බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාව ලෙඩ වුණු හේතුව විශේෂඥ වෛද්‍යවරු කියති!

කළ යුතු ප්‍රතිකාරත් පෙන්වති

by Lankasara News
අප්‍රේල් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතාමත් දුර්වල දේශපාලන හා බුද්ධිමය පසුබිමක් ඇති පුද්ගලයන් විසින් මෙම රජයට දුන් උපදෙස් හරහා ශ්‍රි ලංකාව අද මුහුණ දී ඇති අර්බුදය නිර්මාණය වී ඇති බවත් මේ තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ සියලුම සාමාජිකයන්ගේ උපදෙස් හා යෝජනා ලබා ගැනීම මගින් ඉතා ප්‍රජාතාන්ත්‍රික ලෙස මෙම අර්බුදය හමුවේ විසඳුම් සෙවීම ඉතා වැදගත් බවත් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට අවධාරණය කරයි.

පවතින තත්ත්වය පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසන ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ හේතුවෙන් රටේ ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් පවා සැපයීමට රජයට නොහැකි තත්ත්වයක් උදාවීම අතිශය කනගාටුදායක කරුණක් බවද සඳහන් කරයි.

දැනට රටේ පවතින ප්‍රධාන අර්බුදය ආර්ථික මෙන්ම මූල්‍යමය අර්බුදයක් වන බැවින් දේශිය සහ විදේශීය වෙළඳාම පිළිබඳ විශේෂඥ දැනුම ඇති අවංක, කාර්යක්ෂම කමිටුවක් විසදුම් සෙවීම සදහා පත් වහාම පත් කරන ලෙසද ඉල්ලලා සිටින එම සංගමය මෙලෙස පත් කෙරෙන කමිටුව කඩිනම් අධ්‍යනයක යෙදි විධිමත් යෝජනා ඉදිරිපත් කර දැනට රටේ සියලුම කොටස් මුහුණ පා සිටින මෙම දැඩි අර්බුදයෙන් ගැලවීම සඳහා කටයුතු කිරීම මේ අවස්ථාවේදී ඉතාම අත්‍යවශ්‍ය දෙයක් බව ද පෙන්වා දෙයි.

සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සහ ලෙකම් විශෙෂඥ වෛද්‍ය ආර් ඥාණසේකරම් විසින් නිතු් කරන ලද සම්පූර්ණ මාද්‍ය නිවේදනය මෙසේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

“ශ්‍රී ලංකාව නිදහසෙන් පසු අත්විදින විශාලම ආර්ථික අවපාතය මේ අවස්ථාවේ දී අත්විදිමින් සිටින බව, දීර්ඝ විදුලි කප්පාදු කිරීම්, ගෘහස්ථ ගෑස්, ඛනිජ තෙල් මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හිගය මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල ඉතා විශාල ලෙස වැඩි වීම වැනි කරුණු වලින් පැහැදිලි වන අතර එය දුර්වල රාජ්‍යය පාලනයේ අතුරු ඵලයක් බව ඉතා පැහැදිලි කරුණකි.

තමන්ගේ දේශපාලන මතිමතාන්තර අතහැර රට වැසියන් ලෙසින් එක්ව පල කරන විරෝධතා, මෙම ප්‍රශ්නයට ඉක්මන් විසදුම් සෙවීමට රජයට කරන දැඩි බලපෑම මනාව පිළිබිඹු කරයි. මෙම ක්‍රියාවලිය යම්කිසි රාජ්‍ය විරෝධී හෝ අන්තගාමී කොටස්වල ක්‍රියාවක් ලෙස රජය විසින් හුවා දැක්වීම අප දැඩි පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරමු. මෙම රජය මෙහෙයවනු ලබන්නේ දේශපාලනමය වශයෙන් පරිණත නොවූ ඉතා සුළු පුද්ගලයින් සංඛ්‍යාවක් විසින් බව අපට පැහැදිලිය. මෙවැනි සාමකාමි විරෝධතා බිඳ දැමීමට රජය හදිසි නීතිය පැනවීම හරහා සිදු කරන ක්‍රියාවලිය අප අනුමත නොකරන්නේ මෙවන් අවස්ථාවලදී එම විරෝධතා සඳහා මහජනයාට ඉතා සාධාරණ අයිතියක් ඇති බැවිනි.

අප ඉතා දැඩි ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ සියලුම සාමාජිකයන්ගේ උපදෙස් හා යෝජනා ලබා ගැනීම මගින් ඉතා ප්‍රජාතාන්ත්‍රික ලෙස මෙම අර්බුදය හමුවේ විසඳුම් සෙවීම ඉතා වැදගත් බවත්, ඉතාමත් දුර්වල දේශපාලන හා බුද්ධිමය පසුබිමක් ඇති පුද්ගලයන් විසින් මෙම රජයට දුන් උපදෙස් හරහා මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවත්ය. මේ හේතුවෙන් රටේ ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් පවා සැපයීමට රජයට නොහැකි තත්ත්වයක් උදාවීම අතිශය කනගාටුදායක කරුණකි .

දැනට පවතින ප්‍රධාන අර්බුදය ආර්ථික මෙන්ම මූල්‍යමය වන එකක් බැවින් අප යෝජනා කරන්නේ මෙම කරුණු පිළිබඳව මෙන්ම දේශිය සහ විදේශීය වෙළඳාම පිළිබඳ විශේෂඥ දැනුම ඇති අවංක, කාර්‍යක්ෂම කමිටුවක් විසදුම් සෙවීම සදහා පත් කිරීම වැදගත් බවයි. මේ සඳහා මෙම කමිටුව කඩිනම් අධ්‍යනයක යෙදීම වැදගත් වන අතර එමගින් විධිමත් යෝජනා ඉදිරිපත් කර දැනට රටේ සියලුම කොටස් මුහුණ පා සිටින මෙම දැඩි අර්බුදයෙන් ගැලවීම සඳහා කටයුතු කිරීම මේ අවස්ථාවේදී ඉතාම අත්‍යවශ්‍ය දෙයකි. රජය විසින් සත්භාවයෙන් ආරාධනා කරන්නේ නම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම විවිධ වෘත්තිකයන්ද මෙම අවස්ථාවේදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන බව අපගේ හැඟීමයි.

Share69Tweet43
Previous Post

විශාල විරෝධතාකරුවන්  පිරිසක් මහ රෑ ජනාධිපති කාර්යාලයට සහ අරලියගහ මන්දිරයට…

Next Post

මිනිස්සු ඊයේ රෑ යළිත් ඥානක්කාගේ දේවාලය වටකරති…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.