත් ගන්න කියලා.“

“මා පිටුපසෙන් කවුරුහරි එන බව ඔහු කිවා. අම්මාගේ තාත්තාගෙයි කාර් එක. අනේ මා ළග තියෙන මුදල් හා රන් භාණ්ඩ දෙන්නම් කාර් රථය තියලා යන්න කියලා කිවා. ඔහු මා සමග ඉංග්‍රිසියෙන් ද කථා කළා. ඔයා බුද්ධිමත් ළමයෙක් නේ. “ඔයා මම කියන එක තෙරුම් ගන්න. මට මේ කාර් එක අරගෙන ගිහින් මොනවා කරන්නද?. මට සල්ලි විතරයි ඕන“ කිවා.

මම අත්පළදනාව ගලවලා දුන්නා කරාබු දෙක ගලවලා දෙන්න හැදුවා. කරාබු දෙක එපා කිවා. සල්ලි හා අත් පළදනාව ගත්තා. පස්සේ මා කාර් රථයේ යතුරත් අරගෙන බැස්සා. රත්ගම ප්‍රදේශයේ තිබු ලි මෝලක් අසල තමයි දමා ගියේ. මම ගෙදරට කථා කරලා කීවා.“

“පස්සේ මාව රත්ගම පොලිසියට එතන හිටපු මල්ලි කෙනෙක් ත්‍රිරෝද රථයකින් රැගෙන ගියා. පස්සේ රත්ගම පොලිසියෙන් මාව ගාල්ල පොලිසිය වෙත යොමු කළා.“ යැයි ඇය කිවාය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙහිවල සත්තුවත්තේ කොවිඩ් තොරතුරු හංගන්න පරීක්ෂණ පේරාදෙණියෙන් ගලවයි….

Next Post

දුමින්ද… මේ පොසොන් පෝ දා නිදහස ලැබ ඔහු මෙසේ බන්ධනාගාරයෙන් පිටව ගියේය….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.