දැනට විදුලිබල මණ්ඩලයේ ලක්විජය බලා ගාරයේ ඇති පුරප්පාඩුව සඳහා ඉංජිනේරුවන් 19 දෙනෙක් බඳවා ගැනිම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.
විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රොහාන් සෙනවිරත්න නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ එම බඳවා ගැනීම් සඳහා මේ වනවිට ඉංජිනේරුවරුන් 400ක් දෙනා සම්මුඛ පරීක්ෂණයකට ලක් කර ඇති බවය.
චීන ඉංජිනේරුවරුන් ලක්විජය බලාගාරයට බඳවා ගැනීමට සූදානම් බවට පැතිරෙන අසත්‍ය කතාවට කිසිම පදනමක් නැති බව ද සාමාන්‍යාධිකාරීවරයා පවසයි. 







