සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලසා මරන සැලැස්මේ මහජන ආරක්ෂක ඇමතිත් ඉන්නවාදැයි සැකයි… මුජිබර් පාර්ලිමේන්තුවේ දී කියයි…

කැලෑ නීතිය අනුමත කළ ඇමති කෙනෙක් එක්ක පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඉන්නත් ලජ්ජයි... මුජිබර් පවසයි..

by editor
ඔක්තෝබර් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති මිදිගම ලසා හෙවත් ලසන්ත වික්‍රමසේකර ඝාතනය සැලැස්මට  මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලත් සම්බන්ධ දැයි තමන්ට සැක සිතෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඔහු කීවේ ඕනෑම ශිෂ්ට සම්පන්න සමාජයක දී පුද්ගල ඝාතනයක් සම්බන්ධව ශිෂ්ට සම්පන්න මිනිසුන් කණගාටුව පල කරන බවත් ඊයේ මහජන ආරක්ෂ ඇමතිවරයා විසින් පෙන්වා දුන්නේ ඝාතන සහ කැලෑ නීතිය අනුමත කරන අශිෂ්ටයින් ගේ වියරුව බවත්ය.

88-89 වකවානුවේ ගොඩනැගූ වෛරී හැසිරීම සහ ඒ ලේ වැකි සමාජය යළි නිර්මාණය වෙමින් පවතින බවට ඉඟි පහළවන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ලසන්ත වික්‍රමසේකරට අපරාධ චෝදනා තිබුණා නම්, වැරදි තිබුනා නම් නාම යෝජනා භාර දී මාස 03ක්  සහ සභාපති ධූරය සහිතව මාස 03ක් ගත කළ කාලය තුළ චෝදනා  ඉදිරිපත් කළ උසාවිය මාර්ගයෙන් කටයුතු කිරීමට තිබුණු බවය.

එසේ නොකර එම පුද්ගලයා ඝාතනය කළ පසු එම ඝාතනය සාධාරණීකරණය කරන ඇමතිවරයෙක් සමග පාර්ලිමේන්තුවේ එකට  ඉඳගෙන සිටීමටත් තමන් ලජ්ජාවන බව මන්ත්‍රීවරයා කීවේය.

අපරාධ රාජ්‍යයක් ගැන ජනාධිපතිවරයා නිරන්තරව පවසන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා අපරාධ රාජ්‍යයේ ගෝඩ් ෆාදර් පත් කරගැනීමට උපකාර කළේ එවකට ජනතා විමුක්ති පෙරමුණ බවත්, එම අපරාධ රාජ්‍ය නිර්මාණය කර දී දැන් ඇවිත් වැලපෙන ආණ්ඩුව අවසානයේ සිදුකර ඇත්තේ එම අපරාධ රාජ්‍යයේ කැලෑ නීතිය පවත්වාගෙන යෑම බවත් පැවසුවේය. ඔහු කීවේ ඒ සඳහා ජනාධිපති මාධ්‍ය අංශය ද මැදිහත් වී තිබීම පිළිකුල් සහගත බවය.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ඔහු මෙසේ ද කීවේය.

අප ඊයේ පෙරවරුවේ දි දැක්කා වැලිගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ සභාපති  ලසන්ත වික්‍රමරත්න මැතිතුමා මහ දවල් ඝාතනය කළා. ඔහු රාජකාරියේ යෙදී සිටියදී තමයි ඔහුගේ මහජන දිනය පවත්වනකොට ඔහුගේ කාර්යාලයට ඇවිත් ස්වයංක්‍රීය ගිනි අවිවලින් ඔහුව ඝාතනය කළා.

ඔහු ඝාතනය කළේ ඔහු මන්ත්‍රීවරයෙක් සහ සභාපතිවරයෙක් ලෙස ඉන්නකොට තමයි. දැන් මේ ඝාතනය තුළ අපට පේන්න ගොඩාක් දේවල් තියනවා. අප දැක්කා මේ ඝාතනය සිදුවුනාට පස්සේ මේ ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා කතාව පටන් ගත්තේ පාතාලයෙන්. එතුමා ඇවිල්ලා සාමාන්‍යයෙන් ශිෂ්ට සම්පන්න සමාජයක මනුෂ්‍යයෙක් ඝාතනය වුනාම ශෝකය පල කරලා තමයි කතාව පටන් ගන්නෙ.

නමුත් තමුන්නාසේලා ලඟ අඩුම ගානේ ඒ ශිෂ්ට සම්පන්න ගතිගුණයවත් තිබුණෙ නෑ. පටන් ගත්තේම එතුමා පාතාලයේ කියලා හංවඩු ගහගෙන. ඒ විතරක් නෙමෙයි ඒ ඝාතනය සාධාරණීකරණය කළා. මම ලජ්ජා වෙනවා ඔබතුමා වගේ ඇමති කෙනෙක් එක්ක මේ පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්න ලැබීම ගැන.

ඔබතුමා ඇවිත් මේ ඝාතනය සාධාරණය කළා. ඔබතුමා ඇවිත් කතා කළේ ලසන්ත වික්‍රමසේකර ඝාතනය කළ ඝාතකයන් වෙනුවෙන්. එහෙම නැතිව ඒකට විරුද්ධව නෙමෙයි. ඔහුට අපරාධ චෝදනා තියනවා නම් ඔහුට නඩු තියනවා නම් ඔහුට වෙනත් ආකාරයේ ක්‍රියා තියනවා නම් ඔහුව උසාවියට දාලා ඔහුට දඬුවම් දෙන්න පුලුවන්. එහෙම නැතිව කාවවත් ඝාතනය කරන්න කාටවත් අයිතියක් නෑ.

දැන් ඔබතුමාලම කියනවා.. ජනාධිපති තුමාගේ පරණ කතාවල් අහලා බලන්න. එතුමා හැමදාම කිව්වේ කාවවත් මරන්න බෑ. ඒ මරන කෙනාගේ ඉතිහාසය වැඩක් නෑ. ඇයි එයාව මැරුවෙ කියලා. මොකක්ද තමුන්නාසේ කියන්නේ. තමුන්නාසේ කියනවා අර කොහෙන්ද ගෙනාපු සංවිධානාත්මක අපරාධකාරයෙක් කිව්වලු මෙතුමා ලඟ තුවක්කු තියනවා කියලා. දැන් සුමාන තුනක්  වෙනවනේ. මෙතුමාව අත් අඩංගුවට ගන්න තිබුණා නේ.

එතුමා නාමයෝජනා දීලා සභාපති වෙලා මාස 06ක් වෙනවා. එතුමා අපරාධකාරයෙක් නම් එතුමාට නොයෙකුත් ආකාරයේ චෝදනා තියනවා නම් අත් අඩංගුවට අරන් උසාවියට දාන්න තිබුණනේ.  එතුමා ඝාතනය කළාට පස්සේ දැන් මේ කියන්නෙ මොනවද . එකෙන් පෙන්වන්න තමුන්නාසේලා ශිෂ්ට සම්පන්න නෑ.  තමුන්නාසේලා වෛරයෙන් 88 -89  දි තිබුණු වෛරී තත්ත්වය තවම තමුන්නාසේලාගේ හිත්වල තියනවා කියන එක මම මේ වෙලාවෙදි කියනවා. ඒකයි ඊයේ ඇමතිවරයා ඇවිත් එලියට දැම්මේ.

එතුමා අහන දේ තමයි  එතුමා නාමයෝජනා දීලා මාස තුනක් හිටියා, සභාපති වෙලා මාස තුනක් හිටියා එහෙම වැරදි කරලා තියනවා නම් අත් අඩංගුවට අරන් උසාවියට ඉදරිපත් කරලා තිබුණා. එහෙම නැතිව එතුමාව ඝාතනය කරන්න අවශ්‍ය පරිසරය තමුන්නාසේ හැදුවා කියන  සැකය අපට තියනවා කියලා අපි තමුන්නාසේට කියන්න කැමතියි.

තමුන්නාසේ වග කියන්න ඕන. තමුන්නාසේගේ කතාවෙන් තේරුනේ හොරාට කලින් කෙහෙල්කන වැට පැන්නා කියන කතාව. අන්න ඒ වගේ කතාවක් ඊයේ ඇමතිතුමා ඇවිත් කතා කළේ. හොරාට කලින් කෙහෙල්කන වැට පැන්නා. තමුන්නාසේ ඇවිත් ඊයේ ඝාතනය සාධාරණීකරණය කළා. ශිෂ්ට සම්පන්න සමාජයක් ඕක බලාපොරොත්තු වෙන්නෙ නෑ ගරු ඇමති තුමනි. ශිෂ්ට සම්පන්න සමාජයක මිනිහෙක් මැරුණා නම් මොන අපරාධකාරයෙක් උනත් ඒ මිනිහගේ මරණයට අපි ගෞරව  කරනවා.

තමුන්නාසේලා ආවේ පොස්ත් රටක් ලස්සන ජීවිතයක් හදන්න. ශිෂ්ට සම්පන්න රටක් හදන්න. දේශපාලනයෙ අලුත් සංස්කෘතියක් හදන්න. ජනාධිපති තුමා හැමදාම කිව්වේ ඒක. මේකද ඔබතුමා ඉදිරිපත් කරපු අලුත් සංස්කෘතිය. මේ සංස්කෘතිය හදන්න ද මේ රටේ ජනතාව බලය දුන්නේ. ඒ සංස්කෘතිය තමයි තමුන්නාසේලා 2005 බලයට ගෙනාපු අය මේ අවුරුදු 10ක් 15ක් තිස්සේ ගෙනාපු සංස්කෘතිය. ඒක තමයි තමුන්නාසේලා ඉදිරියට ගෙනිහින් තියෙන්නේ.

කැලෑ නීතිය වෙනුවෙන් පෙනී සිටියා. කැලෑ නීතිය ආරක්ෂා කළා. වහාම අත් අඩංගුවට ගන්නවා කිව්වා. නීතියේ ඇමතිවරයාගෙ කටින් ආවේ නෑ. මැරච්චි මනුස්සයගේ ඉතිහාසය කිව්වේ නීතිය සම්බන්ධ ඇමති. ලජ්ජා වෙන්න ඕන ජනාධිපති තුමනි මේ වගේ ඇමතිවරු පත් කළාට.  ජනාධිපති තුමාගේ මාධ්‍ය අංශයෙනුත් මේක කැම්පේන් කරනවා.  සල්ලි දීලා හදපු කැම්පේන් කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිගේ දේහය නිවසට…

Next Post

අලුත් දුම්රිය කට්ටල ගේන්න තව අවුරුදු දෙක හමාරක් විතර යාවි… නිරන්තර දුම්රිය අවලංගුව වලක්වන සැලසුම්වල ප්‍රතිඵල ක්ෂණික නෑ…

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.