දිනසේන රතුගමගේ –
දැවැන්ත ජන සහභාගීත්වයකින් යුතුව මෙවර වාර්ෂික මඩු මංගල්‍යය පැවැත්වෙමින් ඇත.
පිට පළාත් වලින් එන ජනතාව වෙනුවෙන් බස් හා විශේෂ දුම්රිය කීපයක්ද මන්නාරම වෙත යොදවා තිබුණි.

මේ අතර යාපනයේ සිට වනගත මාර්ග ඔස්සේ කණ්ඩායම් වශයෙන් මන්නාරම මඩු දේවස්ථානය වෙත පැමිණෙන බැතිමතුන්ද මඩු අවසන් දේව මෙහෙයට පෙර මඩු දේවස්ථානය වෙත ළගා වූ අතර එම සංඛ්‍යාව 3874 ක් බවට තොරතුරු ලැබී තිබේ.
හෙට (15) උදෑසන මන්නාරම අවසන් පූජාවත් සමගම ඓතිහාසික මඩු දේවස්ථානයේ වාර්ෂික මඩු මංගල්ලය අවසන් වීමට නියමිතය.
මඩු මංගල්ලය සදහා පැමිණි බැතිමතුන්ට අවශ්‍ය පානිය ජලය සනීපාරක්ෂක පහසුකම් ඇතුලු සියලුම පහසුකම් සපයා දීමට මඩු පල්ලියේ බාරකාර මණ්ඩලය හා මඩු මංගල්ල විශේෂ කමිටුව පියවර ගෙන තිබුණි.







