අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංවිම අඩුපාඩු කිසිවක් නොහදා සියලු බර විදුලි බිලට පටවලා! චම්පික රණවක කියයි

by Lankasara News
අගෝස්තු 10, 2022
in පුවත්
Patali Champika Ranawaka | චම්පික රණවක
Share on FacebookShare on Twitter

විදුලි බිල ඉහළ දැමීම සමාජ සාධාරණත්ව මූලධර්මය උල්ලංඝණය කරන්නක් බවත් විදුලිබල මණ්ඩලයේ පවත්නා අකාර්යක්ෂමතාව කෙරෙහි කිසිදු සැළකිල්ලක් නොදක්වමින් මණ්ඩලයේ දුර්වලතා කෙළින්ම ජනතාව මත පැටවීමට ආණ්ඩුව ක්‍රියා කර ඇති බවත් 43 සේනාංක නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

මේ පිළිබඳව පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් චම්පික රණවක මනත්‍රිවරයා මෙසේද පැවසීය.

“විදුලි බිල වැඩි කිරීමට අනුව ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා සමස්තයක් හැටියට 95% කින්/ දෙගුණයකින් පමණ විදුලි බිල වැඩි වීමට නියමිතය. ඒකක 30 ට අඩු ඒ කියන්නේ ඉතාමත්ම අඩුවෙන් විදුලිය පාවිච්චි කරන කණ්ඩායම් සඳහා ඒක 264% පමණ ප්‍රමාණයක්. ඒ වගේම ඒකක 180 ට වැඩියෙන් ඉහළ ගණයේ විදුලි පාරිභෝගිකයන් සඳහා 75% ක පමණ වැඩිවීමක්. වාණිජ ස්ථාන සඳහා වැඩිවීම 37% ක්. කර්මාන්ත සඳහා 86% ක්, හෝටල් වලට 67% ක්, ආණ්ඩුවේ ආයතන සඳහා 90% ක්, ආගමික මධ්‍යස්ථාන සඳහා වැඩිවීම 489% ක් හැටියට නම් වෙලා තිබෙනවා. මේක තමයි දැනට ඉදිරිපත් වෙලා තිබෙන සූත්‍රය.

මේ ගැන කියන්න තියෙන්නේ වසර 10 කින් පමණ විදුලි බිල වැඩි වෙලා නැහැ. විදුලිබල මණ්ඩලය ඉන්ධන මිල ඉහළ යාම ආදිය නිසා පාඩු ලබන බව ඇත්තක්. නමුත් මේ මේ සඳහා මහජන උපයෝගිතා කොමිසම රැස් කරපු අවස්ථාවේදීත් මං බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා මේ මිල වැඩිවීම තීරණය කිරීමේදී එක සමාජ සාධාරණත්වයේ මූලධර්ම පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන අය මේ සමාජයට කරන්නේ ලොකු සේවයක්. අද තියෙන විදුලි ඉල්ලුමත් එක්ක බැලුවහම වැඩි ඉල්ලුම තියෙන අය පාලනය වෙන විදියට වැඩි ඉල්ලුම තියෙන අයට බර තබන විදුලි වැඩිවීමක් සිදු කරන්න කියන එක.

අද ආර්ථික අර්බුදය හමුවේ විදුලි ඉල්ලුම ඉතා බරපතල විදිහට කඩා වැටිලා තියෙනවා. ඇත්තටම මේ වර්ෂා සහගත තත්වයත් එක්ක ගල් අඟුරු සහ ජල විදුලියෙන් පමණක් විදුලි සැපයුම ලබා දෙන්න පුළුවන් මට්ටමකට 20% – 25% ක් අතර ප්‍රමාණයකින් විදුලි ඉල්ලීමේ කඩාවැටීමක් අපිට පේන්න තියෙනවා. මේ තත්ත්වය යටතේ ඒ කඩා වැටීමට හේතු වෙලා තියෙන්නේ කර්මාන්ත හා සේවා ක්ෂේත්‍රවල ඇතිව තියෙන ආර්ථික ගරා වැටීම. දැන් මේ විදිහට මේ කර්මාන්ත සඳහා 86% කින් මේක වැඩි කළාට පස්සේ ඒ ක්ෂේත්‍රවලට ඉතාම බරපතල ප්‍රශ්ණයක් උදාවෙනවාට සැකයක් නැහැ මේක. ඉතින් ඒ නිසා මේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඒක එච්චර යුක්ති සහගත තත්වයක් වෙන්නේ නැහැ.

වැදගත්ම කාරණය තමයි විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතා කඩඉම විදුලිබල මණ්ඩලයේ පවතින අකාර්යක්ෂමතාවය, දූෂණය වැනි කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය මූලික ඇගයීම් පද්ධතියකින් තොරව විදුලිබල මණ්ඩලයේ සියලුම වියදම් ජනතාව මත පැටවීම යුක්ති සහගත වෙන්නේ නැහැ. ඒ නිසා විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතා කඩඉම් වලට සමානව තමයි ඒක සිදු කළ යුත්තේ. අපි 2015 දි අවසාන වතාවට ලංකා විදුලිබල මණ්ඩලය ලාභ උපයන ස්ථානයක් බවට පත්කළා. විදුලි බිල සඳහා මාස හයෙන් හයට විධිමත් මිල සූත්‍රයක් හඳුන්වා දීමක් කළා. ඒක ක්‍රියාත්මක කළේ නෑ. ඉතින් ඒ නිසා මේ අවස්ථාව විධිමත් මිල සූත්‍රයකට අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතා කඩඉම සකස් කර ගනිමින් මේ කටයුත්ත කරන්න. ඒ සඳහා දැනටමත් අවශ්‍ය කරන ඒ කාර්යක්ෂමතා කඩයිම්, අපි අඳුන්වලා දීලා තියෙනවා විදුලිබල මණ්ඩලයට 2015 දි. ඒ අනුව, ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි නැත්නම් මේ විදුලිබල මණ්ඩලයේ සියලුම අකාර්යක්ෂමතාවයන්, දූෂණයන් ජනතාව පිට පැටවීම තමයි මේ ආකාරයට සිදුවන්නේ.”

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

ආයුධ පෙන්වන්න යද්දි ගල්කොරියෙන් වැටී මළේ මුල්ලේරියා පොහොට්ටු මන්ත්‍රීගේ  සැබෑ ඝාතකයා නොවන බව හෙළි වේ!

Next Post

තලේබාන් පාලනයෙන් අපරාධ වැඩි වූ ඇෆ්ගනිස්ථානය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.