අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකය පුරා වේගයෙන් පැතිරෙන අලුත් කොවිඩ් ප්‍රභේදය ගැන බිය විය යුතු ද?

by editor
ජනවාරි 6, 2023
in පුවත්, සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

බීබීසී –

XBB.1.5 යනු කුමක් ගෝලීය වශයෙන් ප්‍රමුඛව පැතිර තිබෙන ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප-ප්‍රභේදයකි. ඔමික්‍රෝන් ද පැමිණියේ ඇල්ෆා, බීටා, ගැමා, සහ ඩෙල්ටාවලට පසුව ය.

2021 වසරේ අගභාගයේ දී මතුවූ ඔමික්‍රෝන්, කොරෝනා වෛරසයේ පෙර සියලුම ප්‍රභේදයන් අභිබවාගොස් ඇති අතර, මුල් වෛරසයට වඩා බෝවනසුළු බවින් සාපේක්ෂව ඉහළ බොහෝ උප-ප්‍රභේද බිහිකර තිබේ.

XBB.1.5හි රෝග ලක්ෂණ පෙර ඔමික්‍රෝන් ප්‍රභේදවලට සමානයැ යි සැලකෙන නමුත්, මෙය තහවුරු කිරීමට තවමත් වේලාසන වැඩි ය. මෙය වැළඳෙන බොහෝදෙනා සෙම්ප්‍රතිශ්‍යාවට සමාන රෝග ලක්ෂණ අත්විඳිති.

XBB.1.5 පෙර ප්‍රභේදවලට වඩා බෝවනසුළු හෝ භයානක ද?

XBB.1.5 පරිණාමයවී තිබෙන්නේ XBB නම් ප්‍රභේදයෙනි. එය ප්‍රථම වරට හඳුනාගැනුනේ 2022 අගෝස්තු මාසයේ ඉන්දියාවේ දී වන නමුත්, සෞඛ්‍ය බලධාරීන් විසින් “බරපතල අවධානයට ලක්කළ යුතු ප්‍රභේදයක්” ලෙස වර්ගීකරණයට ලක්ව නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

XBB සතුව, මිනිස් ශරීරයේ ප්‍රතිශක්තීකරණ ආරක්‍ෂක ක්‍රම පැරදවීමට උපකාරීවූ විකෘතියක් තිබූ නමුත්, මෙම ගුණාංගය නිසාවෙන්ම, ඊට මිනිස් සෛල ආසාදනය කිරීමට තිබූ හැකියාව පහත හෙළීය.

XBB.1.5හි F486P ලෙස හැඳින්වෙන විකෘතියක් තිබෙන බවත්, ශරීර ප්‍රතිශක්තිය මඟහරිමින් දිගටම සෛලවලට බන්ධනයවීමේ හැකියාව එමඟින් ප්‍රතිෂ්ඨාපනය කරනබවත් ලන්ඩනයේ ඉම්පීරියල් කොලෙජ්හි මහාචාර්ය වෙන්ඩි බාක්ලේ පැවසුවා ය. එනිසා එය වඩාත් පහසුවෙන් ව්‍යාප්ත වේ.

ශරීරයේ ආත්මාරක්ෂක යාන්ත්‍රන මඟහැරීමට නව උපක්‍රම සෙවීමට වෛරසය පරිණාමය වනබැවින්, මෙවන් පරිණාමික වෙනස්කම් “පඩිපෙළක පඩි” වැනිබව ඇය පවසන්නී ය.

මෙතෙක් දැක ඇති අනෙක් සියලු උප-ප්‍රභේදයන්ට වඩා XBB.1.5 සතුව “වර්ධන වාසියක්” ඇතිබව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විද්‍යාඥයන් බදාදා (ජන. 4) තහවුරු කළේ ය.

නමුත් එය මින් පෙර ඔමික්‍රෝන් ප්‍රභේදවලට වඩා බරපතල හෝ හානිදායකැ යි කිසිදු සංඥාවක් ලැබී නැතැ යි ඔවුහු පැවසූහ.

එය රෝගීන් මත ඇතිකරන බලපෑම පිළිබඳ වැඩිදුර තොරතුරු ඉගැනීම පිණිස තමා පර්යේෂණාගාර අධ්‍යයනයන්, රෝහල් දත්ත හා ආසාදන අනුපාත සමීපව නිරීක්ෂණය කරනු ඇතැ යි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ය.
XBB.1.5 පැතිරෙන්නේ කොහි ද?

එක්සත් ජනපදයේ කොවිඩ් ආසාදනයන්ගෙන් 40%කට වැඩි ප්‍රමාණයක් XBB.1.5 විසින් ඇතිවූ ඒවායැ යි ඇස්තමේන්තුකර තිබේ. මෙනිසා එය එරට තුළ ප්‍රමුඛ පැතිරුණු උප-ප්‍රභේදය ලෙස සැලකෙයි.

දෙසැම්බර් මස මුල දී, XBB.1.5 හේතුවෙන් ඇතිවී තිබුණේ කොවිඩ් ආසාදනයන්ගෙන් 4%ක් පමණකි; එය අනෙකුත් ඔමික්‍රෝන් ප්‍රභේදයන් ඉක්මණින් අභිබවා ගොස් තිබේ.

මෑත සතිවල දී, එක්සත් ජනපදය පුරා කොවිඩ් රෝහල්ගතකිරීම් ඉහළ යමින් පැවතිනි.

විද්‍යාඥයන් XBB.1.5 ගැන කණස්සල්ලෙන් ද?

එන්නත් ලබාගත් ජනගහණය ගැන තමා විශේෂයෙන් කණස්සලු නොවනබව මහාචාර්ය බාක්ලේ පැවසුවා ය.
නමුත් කොවිඩ් එන්නත්වලින් අඩු ප්‍රතිලාභ ලබන, ප්‍රතිශක්තිය අඩු තැනැත්තන් ඇතුළු අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට ඉන් එල්ලකරන බලපෑම පිළිබඳව ඇය කණස්සල්ලට පත්ව සිටියි.

XBB.1.5 වඩාත් දරුණුබවට කිසිදු සාක්ෂියක් තමා දැක නැතිබව මහාචාර්ය හන්ටර් පැවසුවේ ය. ඉන් අදහස් වන්නේ එය දැනට පවතින ඔමික්‍රෝන් ප්‍රභේදවලට වඩා “ඔබ රෝහල්ගත කරන්නට හෝ මරා දමන්නට” ඉඩක් නොමැතිබව යි.
“හැමෝම චීනයෙන් මතුවෙන්න පුළුවන් ප්‍රභේද ගැන අවධානය යොමු කෙරුවත්, XBB.1.5 මතුවුණේ එක්සත් ජනපදයෙන් වීම උත්ප්‍රාසාත්මක යි,” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මෙම නවතම ප්‍රභේදය ගැන ඉගෙනුමට තවමත් සැලකිය යුතු ප්‍රමාණයක් ඇතැ යි ලන්ඩන් සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් හේමන් පිළිගත්තේ ය.

නමුත් එන්නත්කරණය සහ පෙර ආසාදන බහුල රටවල දී එය විශාල ගැටලුවක් ඇති කිරීමට අසමත් වනු ඇතැ යි ඔහු පැවසීය.

ඔහු කණස්සල්ලක් දැක්වූයේ එන්නත් ලබාගැනීම අඩු, දිගුකාලීන ලොක්‌ඩවුන් නිසා ස්වභාවික ප්‍රතිශක්තිය ද අඩු චීනය වැනි රටවල් සම්බන්ධයෙනි.

“ප්‍රතිශක්තියක් නොමැති ජනගහණයක් තුළ මේ ප්‍රභේදය හැසිරෙන්නෙ කොහොමද කියලා බලන්නට චීනය ආසාදිත පුද්ගලයින් පිළිබඳ ඔවුන්ගේ සායනික තොරතුරු බෙදාගත යුතු යි,” මහාචාර්ය හේමන් ප්‍රකාශ කළේ ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නිල කාලය අවසන් වූ ඌව පළාත් සභාවේ සභාපති සහ කාර්ය මණ්ඩලය ලක්ෂ 345ක පඩි අරන්… විගණනය හෙළි කරයි…

Next Post

සේපාල් අමරසිංහ රක්ෂිත බන්ධනාගාරයට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.