බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වට්ස්ඇප් අලුත් රහස්‍යතා ප්‍රතිපත්තියට වයිබර් විරෝධය පළ කරයි

by Lanka Sara Editor
ජනවාරි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නොමිලේ කාර්යක්ෂම සන්නිවේදන සේවා සපයන ලොව ප්‍රමුඛතම ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, තවත් ප්‍රධාන පෙළේ සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන වට්ස්ඇප්හි රහස්‍යතා ප්‍රතිපත්තියේ නව සංස්කරණය පිළිබඳ සිය බලවත් විරෝධය පළ කර සිටී.

මීට ඉහතදී වට්ස්ඇප් පරිශීලකයින්ට තම වට්ස්ඇප් අංකය ෆේස්බුක් සමඟ හුවමාරු කරගැනීමෙන් වැළකී සිටිමේ හිමිකම ලැබී තිබුණ ද, ඉදිරියේදී එය ෆේස්බුක් සමඟ හුවමාරු කරගැනීම අනිවාර්ය වී තිබේ. සියලු වට්ස්ඇප් පරිශීලකයින් දින 30ක් ඇතුළත මෙම කොන්දේසියට එකඟ විය යුතු අතර, එසේ නොවන විට ඔවුන්ට තම වට්ස්ඇප් ගිණුම භාවිත කිරීමට නොහැකි වනු ඇත.

මෙම තත්ත්වය තුළ වට්ස්ඇප් පරිශීලකයින් මුහුණ දෙන අවදානම් තත්ත්වය පිළිබඳ වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට, වට්ස්ඇප් සම-නිර්මාතෘ බ්‍රයන් ඇක්ෂන් 2018 වසරේදී පාර්මි ඔල්සන් සමඟ ෆෝබ්ස් වෙනුවෙන් ලබාදුන් සම්මුඛ සාකච්ඡාව පිළිබඳව අවධානය යොමු කිරිම වටී. ඔහු එහිදී තමන් වට්ස්ඇප් වෙතින් සමුගැනීමේ හේතුවත්, ෆේස්බුක් පරිශීලකයින්ට තම ෆේස්බුක් ගිණුම මකා දමන ලෙසට තමා ට්විටර් හරහා ප්‍රකාශ කිරීමේ හේතුවත් පැහැදිලි කරයි. “විශාල ආර්ථිකමය ප්‍රතිලාභයක් වෙනුවෙන් මම මගේ ග්‍රාහකයන්ගේ (වට්ස්ඇප්) රහස්‍යතාව විකුණා දැමුවා. ඒ තීරණය නිසා අද බොහෝ දෙනෙකු දුෂ්කරතාවයට පත් වී සිටිනවා. ගත වෙන හැම දවසක දීම ඒ ගැන මා පසුතැවෙනවා”, ඔහු එහිදී ප්‍රකාශ කළේය.

මෙසේ තම රහස්‍යතා ප්‍රතිපත්තියේ නවතම සංස්කරණය තුළින් ෆේස්බුක් තුළට මුළුමනින්ම අන්තර්ග්‍රහණය වීමට වට්ස්ඇප් ක්‍රියාකර තිබේ. මෙසේ වට්ස්ඇප් සහ ෆේස්බුක් පරිශීලකයින්ගේ දත්ත එකම ස්ථානයකට ගොනු වීමත් සමඟ, ඒවා පෙරට වඩා වැඩි වශයෙන් මූල්‍යමය ප්‍රතිලාභ වෙනුවෙන් භාවිත කිරිමේ හැකියාව විවර වේ. සන්නිවේදන කටයුතුවලදී තම රහස්‍යභාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන පුද්ගලයින් මේ පිළිබඳ දැඩි සැළකිල්ලක් දැක්විය යුතුව පවතී.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඉකුත් ජනවාරි 4 වැනිදා දක්වා වට්ස්ඇප්හි පරිශීලක එකඟතා ලේඛනයේ මෙසේ සඳහන්ව තිබුණි.

– “ඔබේ පෞද්ගලිකත්වයට ගරු කිරීම අපි ප්‍රමුඛතාවයෙහි ලා සළකන්නෙමු. අපි වට්ස්ඇප් ආරම්භ කළ අවස්ථාවේ පටන් ම රහස්‍යතාව පිළිබඳ දැඩි ප්‍රතිපත්ති පෙළක් මත අපගේ සේවාවන් පිරිනමන්නෙමු”.

– “කෙසේ වුව ද, ඔබගේ වට්ස්ඇප් පණිවුඩ අන් අයට දර්ශනය වීම සඳහා ෆේස්බුක් සමඟ හුවමාරු කරගැනීමක් සිදු නොවේ. අපගේ මෙහෙයුම් සහ සේවාවන් පිරිනැමීමේ කාර්යය සඳහා සහාය වීම හැරුණු විට, සෙසු කිසිම අරමුණක් උදෙසා ෆේස්බුක් ඔබගේ වට්ස්ඇප් පණිවුඩ භාවිත නොකරනු ඇත”.

මේ වනවිට ඉහත කී ප්‍රකාශ දෙක ම රහස්‍යතා ප්‍රතිපත්තියෙන් ඉවත් කර දමා තිබේ.

මෙසේ වට්ස්ඇප් තම පරිශීලකයින්ගේ රහස්‍යතාව අවදානමේ හෙළන අවස්ථාවක, පරිශීලකයින්ගේ දත්ත සුරක්ෂිත කිරීම සඳහා වයිබර් සතු ප්‍රධාන විශේෂාංග කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ හැක. ඒවා නම්,

● නොමිලේ ලබාගන්නා පෞද්ගලික ඇමතුම් හා කෙටි පණිවුඩ යැවීමේදී කිසිදු විශේෂ සැකසුමකින් තොරව අදාළ පරිශීලකයින් දෙදෙනා අතර පමණක් දත්ත හුවමාරු වන බව (End-to-end encryption by default) සහතික කෙරේ. වඩාත් සරලව හා පැහැදිලිව පැවසුවහොත් කිසිවෙකුට හෝ (වයිබර් ආයතනයට පවා) ඔබේ ඇමතුම් හා කෙටි පණිවුඩ වෙත ප්‍රවේශ වීමේ හැකියාවක් නැත.

● එමෙන්ම වයිබර් හරහා යවන කෙටි පණිවුඩ, වයිබර් හෝ වෙනත් ක්ලවුඩ් අවකාශයක් තුළ ගබඩා කිරීමක් සිදු නොවේ. එසේ වයිබර් හරහා හුවමාරු කරගන්නා කෙටි පණිවුඩ ක්ලවුඩ්හි ගබඩා කිරීමට පරිශීලකයින්ට අවශ්‍ය නම්, ඔවුන්ට අවශ්‍ය පරිදි එය සිදුකළ හැකි නමුත් වයිබර් තම පරිශීලකයින්ගේ කෙටි පණිවුඩ හෝ ඇමතුම් කිසිදු අයුරකින් ගබඩා කරගැනීමක් සිදු නොකරයි.

● වයිබර් හඳුන්වා දෙන උසස් ම තලයේ දුරකථන තිරයේ රහස්‍යතාව (Screen Privacy) මගින් අදාළ චැට් එක තුළදී ස්වයංක්‍රීයව මැකී යන කෙටි පණිවුඩ සේවාවක් මෙන් ම, රහස් කේතයක් හරහා පමණක් විවෘත කළ හැකි චැට් සංවාද පවත්වාගැනීමේ අවස්ථාව ද සලසා දෙයි.

● වයිබර්හිදී හුවමාරු වන දත්ත කිසිවක් ෆේස්බුක් සමඟ හුවමාරු කර නොගැනේ. ෆේස්බුක් සමඟ ඇති තම සියලු ම ව්‍යාපාර සබඳතා නවත්වා දැමීමට වයිබර් පියවර ගෙන තිබේ. එම නිසා පරිශීලකයින්ගේ කිසිදු තොරතුරක් (දුරකථන අංකය හා පෞද්ගලික දත්ත) කිසිදු හේතුවක් මත ෆේස්බුක් සමඟ හුවමාරු කර නොගැනේ.

වට්ස්ඇප් තම රහස්‍යතා ප්‍රතිපත්තියට අලුතින් හඳුන්වා දී ඇති සංස්කරණය නිසා රහස්‍යතාව විසුළුවට ලක්වෙනවා. මේ හරහා තම පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව වට්ස්ඇප් නොසළකා හැර ඇති ආකාරය හොඳින් පැහැදිලි යි. ඒ වගේ ම ඔවුන් තම පරිශීලකයින්ට කර ඇත්තේ විශාල අගෞරවයක්. ඉදිරියේදීත් ඔවුන් ඒ අයුරින් ම කටයුතු කරන බව පැහැදිලියි. මෙම පසුබිම මත අන් කවරදාටත් වඩා වයිබර්හි රහස්‍යතා ප්‍රතිපත්තිය පිළිබඳව මම ආඩම්බර වෙනවා. එම නිසා උපරිම ලන්සුවට අලෙවි වෙන දත්ත බවට පත්වීමට අකමැති සියලු දෙනා ම අපි වයිබර් වෙත සෙනෙහසින් පිළිගන්නවා”, යනුවෙන් රකුටෙන් වයිබර් ප්‍රධාන විධායක නිලධාරී ජාමෙල් අගවුඩා මහතා පැවසීය.

Rakuten Viber පිළිබඳව:

රකුටෙන් වයිබර් සමාගමේ අරමුණ වන්නේ පුද්ගල සම්බන්ධතා වැඩිදියුණු කිරීමයි. ලොව ඕනෑම තැනක සිටින ඕනෑම පුද්ගලයෙකුට වයිබර් සේවාව ලද හැකිය. මෙසේ ගෝලීය භාවිත කරන්නන් සියලුදෙනාට කෙටි පණිවුඩ, වීඩියෝ ඇමතුම්, කණ්ඩායම් අතර කෙටි පණිවුඩ, තමන් වඩාත් කැමැති වෙළෙඳ නාම සහ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ නවතම තොරතුරු ලබාගැනීම, සන්නිවේදනය කිරීම ආදී සේවාවන් රැසක් හිමිවේ. වයිබර් භාවිත කරන සියල්ලන් හටම ආරක්ෂාකාරී සහ නිදහස් වටපිටාවක තම හැඟීම් අන්‍යයන් හා බෙදාගත හැකි බව ද අපි සහතික කරන්නෙමු.

Rakuten Viber යනු ලොව ප්‍රධාන පෙළේ ඊ වානිජ්‍ය සහ මූල්‍ය සේවා සමාගමක් වන Rakuten Inc. සමාගමේ අනුබද්ධ ආයතනයකි. බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ නිල සන්නිවේදන සහකරු ද වන වයිබර් සමාගම, සුප්‍රකට අමෙරිකානු පැසිපන්දු කණ්ඩායමක් වන Golden State Warriors පිළේ calling app සහකරු ද වේ.

ඔබත් මෙතෙක් වයිබර් සමඟ එක් වී නොමැති නම් අදම වයිබර් ලෝකයට පිවිස ලොව උසස්ම සන්නිවේදන සේවා අත්දැකීම රිසි සේ විඳගන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දවසකට රටේ කසලට ටොන් 550ක් මහ මග – රාජ්‍ය ඇමති කියයි…

Next Post

මල්වතු අස්ගිරි හිමිවරුන්ගේ ඇස් වසා යුක්රේන් සංචාරකයන් මාළිගාවට ගෙනත්…..

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.