සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

වනිඳු LPL ඉතිහාසයේ රත්තරන් වටිනා සලකුණක් තබයි… යාපනය පරාදයි… !

by editor
අගෝස්තු 17, 2023 - Updated on අගෝස්තු 18, 2023
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

යාපනය පරාදය. වනිඳුලා   අද (17) නුවර අවසන් මහා තරගය ආසන්නයට කැන්දාගෙන පැමිණ තිබේ. ඒ ලකුණු 61ක වික්‍රමාන්විත ජයග්‍රහණයක් සමගිනි.

වනිඳු අයි.පී.එල් ඉතිහාසය අලුතින් ලිව්වේය. ඒ ලේසියෙන් බිඳිය නොහැකි වික්‍රමයක් සමගිනි. ඒ පන්දු 20ක් තුළ ලකුනු 09කට කඩුළු 06ක් බිඳ හෙළමිනි. වනිදු පන්දු ඕවර් 3.2 තුළ මේ කඩුළු හය දවා ගත්තේ ක්‍රිකට් ලෝලීන්  මන්මත් කරවමිනි.

ආර්.ප්‍රේමදාස  ක්‍රීඩාංගනයේ  විදුලි ආලෝකය යට පැවිති තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ජැෆ්නා කිංස් කණ්ඩායමය. පිට පිට එල්පීඑල් ශූරතාවය දිනූ කණ්ඩායමේ අත්දැකීම් පිරි නායකයා තිසර පෙරේරාය.

ඒත් තිසරට වැරදුනේය. තිසර බී ලව් කැන්ඩි කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළේය. ආරම්භක පිතිකරු යුවලේ ෆකාර් සමාන් ලකුණු නොලබා දැවී ගිය ද   මොහොමඩ් හරිස් පන්දු 49ක දී හතරේ පහර 08ක් සහ හයේ පහර 04ක් සමගින් ලකුණු 79ක් රැස් කළේය.

දෙවැනි කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් දැවී යන විට ඔහු ලකුණු 41ක් රැස් කරගෙන සිටියේය. ඒ පන්දු 24ක් තුළය. චන්දිමාල් හතරේ පහර 06ක් සහ හයේ පහර 1ක් එල්ල කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පන්දු ඕවර 20 අවසන් වනවිට කඩුළු 08ක් දැවී ලකුණු 188ක් රැස් කරගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වී සිටියේය. අවසන් පන්දු ඕවරය යැවූ නුවන් තුෂාර කඩුළු 03ක් දවා ගත්තේය. ඒ එක් පහසු උඩපන්දුවක් අසේල ගුණරත්න විසින් අතහැරීමෙන්  ද පසුවය.

යාපනය කණ්ඩායම වෙනුවෙන් නුවන් තුෂාර  ලකුණු 40ට කඩුළු 04ක් ද මහීෂ් තීක්ෂණ ලකුණු 37ට කඩුළු 02ක් ද, අසේල ගුණරත්න ලකුණු 41ට කඩුළු 02ක් ද බිඳ හෙළුවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි  ජැෆ්නා කිංස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණ ලාභියා වූයේ ෂොයිබ් මලික් ය. ඔහු පන්දු 23ක් දි ලකුණු  31ක් ලබා ගත්තේය. ඩේවිඩ් මිලර් පන්දු 20ක දී ලකුණු 26ක් ලැබුවේය.

ජැෆ්නා කිංස් කණ්ඩායමේ ක්‍රීඩකයින් 06 ලකුණු 05 සීමාව ඉක්මවා තිබුණේ නැත. නායක තිසර පෙරේරාත් ලකුණු නොලබා දැවී ගියේය.  චරිත් අසලංක එක් ලකුණක් පමණි.  දුනිත් වෙල්ලාලගේ ලකුණු 03කි.  යාපනය කණ්ඩායම පන්දු ඕවර 20ට පන්දු 04ක් ඉතිරිව තිබිය දී සියල්ලෝ ලකුණු 127කට දැවී ගියහ.

තරගය ඉතිහාසයට එක්කළ පන්දු යැවීමක් වනිඳු හරසංග සිදුකළේය. ඔහු පන්දු ඕවර 3.2ක දී ලකුණු 09කට කඩුළු 06ක් ලැබුවේය. මුජීබ් උර් රහ්මාන්, සහන් ආරච්චිගේ,  නුවන් ප්‍රදීප් කඩුල්ල බැගින් ලැබූහ.

තරගයේ දී  දුනිත් වෙල්ලාලගේ දවා ගැනීමට කමිඳු මෙන්ඩිස් රැකගත් උඩපන්දුව මෙන්ම, මහීෂ් තීක්ෂණ දවා ගැනීමට සහන් ආරච්චිගේ රැක ගත් උඩපන්දුව  අන්තර්ජාතික තලයේ පන්දු රැකීමක විශිෂ්ඨත්වය පෙන්නුම් කළේය. ඒ කඩුළු දෙකම දවා ගත්තේ වනිඳුය. වනිඳුට මේ වික්‍රමය කිරීම සඳහා කණ්ඩායමේ අති උත්කර්ෂවත් පන්දු රැකීම හේතු වූයේය.

ඒ අනුව කැන්ඩි කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර හෙට (19) පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයෙන්  ජයගන්නා කණ්ඩායම ලබන 20 දා  LPL අවසන් තරගයේදී   කුසල් මෙන්ඩිස්ගේ නායකත්වය සහිත දඹුල්ල අවුරා සමග තරග වදිනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වතුර වළකට වැටී සිසුන් දෙදෙනෙක් මිය යති!

Next Post

හෝමගම ගින්න මැඩ පැවැත්වීමට අසීරු උනේ ඇයි?…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.