අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ගේ අවසන් කටයුතු 17 සවස 5ට නිත්තවෙල පවුලේ සුසාන භූමියේ දී සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇති බව පවුලේ ප්‍රකාශකයෙක් පැවසුවේය.
අද (15) සවස සිට මහයියාවේ පිහිටි ලොහාන් රත්වත්තේ ගේ නිවසේ දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙන බවත් ඔහු කීවේය.
දැඩි ලෙස රෝගාතුර වී සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ අද වනතුර ප්‍රතිකාර ලබමින් සිටියේය.







