පුනර්ජනනීය බලශක්ති ප්‍රසම්පාදනය සඳහා පසුගිය මාස 13ක් කාලයට අදාළව ගෙවිය යුතු රුපියල් බිලියන 40ක මුදලක් ලංකා විදුලි බල මණ්ඩලය ගෙවා නැතැයි සූර්ය බලශක්ති කර්මාන්ත සංගමය මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.
පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය පැය දෙකක් දක්වා විදුලිය කප්පාදුව අවම කර ගැනීමට උපකාරී වන අසහාය වීරයා වී ඇති බැවින් සෑම කෙනෙකුටම දිනකට පැය 22 ක විදුලිය භුක්ති විඳිය හැකි බවත් මෙය සාක්ෂාත් කරගනු ලබන්නේ සූර්යල සුළං සහ කුඩා ජලවිදුලි බල ප්‍රභවයන් ඇතුළු පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයට විශාල පාඩුවක් සිදු කරමින් බවත් එම සංගමයේ සභාපති අසංක තෙන්නකෝන් මහතා පවසයි.
“පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ගෙවීම් තාප බලාගාර ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ගල් අඟුරු, ඩීසල් මිලදී ගන්න යොදවනවා. සූර්ය බලශක්ති කර්මාන්තය සතුව 800 වැඩි ස්ථාපිත ධාරිතාවක් ඇති අතර, සාමාන්‍යයෙන් දිනකට 3කට වඩා නිෂ්පාදනය කරනවා. එය රටේ මුළු දෛනික බලශක්ති අවශ්‍යතාවයෙන් 7.5 ක්..” තෙන්නකෝන් මහතා පැහැදිලි කරයි.
මෙම සූර්ය බලශක්තියේ වටිනාකම පමණක් ආසන්න වශයෙන් රු. මිලියන 70 ක් වන අතර, ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන බලශක්ති පිරිවැය පියවා ගැනීමට දිනකට රු. මිලියන 300 ක් වැය වේ.
“කර්මාන්තය වර්ධනය වීමට කිසිදු මූල්‍ය හැකියාවක් නොමැති අතර කඩා වැටීමේ අද්දර පවතින්නේ.. දැනටමත් බොහෝ සූර්ය බලාගාර බංකොලොත් භාවයට පත් වෙලා වහන්න ඔන්න මෙන්න.. විදුලිබල මණ්ඩලය අවාසනාවන්ත ලෙස පුනර්ජනනීය බලශක්තිය සඳහා වන ගෙවීම් නොසලකා හරිනවා.. සූර්ය බලශක්තිය, පහසුවෙන් නොසලකා හරින්න බෑ.. කෙසේ වෙතත්, ඔවුන් පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයට ගෙවිය යුතු මුදල් ගෙවන්න උනන්දුවක් නෑ..” සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කර ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.