අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වතු කම්කරු වැටුප් වැඩි කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් !

by editor
ඔක්තෝබර් 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

යෝජිත වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ  වැවිලි සමාගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පසුගිය අයවැයෙන් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට සමගාමීව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

වතු කම්කරු ජනතාවට ජීවත් වීමට සරිලන වැටුපක් ගෙවා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරිමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා එම වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදය  පිළිබඳව වතු සමාගම් නියෝජිතයන් සමඟ සාකච්ඡා කළේය.

වැවිලි කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග පිළිබඳවද වැවිලි සමාගම් නියෝජිතයන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

වැවිලි කර්මාන්තය නඟා සිටුවීමේ රජයේ ප්‍රතිපත්තිය මෙහිදී පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක    ඊට අදාළ රජයේ දායකත්වය උපරිම වශයෙන් ලබා දීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

මෙම සාකච්ඡාව ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළ වැවිලි සමාගම් නියෝජිතයෝ ක්ෂේත්‍රයේ උන්නතියට අදාළව සිය අදහස් සහ යෝජනාද ඉදිරිපත් කළහ.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුද,  කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස,  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති,  කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද   ඇතුළු නිලධාරීහුද, ලංකා වැවිලි කරුවන්ගේ සංගමය, ලංකා සේවා යෝජකයන්ගේ සම්මේලනය, Agarapatana & Kotagala Plantation PLC, Kelani Valley Plantation PLC, Malwatte Valley Plantation PLC, Balangoda Plantation PLC, Browns Plantation PLC, Kahawatte Plantation PLC, Kegalle Plantation PLC, Agalawatta Plantation PLC යන වතු සමාගම් නියෝජනය කරමින් නියෝජිතයෝද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අමානුෂික ලෙස පහර දී කුඩු පැකට් එකක් දමා නිර්දෝෂී පුද්ලයෙකු බන්ධනාගාරගත කළ පොලිස් කුපාඩින් 06කට වැඩ වරදී…

Next Post

ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත් අඩංගුවට…

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.