බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වධක කපුවාගේ දේවාලයේ දී දරුඵල නැති ගැහැණු ගැබ්බර කරන ප්‍රාතිහාර්යය….

by editor
ජූනි 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කුරුසයට තියා ඇණගසා තරුණයින් දෙදෙනෙක් වද දී ඝාතනය කිරීමට උත්සාහ දැරූ කපුවා තවමත් සිටින්නේ පොලීසියට කට්ටි පනිමිනි. ඔහුට විවිධ සම්බන්ධකම් ඇතත් ඒ කිසිවෙක් මෙතෙක් පොලිස් විමර්ශනයන්ට බලපෑම් නොකර තිබීම විශේෂත්වයකි. එහෙත් ඔහු තවමත් සිටින්නේ සැගවීය. විශේෂත්වය වන්නෙ ඔහු සිටින තැන අනුමානයෙන් දැන සිටියත් ඒ වෙනුවෙන් යොමුවීමට කුමක් හෝ සිදුවීමක් නිසා විමර්ශකයන් උත්සුක නොවීමය.

කුරුසයට තබා ඇණ ගැසීමට කපුවා සමග සම්බන්ධවූ 14 දෙනෙක් හඳුනා ගෙන ඇති බව පොලීසිය කියයි. ඒ අයගෙන් 05 දෙනෙක් ඊයේ 29 වන විට අත්අඩංගුවට ගෙන තිබුණි. විශේෂ කාර්ය බලකාය විසින් අල්ලාදුන් දෙදෙනාද සිටින්නේ ඒ ගොන්නේය.

තවත් දෙන්නෙක් ඊයේ මහනුවර අධිකරණයට ගොස් භාරවීමට සූදානමක් පැවතුණි. ඒ දෙන්නා කපුවාගේ සහෝදරයාගේ පුතුන් දෙදෙනාය. ඒ එක් අයෙක් කඩු හසිතය. අනෙකා සුපුන්ය. කඩු හසිත කියන්නේ ඔහු කඩුවෙන් වැඩ පෙන්වන අයෙක් නිසාය. මේ අය කඩුවලින් කපා කළ අපරාධ ගැන ඕනෑ තරම් පොලීසියවල ලියැවී ඇත්තේය. හැම දෙයක්ම කරන්නේ කපුවාගේ හයියෙනි.

අධිකරණයට ඔවුන් භාරවෙන තොරතුර පොලීසියට කල්තියා ලැබී තිබුණු නිසා ඒ වැඩේ අවුල් විය. හැංගෙන්නට විදිහක් නොවුණු තැන ඔවුන් දෙදෙනා පොලීසියට අද කොටුවිය. ඔවුන් අම්පිටියේ අළුක්ගොල්ලේය. මේ දෙන්නා සමග දැන් අත්අඩංගුවට ගත් ගණන 07 ක් බවට ඉහළ ගොස් ඇත. එහෙත් කපුවා නැත.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ගැහැණු ගැබ් බර කරන කපුවාගේ අමුතු කෙළිය

මේ කපුවා නිදන් හෑරීමට නම් දැරූවෙකි. දේශපාලන මෙන්ම පොලිස් සම්බන්ධකම්ද ඔහුට ඒ නිසාම ගොඩ නැගී ඇත්තේය. ඔහුට නිදන් පෙන්වන්නට බැරිය. නිධන් හාරන්නට ගොස් පොලිසියට කොටුවූ වාර ගණන බොහෝය. මහනුවර පොලීසියටද වරක් ඔහුව හසුවී ඇත්තේ නිධන් හෑරූමකටය.

කපුවාගේ දේවාලය පිහිටා ඇත්තේ දඹුල්ලේ කණ්ඩලම පාරේය. එය කාලි කෝවිලකි. මේ කපුවා වැඩ පෙන්වන්නේ දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් හදා දීමෙනි. නැතිනම් ගැබ්බර කිරීමෙනි. ඒකත් අමුතු සෙල්ලමක් බවයි පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ. දරුවන් නොමැති කාන්තාවන් සිය ස්වාමි පුරුෂයා හෝ භාරකරු සමග දේවාලයට පැමිණිය යුත්තේ පේ වීය. දවසක් දෙකක් එහි නතර වීමටද සිදුවනු ඇත. එහිදී දරුවන් නොමැති කාන්තාවන් රඳවන්නේ වෙනම ස්ථානයකය. එය කාමරයකි. සැමියා හෝ භාරකරුට ඒ කාමරයට යාම තහනම්ය. අවේශවී කපුවා දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් දෙන්නේ ඒ කාමරය තුළ කෙරෙන ශාන්ති කර්මයෙනි. ඒ ශාන්ති කර්මය කුමක්දැයි දන්නේ කපුවාත් ඒ කාන්තාවනුත් පමණි.

කාමරයේදී සිදුවූ කිසිවක් ඒ කාන්තාවන් කිසිවෙකුටත් කියන්නට යන්නේ නැත. ඒ කාලි අම්මාගේ උදහසට ලක්වීමට ඇති බැවිණි. ඇත්තටම මෙහි වෙන්නේ ප්‍රෝඩාවකි. ඒ බව දැන ගත් ඔහු සමගම සමීපව සිටියෙක් දරුවන් නොමැති කාන්තාවන්ට මෙම කපුවා දරුවන් ලබාදෙන හැටි මුහුණු පොතේ ප්‍රසිද්ධකර තිබුණි. කුරුසයේ ඇණ ගැසීම සිදුවන්නේ ඒත් එක්කමය. ඇණ ගැසීමට ලක්වූ දෙදෙනා මේ වන විට ජීවිත අවධානමින් මිදී සිටිති. ඒ අය පොලීසියට කියා ඇත්තේ එම මුහුණු පොතේ කථාවට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවය.

හොර අඹුවන් 06යි.

කෙසේ වෙතත් මේ කපුවා මනමාලයෙකි. යන යන තැන ගැහැණුන්ය. මේ වන විට මේ කපුවාගේ හොර අඹුවන් 06 දෙනෙක්වම පොලිසිය සොයාගත්තේය. එම හොර අඹුවන්ද දරුවන් පතා ඔහු ළඟට ගිය අයයි. ඒ අයත් මේ වන විට දරුවන් නැති කාන්තාවන්ට කපුවා දරුවන් හදා දෙන හැටි පොලීසියට කියා ඇත්තේය.

පොලිසිය බලා සිටින්නේ කපුවා අල්ලාගෙන දරුවන් හදන හැටි ගැන තවදුරටත් තොරතුරු දැනගන්නටය.

කපුවාගේ දඹුල්ලේ දේවාලයටද පොලිස් කණ්ඩායමක් ගොස් පරීක්ෂා කර ඇති අතර ඔහුගේ ජංගම දුරකතනද සී.අයි.ඩී.ය මගින් පරීක්ෂා කරමින් ඇති බව කියති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන්නුන්ට උතුරු මුහුද බදු දී ධීවරයන් අනාථයින් කළ හිඟන්නෝ

Next Post

මැදපෙරදිගින් එන මගීන්ට කොන්දේසි මත තහනම ලිහිල් වෙයි

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.