පසු කොවිඩ් තත්ත්වයේ සිටින පුද්ගලයින්ගෙන් ඇතමෙකු දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානමක් මේ වන විට ලොව පුරා මතුව ඇතැයි අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක සඳහන් කරයි.
ලොව පුරා කරන ලද පර්යේෂණයන්ට අනුව පසු කොවිඩ් තත්ත්වයේ පසුවන ඇතැම් පුද්ගලයින්ගේ රුධිරයේ සීනි මට්ටම සියයට 14 සිට 33 දක්වා ඉහළ ගොස් ඇතැයි ඔහු සදහන් කරයි.
මේ වන විට පසුකොවිඩ් තත්ත්වයේ පසුවන මෙරට තරුණ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යමින් පවතින බව අනාවරණය වී ඇති බැවින් කොවිඩ් වැලදී සුව වූවන් තමන්ගේ රුධිරයේ සීනි මට්ටම මැන බැලීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් යැයිද ඔහු පෙන්වාදේ.
දියවැඩියා රෝගීන්ට කොවිඩ් වැලදීමෙන් පසුව ඇතිවිය හැකි සංකූලතාවන් ඉතාමත් ඉහළ බවත් මරණයට පත්වීමේ වැඩි අවදානමක් පවතින බවත් පෙන්වාදෙන විශේෂඥවරයා මෙරට කොවිඩ් වැලඳී මිය ගිය පුද්ගලයින්ගෙන් සියයට 54ක්ම දියවැඩියා රෝගයෙන් පිඩා විඳි අය බව සදහන් කළේය.







