කිලෝ ග්රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ලාෆ් ගැස් සමාගමට අවසර දී ඇත.
ඒ අනුව ලාෆ් කිලෝග්රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් 1,856 දක්වා රුපියල් 363කින්ද, කිලෝග්රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 743ක් දක්වා රුපියල් 145කින්ද ඉහළ දැමීමට අවසර ලැබී තිබේ.
මිල වැඩිකිරීමකින් තොරව ගෑස් ආනයනය කළ නොහැකි බව ලාෆ් ගෑස් සමාගම පවසා සිටියේය. ඒ අනුව ලාෆ් ගෑස් මෙහෙයුම් ඇණ හිටියේය.